July 27, 2024
ඩබ්. ජී. ධර්මරත්න ජුවලර්ස් ජාතික කර්මාන්ත විශිෂ්ටතා ලෝකඩ සම්මානයෙන් පිදුම් ලබයි
පුවත්

ඩබ්. ජී. ධර්මරත්න ජුවලර්ස් ජාතික කර්මාන්ත විශිෂ්ටතා ලෝකඩ සම්මානයෙන් පිදුම් ලබයි

Jan 11, 2024

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසනීය කීර්ති නාමයක් දිනා සිටින මාතර ඩබ්. ජී. ධර්මරත්න ජුවලර්ස් ආයතනය කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවති සම්මාන උළෙලේදී මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ කුඩා පරිමාණ අංශයේ ජාතික මට්ටමේ ලෝකඩ පදක්කම ඩබ්. ජී. ධර්මරත්න ජුවලර්ස් කළමනාකාර අධ්‍යක්ෂ ඩබ්. ජී. ධර්මරත්න මහතා වෙත පිරිනමන ලදී.

ධර්මරත්න මහතා සිය පියාගෙන් ලැබූ ව්‍යාපාර දැනුම හා නිර්මාණශීලීත්වය ඔස්සේ 1930දී ඇරඹූ ස්වර්ණාභරණ නිෂ්පාදන ව්‍යාපාරය ආයතනික විශ්වාසය අඛණ්ඩව සුරකිමින් සිය දරුවන් සමග තෙවන පරම්පරාව දක්වා රැගෙන එමින් කලාත්මක විලාසිතාවලින් අනූන ස්වර්ණාභරණ පාරිභෝගිකයන්ට පිරිනමයි. ප්‍රධාන ශාකාව අංක 22, ශාන්ත තෝමස් මාවත, මාතර ලිපිනයේ පිහිටා ඇති අතර අංක 101 A, ගාලු පාර, ගල්කිස්ස ලිපිනයේද ශාකාවක් පිහිටා ඇත. රන්, රිදී, සුදු රත්රන්, දියමන්ති, මැණික් ආදී සියලුම ආභරණ නිෂ්පාදනයේ පුරෝගාමියෙකු වන මාතර ඩබ්. ජී. ධර්මරත්න ජුවලර්ස් ඉදිරියේදී සිය නිෂ්පාදන විදේශවලටද අපනයනය කිරීමට අපේක්ෂා කරයි. ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන රැසක් ඩබ්. ජී. ධර්මරත්න ජුවලර්ස් වෙත හිමි වී ඇත. මාල, මුදු, වළලු, කරාබු, පෙන්ඩන්ට්, බ්‍රේස්ලට් ආදී සියලුම ස්වර්ණාභරණ පරම්පරාගත විශ්වාසයකින් මිල දී ගැනීමට දකුණේ බොහෝ දෙනා තම ආයතනයට පැමිණෙන බව ඩබ්. ජී. ධර්මරත්න මහතා පවසයි. එමෙන්ම තම ආයතනය ශ්‍රී ලංකා ජාතික ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රමිති සහතිකය සමග ඉහළම ප්‍රමිතියේ ස්වර්ණාභරණ පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන බවද ඒ මහතා පැවසීය. “මේ ජයග්‍රහණය අපගේ පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය තව දුරටත් තහවුරු කරනවා. මේ සඳහා දායකත්වය දැක් වූ කාර්ය මණ්ඩලයටත්, දශක ගණනාවක් අප සමග ගනුදෙනු කළ සියලු ගනුදෙනුකාර භවතුන්ටත් ස්තූතිය පුද කරනවා.” ධර්මරත්න මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *