ඩිජිටල් යුගයේ තාරුණ්‍ය ආරක්ෂා කරගැනීමට කළ හැකි දේ

යෞවනයන් සහ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳව කතා කිරීමේදී බොහෝ දෙනා යෝජනා කරන පහසුම විසඳුම වන්නේ එය සහමුලින්ම තහනම් කිරීම හෝ ඔවුන්ගෙන් ඈත් කර තැබීමයි. ඩිජිටල් අවකාශය තුළ යෞවනයන් මුහුණ දෙන අවදානම සැබෑවක් වුවද, වර්තමාන තාරුණ්‍යයේ සැබෑ ජීවිතය සහ අන්තර්ජාල ජීවිතය අතර පැහැදිලි සීමාවක් නොමැත.
ඔවුන්ගේ මිත්‍රත්වයන්, රුචිකත්වයන්, අනන්‍යතාවයන් මෙන්ම මානසික සෞඛ්‍යය පිළිබඳ සංවාද පවා ගොඩනැඟෙන්නේ අන්තර්ජාලය කේන්ද්‍ර කරගනිමිනි. එබැවින්, අප ඇසිය යුත්තේ යෞවනයන් අන්තර්ජාලය භාවිතා කළ යුතුද නැද්ද යන්න නොව, ඔවුන් වෙනුවෙන් අප ගොඩනඟන්නේ කෙබඳු ඩිජිටල් ලෝකයක්ද යන්නයි. 2026 ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාව වන ”සැබෑ අත්දැකීම්වලට සවන් දෙමු – සැබෑ වෙනසක් කරමු” යන්න මඟින් ද අවධාරණය කරන්නේ තීරණ ගැනීමේදී තරුණ පරපුරේ හඬට සැබෑ ලෙසම සවන් දිය යුතු බවයි.
සීමා පැනවීම වෙනුවට, ඔවුන්ට සුදුසු නිදහසක් මෙන්ම ස්වයංව අවදානම් හඳුනාගත හැකි පරිසරයක් සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ආචාර්ය අවන්ති ජයසිංහ මහත්මියට අනුව, ඩිජිටල් ආරක්ෂාව ප්‍රධාන අංශ 4ක් ඔස්සේ ක්‍රියාත්මක විය යුතුය.
1. ආරක්ෂාව යනු ආරම්භක පියවර මිස පසුව සෙවිය යුත්තක් නොවේ තාක්ෂණික මෙවලම් භාවිතයේදී සියලුම රහස්‍යතා සැකසුම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේ බර සම්පූර්ණයෙන්ම යෞවනයන් මත පැටවිය නොහැක. උදාහරණයක් ලෙස, TikTok වැනි වේදිකාවන් වයස අවුරුදු 18ට අඩු පරිශීලකයින් සඳහා ආරක්ෂක විශේෂාංග 50කට වඩා ස්වයංක්‍රීයවම සක්‍රිය කර ඇත.
● වයස අවුරුදු 16ට අඩු අයට සෘජු පණිවිඩ එවීම තහනම් වේ.
● වයස අවුරුදු 18ට අඩු අය සඳහා දිනකට මිනිත්තු 60ක තිර කාලයක් ස්වයංක්‍රීයවම වෙන් කර ඇත. ආරක්ෂක සැකසුම් මෙනු කිහිපයක් ඇතුළත සඟවා තිබේ නම්, එයින් වඩාත්ම ආරක්ෂා විය යුතු නව යොවුන් දරුවා එය කිසිදිනක සොයා නොගනු ඇත. එබැවින්, වේදිකාවන් විසින්ම මූලික ආරක්ෂාව සලසා දීම අත්‍යවශ්‍ය වේ.
2. තරුණ පරපුර ආරක්ෂා කිරීම යනු ඔවුන්ව කොන් කිරීම නොවේ ආරක්ෂාව සහ සීමා කිරීම යනු එකක් නොවේ. නව යොවුන් වියේ පසුවන්නන් සහජයෙන්ම සීමාවන් උරගා බැලීමට, තහනම් දේ සෙවීමට සහ විවිධ අත්හදා බැලීම් කිරීමට පෙලඹෙති. එබැවින්, ඔවුන් හැමවිටම නිවැරදි තේරීමක් කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක. මීට විසඳුමක් ලෙස, පද්ධතිය විසින් සපයන ආරක්ෂාවට අමතරව, දෙමාපියන්ට Family Pairing වැනි සේවාවන් හරහා දරුවාගේ තිර කාලය සහ අන්තර්ගතයන් කළමනාකරණය කළ හැකිය. එසේම, දරුවන්ට තමන්ට අවශ්‍ය දේ තෝරා ගැනීමට Smart Keyword Filtering වැනි මෙවලම් ද ලබා දී ඇත. මෙය වේදිකාව, දෙමාපියන් සහ යෞවනයන් යන පාර්ශව තුනම එකතු වී දරුවාට ස්වාධීනත්වය මෙන්ම ආරක්ෂාවද ලබා දෙන ක්රමවේදයකි.
3. මානසික සුවතාවය යනු මිනිත්තු ගණන් කිරීම පමණක් නොවේ ඩිජිටල් යහපැවැත්මේදීතිරය දෙස බලා සිටින කාලය මෙන්ම, ඔවුන් ගත කරන කාලයේ ගුණාත්මකභාවය ද වැදගත් වේ. එකම කාලය තුළ එක් දරුවෙකු අලුත් දෙයක් ඉගෙන ගන්නා අතර, තවත් දරුවෙකු තමන්ව අන් අය සමඟ සසඳමින් මානසිකව ඇද වැටිය හැකිය. මේ වෙනුවෙන් රාත්‍රී 10න් පසු ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වන විවේක ගැනීමේ (Wind-down) පණිවිඩ සහ භාවනා උපදේශන (Guided Meditation) වැනි කුඩා මැදිහත්වීම් TikTok වැනි ආයතන විසින් හඳුන්වා දී ඇත. තාක්ෂණික සමාගම් හුදෙක් පරිශීලක ආකර්ෂණය පමණක් නොව, එම පරිසරයේ ගුණාත්මකභාවය පිළිබඳව ද වගකීමක් ගත යුතු බව මින් පැහැදිලි වේ.
4. තරුණ පරපුරේ දායකත්වයෙන් තොරව ආරක්ෂාව සැලසිය නොහැක අවසාන වශයෙන්, ඩිජිටල් ආරක්ෂණ පද්ධති සැලසුම් කිරීමේදී යෞවනයන්ගේ සැබෑ ජීවන අත්දැකීම් සහ ඔවුන්ගේ හඬ සෘජුවම දායක කරගත යුතුය. එහිදී වැඩිහිටියන් තමන්ගේ අතීත නව යොවුන් විය වර්තමාන ඩිජිටල් යුගය සමඟ සැසඳීම ඵලදායී නොවේ.

