July 27, 2024
UP Electronic Enterprises ජාතික කර්මාන්ත විශිෂ්ටතා ලෝකඩ සම්මාන දිනයි
පුවත්

UP Electronic Enterprises ජාතික කර්මාන්ත විශිෂ්ටතා ලෝකඩ සම්මාන දිනයි

Jan 11, 2024

මෙරට ප්‍රමුඛ පෙළේ විදුලි ඉංජිනේරු සේවා සැපයුම්කරුවෙකු වන UP Electronic Enterprises පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පසු ගිය දා පැවති සම්මාන උළෙලේදී ආයතනයේ හිමිකරු වන උපුල් ගුණරත්න ජයතිලක මහතා වෙත සම්මානය පිරිනමන ලදී. අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයෙන් ජාතික තාක්ෂණ ඩිප්ලෝමාව ලැබූ ජයතිලක මහතා 1975 සිට 1985 දක්වා පුරා වසර දහයක් ලංකා විදුලි බල මණ්ඩලයට අනුයුක්තව විදුලි අධිකාරිවරයෙකු වශයෙන් සේවය කළේය. 1983 වසරේදී ඔහු ආරම්භ කළ UP Electrical Enterprises සමාගම වසර 40කට වැඩි කාලයක් පුරා ලංකා විදුලි බල මණ්ඩලයද ඇතුළු ප්‍රධාන පෙළේ රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් රැසකට විදුලි ඉංජිනේරු සේවා සපයා තිබේ.

අංක 3/12, පල්ලිය පාර, නුගේගොඩ ලිපිනයේ පිහිටි UP Electrical Enterprises සමාගම 15කට ආසන්න පිරිසකට රැකියා අවස්ථා සපයා ඇත. මධ්‍යම පරිමාණයේ විදුලි ට්‍රාන්ස්ෆෝමර්, බැටරි චාර්ජර් සහ විදුලි සැපයුම් පද්ධති වැනි බොහෝ දෑ එම සමාගමේ  නිෂ්පාදන අතර වේ. ඊට අමතරව එම සමාගම ජපානය සහ අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලින් ආනයනය කරන විදුලි උපකරණ සඳහා මෙරට අනුමත වෝල්ටීයතාවලට ගැළපෙන ට්‍රාන්ස්ෆෝමර් නිෂ්පාදනය කරයි. පසුගිය දශක කිහිපය පුරා සම්මාන රැසකින් පිදුම් ලබා ඇති UP Electronic Enterprises සමාගම ඉදිරියේදී සිය සේවා පුළුල් කිරීම සඳහා සැළසුම් ගණනාවක් සකස් කර තිබේ. එවැනි පසුබිමක ජාතික මට්ටමේ සම්මාන උළෙලකදී සම්මානයක් දිනා ගැනීමට ලැබීම ආඩම්බරයට කරුණක් බව ජයතිලක මහතා සඳහන් කළේය.

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *