February 10, 2025
සෙලාන් බැංකුවේ ‘Signfluencer’ වැඩසටහනේ දෙවැනි අදියරෙන් රත්මලාන අන්ධ විද්‍යාලයට සුවිශේෂී අත්වැලක්
පුවත්

සෙලාන් බැංකුවේ ‘Signfluencer’ වැඩසටහනේ දෙවැනි අදියරෙන් රත්මලාන අන්ධ විද්‍යාලයට සුවිශේෂී අත්වැලක්

Aug 27, 2024

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව ‘Signfluencer’ වැඩසටහන ක්‍රියාවට නංවන ලද්දේ මෙරට දෘශ්‍ය හා ශ්‍රවණ ආබාධ සහිත පුද්ගලයන් සවිබල ගන්වමින්, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමේ වැදගත්කම අවධාරණය කිරීමේ අරමුණිනි. මෙහි මීළඟ පියවර වශයෙන් සෙලාන් බැංකුව මේ වනවිට රත්මලාන අන්ධ විද්‍යාලයට අත්වැලක් වීම සඳහා සූදානමින් සිටී.

මේ යටතේ ප්‍රධාන වශයෙන්, අන්ධ විද්‍යාලයේ ඉගෙනුම ලබන දෘශ්‍යාබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පරිගණක සාක්ෂරතාව වැඩිදියුණු කිරීම සඳහා පියවර ගැනෙනු ඇත. මෙම කාර්යයට දායක වන ගුරුවරුන් හා උපදේශකවරුන් සඳහා අවශ්‍ය වන අරමුදල් සම්පාදනය කිරීම සෙලාන් බැංකුව මගින් සිදුකරනු ලැබේ.

සුහද හදක් ඇති දේශීය බැංකුව වශයෙන් සෙලාන් බැංකුව සෑම විටම සියලුම ප්‍රජාවන්ට සමාන අවස්ථා ලබාදීමට කැප වී සිටී. ‘Signfluencer’ වැඩසටහන යනු එම කැපවීමෙහි තවත් සුවිශේෂී ප්‍රතිඵලයකි. එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ දෘශ්‍ය හා ශ්‍රවණ ආබාධ සහිත පුද්ගලයන් ඇතුළුව සියලුම ප්‍රජාවන්ට නිසි අවස්ථා හිමි වේ නම් ඔවුන් සියලුම දෙනාට දියුණුව ළඟා කරගැනීමට හැකි බව ලොවට පෙන්වා දෙන සුවිශේෂී මෙහෙවරක්ද වනු ඇත.

‘Signfluencer’ වැඩසටහන ශ්‍රී ලංකාවේ දෘශ්‍ය හා ශ්‍රවණ ආබාධ සහිත පුද්ගලයන්ට නිසි පිළිගැනීම ලබාදීමේ වැදගත්කම මැනැවින් අවධාරණය කරන වැඩසටහනක් ලෙස දැනටමත් බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක් වී තිබේ. මෙහිදී සෙලාන් බැංකුව පෙන්වා දුන් එක් ප්‍රධානතම කරුණක් වූයේ, ශ්‍රී ලංකාවේ භාවිතා වන සංඥා භාෂාව පුළුල් පිළිගැනීමක් ඇති සංඥා භාෂා ප්‍රභේදයක් නොවන බවයි. 2023 වසරේ ලෝක සංඥා භාෂා දිනය නිමිත්තෙන් ‘Signfluencer’ වැඩසටහන විසින් මෙම ගැටලුව විසඳීමේ අවශ්‍යතාව මෙන්ම, ශ්‍රී ලංකාවේ සංඥා භාෂාව භාවිතා කරන ප්‍රජාවට නිසි සහයෝගය ලබාදීමේ වැදගත්කමද අවධාරණය කරන ලදි.

පොදු සමාජය සමග ගනුදෙනු කිරීමේදී මෙරට ශ්‍රව්‍ය හා දෘශ්‍ය ආබාධ සහිත ප්‍රජාවට විවිධාකාර වූ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වේ. එම දුෂ්කරතා අවම කිරීමේ මාධ්‍යයක් ලෙස සංඥා භාෂාවට නිසි පිළිගැනීම ලබාදීමේ වැදගත්කමද ‘Signfluencer’ වැඩසටහන මගින් අවධාරණය කෙරිණි.  ශ්‍රී ලංකාවේ සංඥා භාෂාව නිල භාෂාවක් ලෙස පිළිගැනීමේ පනතකට 2021 වසරේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුවද මේ දක්වා එය සම්මත වී නොමැත.

සෑම කෙනෙකුටම විශිෂ්ටත්වය ළඟා කරගැනීමට හැකියාව ඇති බව විශ්වාස කරන සෙලාන් බැංකුව, සෑම විටම සමානත්වය හා අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීමට කැප වී සිටී. එම කැපවීමෙහි එක් ප්‍රතිඵලයක් වන ‘Signfluencer’ වැඩසටහනේ පරමාර්ථය වන්නේ, දිවයින පුරා වෙසෙන දෘශ්‍යාබාධිත පුද්ගලයන් සහ ඔවුන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන අතරම එම පුද්ගලයන්ට සමාන අවස්ථා හිමිකර දීම ය. මෙහි මීළඟ පියවර මගින් දෘශ්‍ය හා ශ්‍රවණ ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් පොදු සමාජය වඩාත් හොඳින් දැනුවත් කිරීමටත් ඔවුන් සවිබල ගැන්වීමටත් සෙලාන් බැංකුවට හැකියාව ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close