July 27, 2024
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ 2023 වසර සඳහා වූ ‘Nations Business Advisory Forums’ සම්මන්ත්‍රණ මාලාව සාර්ථක ලෙස නිමාව දකී
පුවත්

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ 2023 වසර සඳහා වූ ‘Nations Business Advisory Forums’ සම්මන්ත්‍රණ මාලාව සාර්ථක ලෙස නිමාව දකී

Nov 29, 2023

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව 2023 වසර සඳහා සංවිධානය කළ Nations Business Advisory Forums සම්මන්ත්‍රණ මාලාව පසුගියදා සාර්ථක ලෙස කොළඹදී අවසන් විය. මෙහි අටවැනි සහ අවසන් සම්මන්ත්‍රණය පසුගියදා ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වුණු අතර, 350 කට අධික පිරිසක් ඊට සහභාගී වූහ.

සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශකයා වූ JB Securities Ltd හි ප්‍රධාන විධායක නිලධාරී සහ Advocata Institute හි සභාපති මුර්තසා ජැෆර්ජී මහතා මාතෘකා රැසක් සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කළේ ය. රටේ වර්තමාන ආර්ථික තත්ත්වය, දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කරගත හැකි ආකාරය, නිදහස් වෙළඳ ගිවිසුම්, රජය සතු සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු ව්‍යුහාත්මක ආර්ථික වෙනස්කම් සහ ව්‍යපාර පුළුල් කරගැනීමට පවතින අවස්ථා වැනි කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

මීට අමතරව, කාර්යක්ෂමතාව හා තරගකාරීත්වය වැඩිදියුණු කරගැනීම සඳහා ඩිජිටල්කරණය භාවිතා කිරීම, දේශීයව හා ජාත්‍යන්තර වශයෙන් සංවර්ධන අවස්ථා සොයා ගැනීම සහ ව්‍යාපාරික අභියෝගවලට දීර්ඝකාලීනව මුහුණ දීම සඳහා ක්‍රමෝපායික සැලසුම් සකස් කිරීම වැනි කරුණුද මෙහිදී සාකච්ඡා කරන ලදි.

කුරුණෑගල, යාපනය, මඩකලපුව, ගාල්ල, මීගමුව සහ ඇල්ල වැනි ප්‍රදේශවල Nations Business Advisory Forums සම්මන්ත්‍රණ පවත්වන ලද අතර, එය උතුරු මැද, උතුර, බස්නාහිර, දකුණ සහ ඌව වැනි පළාත්වල වාණිජ බැංකුකරණ ගනුදෙනුකරුවන්ට තම ව්‍යාපාර වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් වැදගත් මගපෙන්වීම් රැසක් ලබාදුන් වැඩසටහන් මාලාවක් විය.

ශ්‍රී ලංකාවේ නවීන ව්‍යාපාරවලට පරිපූර්ණ ව්‍යාපාර චක්‍ර කළමනාකරණ විසඳුම් සහ මූල්‍ය උපදේශන සේවාවන් සැපයීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකු දරන උත්සාහයේ එක් පියවරක් වශයෙන් මෙම සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කරන ලදි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ලබාදෙන මෙම පුළුල් අත්වැල, මෙරට ව්‍යාපාර රැසක සාර්ථකත්වයට මහෝපකාරී වී තිබේ. නවෝත්පාදනය, අවශ්‍යතාවන් අනුව සැලසුම් කරන ලද විසඳුම්, සහ පාරිභෝගික-කේන්ද්‍රීය සේවාවන් සමගින් මෙරට වේගයෙන් ඉදිරියට යන ආර්ථික පරිසරය තුළ ව්‍යාපාරවල විශ්වාසනීය හවුල්කරුවා බවට පත්වීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සමත් වී සිටී.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව භෞතික සහ ඩිජිටල් යන දෙඅංශයෙන්ම විහිදුනු සම්බන්ධක ස්ථාන හරහා පාරිභෝගික, වාණිජ සහ ආයතනික අංශ ගනුදෙනුකරුවන්ට  සේවාවන් රාශියක් සලසයි. එමෙන්ම නවීන ඩිජිටල් බැංකුකරණ තාක්ෂණයන් සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi ද හඳුන්වා දෙන ලදි. මීට අමතරව ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලයද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *