July 27, 2024
Lakshmi Kumari International Sugar Studio වෙත වසරේ විශිෂ්ටම කේක් නිර්මාණ ඉගැන්වීම් ආයතනයට හිමි සම්මානය
පුවත්

Lakshmi Kumari International Sugar Studio වෙත වසරේ විශිෂ්ටම කේක් නිර්මාණ ඉගැන්වීම් ආයතනයට හිමි සම්මානය

Oct 25, 2023

අයිසින් මල් සහ කේක් සැරසිලි නිර්මාණ ක්ෂේත්‍රයේ  ප්‍රවීණ ශිල්පිනියක වන ලක්ෂ්මි කුමාරි මහත්මිය විසින් පවත්වා ගෙන යනු ලබන Lakshmi Kumari International Sugar Studio පසුගියදා පැවති Lanka Business Awards 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම කේක් නිර්මාණ ඉගැන්වීම් ආයතනය ලෙස සම්මානයට පාත්‍ර විය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවති එම සම්මාන උළෙල Business World International Organisation විසින් සංවිධානය කරනු ලැබ තිබිණි. ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනී ආචාර්ය ලක්ෂ්මි කුමාරි මහත්මිය වෙත එහිදී සම්මානය පිරිනැමිණි. ඇය කලකට පෙර ඇරඹූ Angel Home Made Food Instituteහි දිගුවක් වන Lakshmi Kumari International Sugar Studio වර්තමානයේදී බත්තරමුල්ල, මාතර, මහනුවර, රත්නපුර, මීගමුව, කුරුණෑගල, ගම්පහ, බොරලැස්ගමුව සහ හොරණ වැනි රට පුරා ප්‍රදේශ රැසක සිසු සිසුවියන් දහස් ගණනකට කේක් නිර්මාණ දැනුම සපයයි.

ප්‍රධාන ඛාණ්ඩ තුනක් (Advanced, Master, Basic) යටතේ පුළුල් පරාසයක විහිදුණු පාඨමාලා රැසක් හඳුන්වා දීමට එම ආයතනය කටයුතු කර ඇත. අයිසින් මල් සහ කේක් නිර්මාණකරණය, නවීන මංගල කේක් ආකෘති, අමෙරිකානු බටර් ක්‍රීම් සහ චොකලට් පැලට්, බටර් ක්‍රීම් පේන්ටින්, ත්‍රිමාණ චොකලට් මල් සහ අයිසින් තාක්ෂණික ක්‍රම පිළිබඳ දැනුම සපයන පාඨමාලා සහ ලොව පිළිගත් Wilton පාඨමාලා ඒ අතර වේ. කේක් සැකසීම සහ සැරසිලිකරණ ක්ෂේත්‍රයේ දශකයකට වැඩි අත්දැකීම් ඇති ලක්ෂ්මි කුමාරි මහත්මිය එම ක්ෂේත්‍රයේ මෙරටදී ලැබිය හැකි ඉහළම සුදුසුකම වන ජාතික වෘත්තීය සුදුසුකමේ සිව්වැනි මට්ටමට (NVQ Level 4) සහ ජාත්‍යන්තර Wilton උපදේශක සහතිකයකට හිමිකම් කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *