July 27, 2024
Southern Ceramics කර්මාන්ත විශිෂ්ටතාරිදී සම්මාන දිනයි
පුවත්

Southern Ceramics කර්මාන්ත විශිෂ්ටතාරිදී සම්මාන දිනයි

Dec 9, 2023

මෙරට ප්‍රමුඛ පෙළේ සෙරමික් භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන Southern Ceramics කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා – 2023 සම්මාන උළෙලේ කළුගල්, ටයිල්, මැටි භාණ්ඩ සහ සෙරමික් ඛාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවති සම්මාන උළෙලට කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

1995දී ඇරඹූ Southern Ceramics සමාගම ප්‍රසාද් නරතොට, ශානුක නරතොට සහ මුතුලි මෙන්ඩිස් යන අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ. කෝප්ප, පිඟන්, සනීපාරක්ෂක භාණ්ඩ සහ විසිතුරු භාණ්ඩ වැනි පුළුල් පරාසයක විහිදුණු ඉස්තරම් සෙරමික් භාණ්ඩ නිෂ්පාදනය කරන Southern Ceramics සමාගම දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විශාල ප්‍රසිද්ධියක් උසුලයි. හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පිහිටි එකම සෙරමික් භාණ්ඩ නිෂ්පාදන සමාගමද වන Southern Ceramics සමාගමේ 50කට වැඩි පිරිසක් සේවය කරති.

මීට පෙරද Southern Ceramics සමාගම දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ. 2001, 2002 සහ 2003 වසරවල හම්බන්තොට, ගාල්ල සහ මාතර දිස්ත්‍රික් වාණිජ මණ්ඩලවල සහයෝගය ඇතිව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සංවිධානය කළ සම්මාන උළෙලවලදී කාර්මික නිෂ්පාදන සහ සැහැල්ලු ඉංජිනේරු ඛාණ්ඩයේ හොඳම ව්‍යවසායකයා සම්මානය දිනා ගැනීමට ඔවුන්ට හැකි විය. එසේම 2022 ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ ඛණිජ සහ ආශ්‍රිත කර්මාන්ත අංශයේ (සුළු පරිමාණ) පළාත් මට්ටමේ දෙවැනි ස්ථානය දිනා ගැනීමටද ඔවුන්ට හැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *