July 27, 2024
Curtin Colomboහි පාසල් ප්‍රවේශ වැඩසටහන තරුණ මනස පෝෂණය කරයි
පුවත්

Curtin Colomboහි පාසල් ප්‍රවේශ වැඩසටහන තරුණ මනස පෝෂණය කරයි

Nov 29, 2023

Curtin විශ්ව විද්‍යාලයේ ගෝලීය මෙහෙයුම් සඳහා එකතු වූ නවතම අංගය ලෙස, Curtin Colombo විසින් අනාගත පරපුර සිය උපාධි අපේක්ෂක ගමන ආරම්භ කිරීමට පෙර සිටම  දැනුමෙන් පෝෂණය කිරීම උදෙසා පියවරගෙන ඇත. පාසල් සිසුන් දීප්තිමත් හා දැනුවත් කම් සපිරි අනාගතයක් කරා යොමු කිරීමේ අරමුණින්, Curtin Colombo විසින් වෘත්තීය අවස්ථා සහ ඉංජිනේරු, පරිගණක සහ ව්‍යාපාරික කර්මාන්තවල නවතම ප‍්‍රවණතා පිළිබඳ අවබෝධයක් ලබා දෙමින් පාසල් අධ්‍යාපනික වැඩසටහනක් ක‍්‍රියාත්මක කරනු ලැබීය.

විවිධ වෘත්තීය මාර්ග සහ නව විෂයයන් පිළිබඳ දැනුවත්භාවය ලබා ගැනීමට හැකි වන පරිදි උසස් පාසල් සිසුන් දැනුමෙන් සහ මගපෙන්වීමෙන් සන්නද්ධ කිරීමට මෙම පාසල් ප‍්‍රවේශ වැඩසටහන හරහා හැකි විය. මේ හරහා ඔවුන් විශ්වාසයෙන් යුතුව නිවැරදි උසස් අධ්‍යාපන ගමනක් ආරම්භ කිරීමට සහ ඔවුන්ගේ ආශාවන් හඹා යාමට සූදානම් කරයි.

මෙම මුලපිරීම සිසුන්ට සහ දෙමාපියන්ට වටිනා සම්පතක් ලෙසද හදුන්වා දිය හැකිය. නවීන ලෝකයේ අධ්‍යාපනික සහ වෘත්තීය මාර්ග තුළ සාර්ථක වීමට අවශ්‍ය තොරතුරු සහ කුසලතා වලින් සවිබල ගැන්වූ පුද්ගලයින් ලෙස සිසුන් දැනුමෙන් පෝශණය කිරීමට Curtin Colombo උපකාර කරයි.

මීට අමතරව, මෙම පාසල් ප‍්‍රවේශ වැඩසටහන මඟින් Curtin Colombo අධ්‍යාපන ක්ශේත‍්‍රයට ක‍්‍රියාකාරී දායකයෙකු සහ හවුල්කරුවෙකු ලෙස ක‍්‍රියා කරන අතරම මණ්ඩපයේ අධ්‍යයන විශිෂ්ටත්වය සහ විශේෂඥ දැනුම සිසුන්ට ලබා දෙයි.

Curtin Colombo හි කථිකාචාර්යවරුන් සහ විද්වතුන් මෙන්ම Curtin Australia හි ගෞරවනීය ආරාධිත කථිකාචාර්යවරුන් විසින් පවත්වනු ලැබූ වැඩමුළු වලින් මෙම පාසල් ප‍්‍රවේශ වැඩසටහන සමන්විත විය. ඔවුන් AI තාක්ෂණයේ නව ප‍්‍රවණතාවයන්, උපකාරක තාක්ෂණයන් සහ ගෝලීය අධ්‍යාපන අවස්ථා ගවේෂණය කිරීම පිළිබඳ සිසුන්ට මනා දැනුමක් ලබා දුන්හ.

එහි ආයතනික පුරවැසි ප‍්‍රයත්නයන් සහ ප‍්‍රජා සහභාගීත්වයේ කොටසක් ලෙස, Curtin Colombo කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලය, විශාඛා විද්‍යාලය, මහානාම විද්‍යාලය, D.S සේනානායක විද්‍යාලය සහ මෙතෝදිස්ත විද්‍යාලය ඇතුළු ප‍්‍රමුඛ පෙළේ පාසල් සමඟ හවුල් වී සැසි සහ වැඩමුළු මාලාවක් පවත්වන ලදී. මෙම සැසි මෙහෙයවනු ලැබුවේ ඕස්ට්‍රේලියාවේ Curtin විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජූලියා රිචඞ්සන්, ආචාර්ය හැනස් හර්මන් සහ ආචාර්ය නිමලිකා ප‍්‍රනාන්දු විසිනි. මෙම වැඩසටහන් සැලසුම් කර ඇත්තේ කුඩා කල සිටම ඔවුන්ගේ අවශ්‍යතා සමඟ ගැලපෙන දැනුවත් තීරණ ගැනීමට සිසුන් සවිබල ගැන්වීමට, ත්‍යාගශීලී සහ සාර්ථක අනාගතයක් සඳහා ඔවුන් සූදානම් කිරීමට ය.

කෘත‍්‍රිම බුද්ධිය සහ දියුණුවන තාක්ෂණයන් මෙන්ම දිනෙන් දින විකාශනය වන ගෝලීය කර්මාන්ත සඳහා අවශ්‍ය කුසලතා වැනි මාතෘකා පිළිබඳ අන්තර්ක‍්‍රියාකාරී සැසිවලින් සිසුන් දැනුම ලබා ගන්නා ලදි. මෙම විවෘත සාකච්ඡුා සැසි හරහා සාම්ප‍්‍රදායික අධ්‍යාපනයෙන් ඔබ්බට ගිය වැදගත් තොරතුරු රැසක් දැන ඉගෙන ගැනීමට සිසුන්ට සුවිශේෂී අවස්ථාවක් උදා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *