July 27, 2024
සෙලාන් කාඩ්පත් සහ Halo Flights එක්ව ක්‍රියාවට නංවන දිනුම් ඇදීමේ අගෝස්තු ජයග්‍රාහකයාට ගුවන් ටිකට්පත් පිරිනැමේ
පුවත්

සෙලාන් කාඩ්පත් සහ Halo Flights එක්ව ක්‍රියාවට නංවන දිනුම් ඇදීමේ අගෝස්තු ජයග්‍රාහකයාට ගුවන් ටිකට්පත් පිරිනැමේ

Oct 25, 2023

සෙලාන් කාඩ්පත් සහ Halo Flights එක්ව ක්‍රියාවට නංවන Swipe & Win දිනුම් ඇදීමේ අගෝස්තු ජයග්‍රාහකයාට ගුවන් ටිකට්පත් පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි. මෙම දිනුම් ඇදීමේ ජයග්‍රාහකයා බවට පත්වෙමින් සිංගප්පූරුව වෙත යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් දිනාගන්නා ලද්දේ අයි. සී. පී. කුමාර මහතා විසිනි. වසර අවසානය දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ මසකට එක් ජයග්‍රාහකයකු බැගින් බිහි වේ. මින් ඉදිරියට නොවැම්බර් දක්වා මාලදිවයින වෙත යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් දෙක බැගින් පිරිනැමීමටත්, දෙසැම්බර් මාසයේදී සිංගප්පූරුව බලා යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් දෙකක් පිරිනැමීමටත් සැලසුම් කර තිබේ. මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබීමට සෙලාන් කාඩ්පත් හිමියන් කළ යුතු වන්නේ තම කාඩ්පත් භාවිතයෙන් රු. 5,000 හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් ගනුදෙනුවක් සිදුකිරීම පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *