July 26, 2024
සෙලාන් ටිකිරි පොළ මෙවර අරලගංවිල වෙලයාය ජාතික පාසලේදී සාර්ථකව පැවැත්වෙයි
පුවත්

සෙලාන් ටිකිරි පොළ මෙවර අරලගංවිල වෙලයාය ජාතික පාසලේදී සාර්ථකව පැවැත්වෙයි

Oct 25, 2023

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ළමා ඉතුරුම් සන්නාමය වන සෙලාන් ටිකිරි සංවිධානය කරන ‘සෙලාන් ටිකිරි පොළ’ වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන පසුගියදා අරලගංවිල වෙලයාය ජාතික පාසලේදී පැවැත්විණි. පාසල් දරුවන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ අරමුණු කරගනිමින් සෙලාන් ටිකිරි මෙම ටිකිරි පොළ වැඩසටහන් මාලාව සංවිධානය කරයි.

සෙලාන් ටිකිරි පොළ යනු සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වන අතර මූල්‍ය කටයුතු, ඉතුරුම්, වෙළඳපොළ, පාරිභෝගිකයන් සහ භාණ්ඩ හා සේවා ආදිය පිළිබඳව දරු දැරියන්ට ප්‍රයෝගික දැනුමක් ලබාදීම මෙහි අරමුණයි. මේ සඳහා දැනටමත් සිසු සිසුවියන් මෙන්ම දෙමාපියන් හා ගුරුවරුන් වෙතින් උණුසුම් ප්‍රතිචාර ලැබී තිබේ.

අධ්‍යාපනික ජයග්‍රහණ වෙනුවෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු, එහෙත් ඩිජිටල්කරණය නිසා එම අවධානය නිරන්තරයෙන් බිඳී යන ලෝකයක් තුළ, සෙලාන් ටිකිරි පොළ යනු සිසු සිසුවියන්ට ලැබෙන සැබැවින්ම නැවුම් අත්දැකීමකි. දරුවන්ට ප්‍රායෝගික මූල්‍ය දැනුම ලබාදීමේ වැදගත්කම මෙහිදී අධාරණය කරනු ලබන අතර, කුඩා අවධියේ සිටම ඔවුන්ට මුදල් කළමනාකරණය සහ ඉතුරුම් සම්බන්ධ මූලික අවබෝධයක් ලබාදීමද සිදුකෙරේ.

සෙලාන් ටිකිරි පොළ වැඩසටහනේ තවත් විශේෂත්වයක් වන්නේ, පාසල් ප්‍රජාව සක්‍රීයව දායක කරගැනීමට එය සමත් වීමයි. දරුවන් තුළ මූල්‍ය සාක්ෂරතාව ඇතිකරවීමේ අරමුණ පෙරදැරිව ගුරුවරුන් මෙන්ම දෙමාපියන්ද මෙම වැඩසටහන්වලට ඉමහත් උද්‍යෝගයකින් යුතුව සම්බන්ධ වෙති.

මෙම වැඩසටහන් මාලාවට ලැබෙන උණුසුම් ප්‍රතිචාර නිසාම, ඉදිරියේදී තම ප්‍රදේශවලද මේ ආකාරයේ වැඩසටහන් සංවිධානය කරන මෙන් විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇත. හැකි උපරිමයෙන් එම ඉල්ලීම් ඉටුකරමින් රටේ දරු පරපුර තුළ මූල්‍ය සාක්ෂරතාව ඇතිකරවීමේ මෙහෙවරට අඛණ්ඩව දායක වීමට සෙලාන් ටිකිරි බලාපොරොත්තු වෙයි.

සිය වටිනාකම් වෙනුවෙන් කැපවුණු සන්නාමයක් වශයෙන්, වසර පුරාම දරුවන්ගේ යහපත වෙනුවෙන් අර්ථවත් වැඩසටහන් සංවිධානය කිරීමට සෙලාන් ටිකිරි උත්සාහ කරයි. දරුවන් තුළ යහපත් පුරුදු ඇතිකිරීම මෙන්ම, ළමා කාලය තුළ ඔවුන්ට බෙහෙවින් වැදගත් වන අත්දැකීම විඳගැනීමට අවස්ථාව සලසා දීම සහ ඔවුන් තුළ ඉතිරි කිරීමට ඇල්මක් ඇතිකරවීම මෙම වැඩසටහන්වල ප්‍රධාන ඉලක්ක වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *