July 26, 2024
කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන්ට වෙළෙඳසල්  3500කට අධික ප්‍රමාණයකින් 50%ක් දක්වා විශේෂ වට්ටම්
පුවත්

කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන්ට වෙළෙඳසල්  3500කට අධික ප්‍රමාණයකින් 50%ක් දක්වා විශේෂ වට්ටම්

Nov 29, 2023

කොමර්ෂල් බැංකුවේ අපේක්‍ෂිත උත්සව සමයේ කාඩ්පත් ප්‍රවර්ධනය දියත් කිරීමත් සමග, බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට සිය සාප්පු සවාරි උද්යෝගිමත් ලෙස ආරම්භ කිරීමට හැකිවී තිබේ.

 2023 නොවැම්බර් මැද සිට දෙසැම්බර් 31 දක්වා නිශ්චිත දින හෝ කාලසීමාවන්හිදී හෝ රටපුරා පිහිටි අලෙවිසල් 3500කට වැඩි ප්‍රමාණයකින් 50% දක්වා වට්ටම් පිරිනැමීමට සමාගම් 450කට අධික සංඛ්‍යාවක් සමග නැවත වරක් හවුල්වී ඇති බව බැංකුව නිවේදනය කර ඇත.

මෙලෙස වට්ටම් පිරිනැමීම සඳහා ව්‍යාපාරික හවුල්කරුවන් ලෙස ඇඳුම් පැළඳුම් සහ විලාසිතා උපාංග වෙළෙඳ ආයතන 180ක්, ලයිෆ් ස්ටයිල් වෙළෙඳ ආයතන 54ක්, සපත්තු සහ සම්භාණ්ඩ වෙළෙඳ ආයතන 26ක්, රූපලාවන්‍යාගාර, ස්පා සහ රූපලාවන්‍ය උපාංග වෙළෙඳ ආයතන 12ක්, සුපිරි වෙළෙඳසල් 7ක්, මෝටර් රථ සමාගම් 6ක්, ඔරලෝසු සහ උපාංග වෙළෙඳ ආයතන 4ක්, භෝජන සේවා නියෝජිතායතන 4ක්, අධ්‍යාපන සේවා ආයතන 4ක් සහ පොත් සාප්පු 2ක්ද බැංකුව සමග සම්බන්ධ වී තිබේ.

මෙයට අමතරව ප්‍රවර්ධන කාලසීමාව තුළදී ‘ඔන්ලයින්’ වෙළෙඳ හවුල්කරුවන් 85දෙනෙකු විසින් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට වට්ටම් පිරිනැමීමද සිදුකරණු ලබයි.

එසේම වසර අවසානයට පෙර මිලදී ගන්නා ‘ගෘහස්ත සුදු භාණ්ඩ’ (ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර ආදී) සඳහා මාස 60ක් දක්වා පහසු ගෙවීමේ සැලසුම් ලබා දීමටද තවත් වෙළෙඳ හවුල්කරුවන් 15 දෙනෙකුද ඉදිරිපත්ව ඇත.

කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී නිශාන්ත ද සිල්වා මහතා මෙම ප්‍රවර්ධන වැඩසටහන ගැන මෙසේ ප්‍රකාශ කර සිටියේය. ‘අපගේ කාඩ්පත් ප්‍රවර්ධනය හරහා සෑම කෙනෙකුටම යමක් ලබාදෙන අතර, එය සාප්පු සවාරි පමණක්ම නොවේ. විවිධ හවුල්කාර වෙළෙඳුන් විසින් කාඩ්පත් හිමියන්ට හෝටල් නවාතැන් පහසුකම්, ආහාරපාන භුක්ති විඳීම සහ ස්වයං සත්කාරක සේවා භුක්ති විඳීමටද පහසුකම් සලසා ඇත. එසේම මෙලෙස පිරිනමන වට්ටම් හරහා අධ්‍යාපනික වැඩසටහන් සඳහා ගෙවීම් මෙන්ම, නිවෙස් හැඩගැන්වීම් උදෙසා ආයෝජනයන් සිදුකරන අතරම, ඉතිරි කිරීමට හැකි වනු ඇත.’ යනුවෙන් ඔහු අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 957 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *