July 27, 2024
සිත්මා ඇසෝසියේට්ස් ජාතික කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන දිනයි
පුවත්

සිත්මා ඇසෝසියේට්ස් ජාතික කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මාන දිනයි

Dec 9, 2023

මෙරට ප්‍රමුඛ පෙළේ මුද්‍රණ සහ ඇසුරුම් නිෂ්පාදන සමාගමක් වන සිත්මා ඇසෝසියේට්ස් පෙෳද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙලේ මධ්‍ය පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ පැවති සම්මාන උළෙලේදී සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ හරේන්ද්‍ර ගනේවත්ත, ප්‍රධාන මූල්‍ය නිලධාරී රොමේෂ් එෂාන් සහ අලෙවි ප්‍රධානී දිලුක් ප්‍රශාද් සම්මානය ලබා ගත්හ.

1995දී මුද්‍රණ යන්ත්‍ර දෙකක් පමණක් සහිත කුඩා ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ සිත්මා ඇසෝසියේට්ස් වර්තමානයේදී සිය පාරිභෝගිකයන්ගේ සුවිශේෂ අවශ්‍යතා සඳහා වඩාත් සුදුසු, තත්ත්වයෙන් හා ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන සහ සේවා සපයන මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් බවට පත් වී තිබේ. මේ වන විට 100කට ආසන්න සේවක පිරිසක් සහිත සිත්මා ඇසෝසියේට්ස් සුප්‍රසිද්ධ සන්නාම 500කට අධික ප්‍රමාණයක් සමඟ උපායමාර්ගික සහයෝගීතා ගිවිසුම් ඇති කර ගෙන තිබේ. ඇසුරුම්කරණය සහ වාණිජ මුද්‍රණ කටයුතු සම්බන්ධයෙන් කීර්තියක් උසුලන එම සමාගම මේ වන විට යූ.වී. ප්‍රින්ටින්, හොට් ස්ටෑම්ප් ෆොයිලින්, ලැමිනේටින්, වින්ඩෝ පැචින්, ඩයි කටින්, පේස්ටින් සහ ෆිනිෂින් වැනි අංශ ගණනාවකට අයත් සේවා සපයයි.

තේ, ඇඟළුම් නිෂ්පාදන, රූපලාවණ්‍ය නිෂ්පාදන, මත්පැන්, කිරි ආශ්‍රිත නිෂ්පාදන, සහ ඖෂධ වැනි පුළුල් පරාසයක විහිදී ඇති නිෂ්පාදන රැසකට සිත්මා ඇසෝසියේට්ස් ඇසුරුම්කරණ විසඳුම් සපයන අතර සඟරා, සටහන් හා කොෆි ටේබල් පොත්,  දින දර්ශන සහ වාර්ෂික වාර්තා වැනි දෑ ඔවුන්ගේ මුද්‍රණ නිෂ්පාදන අතර වේ. පසුගිය කාලය පුරා දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් සම්මාන සහ ඇගයීම් රැසකින් පිදුම් ලබා ඇති සිත්මා ඇසෝසියේට්ස් ISO 9001:2015 ඇතුළු දේශීය සහ විදේශීය තත්ත්ව සහතික රැසක්ද ලබා ඇත. සිත්මා ඇසෝසියේට්ස් අනාගත පරම්පරාව සඳහා වනාන්තර සුරැකීම වෙනුවෙන් පිහිටුවා ඇති Forest Stewardship Council හි සාමාජිකත්වයද දරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *