July 27, 2024
Waffle Boy ජාතික කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන දිනයි
පුවත්

Waffle Boy ජාතික කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන දිනයි

Dec 9, 2023

ආහාරයට ගත හැකි ඇසුරුම් නිෂ්පාදනයේ පුරෝගාමියෙකු වන Waffle Boy කාර්මික සංවර්ධන අධිකාරිය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීය. චතුරංග කාරියවසම් මහතා Waffle Cones කල් ඉකුත් වීමට නොදී දිගු කාලයක් තබා ගැනීම පිළිබඳව 2011දී සිය මවගේ මුළුතැන්ගෙය තුළ සිදු කළ අත් හදා බැලීමක ප්‍රතිඵලයක් ලෙස බිහි වූ Waffle Boy පසුගිය වසර කිහිපය තුළ විශාල දියුණුවක් ලබා තිබේ. ආහාරයට ගත හැකි කෝප්ප, හැඳි ගෑරුප්පු, පරිසර හිතකාමී පිඟන්, පොහොර සහිත වැවිලි බඳුන්, විවිධ හැඩවලින් යුතු ටාට් වර්ග, ආහාරයට ගත හැකි පලතුරු කොක්ටේල් සහ ක්ෂණික ෆ්‍රයිඩ් රයිස් වැනි කැපී පෙනෙන නිෂ්පාදන රැසක් Waffle Boy වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.

“ප්ලාස්ටික් බඳුනක ප්ලාස්ටික් හැන්දක් සමඟ අයිස් ක්‍රීම් පිළිගන්වලා තියෙනවා දකින්න ලැබුණු මොහොතක තමයි මට ආහාරයට ගත හැකි බඳුන් ගැන අදහසක් ඇති වුණේ. ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කරන්න තියෙන හොඳම විසඳුම එය කියලා මට මතක් වුණා.” චතුරංග කාරියවසම් මහතා පැවසීය.

ඉතා කෙටි කාලයකින් හොඳම නවෝත්පාදනය සහ හොඳම ව්‍යවසායකයා වැනි දෙස් විදෙස් සම්මාන 12කට වැඩි සංඛ්‍යාවක් ඔහු දිනා ඇත. 2015දී Waffle Boy කර්මාන්තශාලාවට ISO 22000, GMP සහ HACCP යන ප්‍රමිති සහතික හිමි විය. වර්තමානයේදී රැකියා අවස්ථා 30ක් පමණ සපයා ඇති Waffle Boy නිර්මාතෘ චතුරංග කාරියවසම් මහතා මෙම සම්මානය දිනා ගැනීම උදෙසා කැපවීමෙන් කටයුතු කළ කාර්යය මණ්ඩලයට ප්‍රණාමය පුද කළේය. ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ඉදිරියේදී Waffle Boy ගෝලීය සන්නාමයක් බවට පත් කිරීමටත්, සිය නිෂ්පාදන වැඩි වැඩියෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළට සැපයීමටත් බලාපොරොත්තු වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *