July 27, 2024
SLT-MOBITEL, eTeleshop වෙබ් අඩවිය BestWeb.LK සම්මානයෙන් පිදුම් ලබයි
පුවත්

SLT-MOBITEL, eTeleshop වෙබ් අඩවිය BestWeb.LK සම්මානයෙන් පිදුම් ලබයි

Aug 30, 2023

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, eTeleshop වෙබ් අඩවිය (https://eteleshop.slt.lk/), 2023 BestWeb.LK සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම විද්‍යුත්-වාණිජ වෙබ් අඩවි’ කාණ්ඩය යටතේ සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම සම්මාන උළෙල පසුගියදා Monarch Imperial හෝටලයේදී පැවැත්විණි.

මෙම සම්මානය,ඩිජිටල් අවකාශය තුළ පරිශීලක අත්දැකීම් හා නවෝත්පාදන විශිෂ්ටත්වය කරා රැගෙන යාමට වෙබ් අඩවිය සතු කැපවීම ඉස්මතු කරයි. එමෙන්ම ස්වාධීන වෙබ් අඩවියක් බවට පත්වීමෙන් අනතුරුව වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ SLT-MOBITEL eTeleshop අත්කරගෙන ඇති සාර්ථකත්වයට මෙම සම්මානය සාක්ෂි දරයි.  

LK Domain Registry මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන BestWeb.LK සම්මාන උළෙල, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෙබ් අඩවි සම්මාන උළෙලක් ලෙස සැලකේ. දේශීය වෙබ් අඩවිවල ගුණාත්මකභාවය, යොදාගනු ලබන තාක්ෂණය, භාවිතා කිරීමේ පහසුව සහ ආරක්ෂාව යනාදී අංශ වැඩි දියුණු කිරීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණයි. වසර 13 ක් සාර්ථකව පවත්වා ඇති මෙම සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තෝරාගනු ලබන්නේ, තාක්ෂණය හා සැලසුම, අන්තර්ගතය, පරිශීලක අන්තර්ක්‍රියාකාරීත්වය, ජංගම දුරකථන භාවිතයෙන් පිවිසීමේ හැකියාව, පරිශීලකයන් කළමනාකරණය කරගැනීමේ හැකියාව ඇතුළු සාධක රැසක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ය. විශිෂ්ටතම වෙබ් අඩවි පමණක් ඇගයීමට ලක්වන බව තහවුරු කරගැනීම සඳහා, විධිවිධාන උල්ලංඝනය කිරීම සහ වැරදි ක්‍රමවේද භාවිතා කිරීම ආදිය වෙනුවෙන් දඬුවම් ලකුණු නියම කෙරේ.

SLT-MOBITEL eTeleshop යනු පාරිභෝගිකයන්ට ගුණාත්මක හා විශිෂ්ට පාරිභෝගික සේවාවක අත්දැකීම සමගින් ඉතාමත් පහසුවෙන් දුරකථන සන්නිවේදන උපාංග සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ මිලදී ගැනීමට හැකිවන ආකාරයට සලසුම් කළ වෙබ් අඩවියකි. මෙම ජයග්‍රහණය තුළින් පන්නරය ලබමින්, SLT-MOBITEL eTeleshop හරහා ලබාදෙන සේවා තවදුරටත් පුළුල් කිරීමට SLT-MOBITEL බලාපොරොත්තු වෙයි.

වසර 18 කට අධික ඉතිහාසයක් සහිත eteleshop.slt.lk ශ්‍රී ලංකාවේ පැරණිතම වෙබ් අඩවිවලින් එකකි. 2019 වසර දක්වාම SLT ආයතනික වෙබ් අඩවියේ කොටසක් ලෙස ක්‍රියාත්මක වූ වෙබ් අඩවිය, එම වසරේ සිට ස්වාධීන වෙබ් අඩවියක් බවට පත් විය.

පසුගිය වසර හතරක කාලය තුළ එය මූලික වශයෙන් දුරකථන සන්නිවේදන උපකරණ සහ පෞද්ගලික ඉලෙක්ට්‍රොනික උපාංග අලෙවිසැලක් ලෙස ක්‍රියාත්මක වී ඇති අතර, මසකට එය භාවිතාකරන පරිශීලක සංඛ්‍යාව 50,000 කට අධික ය. SLT-MOBITEL පාරිභෝගිකයන්ට මෙන්ම අනෙකුත් පාරිභෝගිකයන්ට ඉන් Wi-Fi උපාංග, දුරකථන, power backups උපාංග, powerline උපකරණ, අන්තර්ජාල ආරක්ෂක නිෂ්පාදන ඇතුළු උපකරණ හා උපාංග රාශියක් මිලදී ගත හැකි වේ.

එමෙන්ම මෙම වෙබ් අඩවිය තුළ අලෙවිකරුවන් රැසකට වෙනම විද්‍යුත්-අලෙවිසැල් පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දී ඇත. විද්‍යුත් වාණිජ වෙබ් අඩවිවලට අදාළ ඉහළම තලයේ ප්‍රමිතීන්ට අනුකූල විශේෂාංග රැසක් මීට ඇතුළත් වී ඇති අතර, SLT-MOBITEL eTeleshop වෙතින් මිලදී ගන්නා සියලුම උපාංග සඳහා වගකීම සමග අලෙවියෙන් පසු සේවාව ද හිමි වේ.

ආරම්භයේ සිට මේ දක්වා කෙටි කාලයක් තුළ ස්වාධීන වෙබ් අඩවියක් වශයෙන් විශාල දියුණුවක් අත්කර ගැනීමට SLT-MOBITEL eTeleshop සමත් වී ඇත. මේ ආකාරයට 2023 BestWeb.LK සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් හිමි වීම, එම සාර්ථකත්වය මෙන්ම ඊට පිටුබලය ලබාදුන් SLT-MOBITEL කණ්ඩායමේ කැපවීම වෙනුවෙන් ලැබුණු ඇගයීමක් ලෙස හැඳින්විය හැකි වේ.

4 Comments

  • Perfectly written content, Really enjoyed reading through.

  • Very good info can be found on site.Raise your business

  • Great post. I am facing a couple of these problems.

  • I believe this website holds some very fantastic information for everyone. “He who has not looked on Sorrow will never see Joy.” by Kahlil Gibran.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *