July 27, 2024
බදුල්ල පුරා කාත්තාවන් සවිබලගැන්වූ සෙරන්ඩිබ්ෆ්ලා මිල්ස්
පුවත්

බදුල්ල පුරා කාත්තාවන් සවිබලගැන්වූ සෙරන්ඩිබ්ෆ්ලා මිල්ස්

Nov 29, 2023

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් යනු තිරිඟු පිටි ආශ්‍රිත සාම්ප්‍රදායික වෙළෙඳ නාමයක් නොව, ඉන් ඔබ්බට ගිය ප්‍රජා මෙහෙවරක් වෙනුවෙන් කැපවී සිටින දැවැත්ත වෙළෙඳ නාමයක්. ඒ අනුව මෙරට ආර්ථිකයේත්, සමාජයේත්, සංස්කෘතියේත් සුවිශේෂී කොටසක් වන කාන්තාවන්ගේ ජීවන තත්වය උසස් කිරීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කිරීම සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් වෙළෙඳ නාමය විසින් නිරන්තරයෙන් සිදුකරනවා.

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් විසින් කාන්තාවන්ව සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ ජීවනෝපායන් නගාසිටුවීම ඉලක්ක කරගනිමින් පසුගියදා පුහුණු වැඩමුළු කිහිපයක් බදුල්ල දිස්ත්‍රික්කයේ සංවිධානය කෙරුනා. මෙහිදී බදුල්ල, ඇල්ල සහ වැලිමඩ යන ප්‍රදේශවල ප්‍රජාවන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන, ඒ අනුව හැඩගැසුනු අති සාර්ථක පුහුණු වැඩමුළු කාන්තාවන් වෙනුවෙන් පැවැත්වුනා.

මෙම වැඩමුළුවල මූලික ඉලක්කය වුනේ තම ජීවනෝපාය තුළ වෘත්තීමය වශයෙන් ඉදිරියට යාමට කාන්තාවන්ට අවස්ථාව උදාකරදීමයි. තිරිඟුපිටි කර්මාන්තය ආශ්‍රිත රැකියා පිළිබඳව දැනුවත් කරමින්, තිරිඟුපිටි කර්මාන්තයේ මූලික කරුණු ගැන හඳුන්වා දෙමින් සහ ඒ ගැන ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙමින් සති කිහිපයක් පුරා පැවති මෙම වැඩමුළුවෙන්, ඒ ඒ ප්‍රදේශවල කාන්තාවන්ගේ වෘත්තීය නිපුනත්වය, දැනුම සහ හැකියාවන් වර්ධනය වී තිබෙනවා. ඒ වගේම ‘Serendib 7 Star’ නිෂ්පාදනවල ගුණාත්මක බව ගැන ද හොඳ අවබෝධයක් ඔවුන් ලබාගත්තා.

පාරිභෝගික ජනතාවට පෝෂණය ලබාදීම යන අරමුණට වඩා ඔබ්බට ගොස්, කාන්තාවන්ගේ ජීවිතවල ඵලදායී මෙන්ම ධනාත්මක වෙනසක් ඇතිකිරීම මෙම වැඩමුළු හරහා සිදුවූ තවත් සුවිශේෂී දෙයක්. කාත්තාවන්ට දැනුම සහ විවිධ කුසලතාවන් ලබාදීම තුළින් ඔවුන්ගේ වෘත්තිය සහ ජීවන රටාවේ වැඩිදියුණුවක් මෙමගින් සිදුවෙනවා. ඒ වගේම සාරවත් සහ යහපත් සමාජයක් වෙනුවෙන් අවශ්‍ය පසුබිම නිර්මාණය වීම මෙම වැඩමුළු තුළින් සිදුවන තවත් සුවිශේෂී දෙයක්.

මෙවැනි පුහුණු වැඩමුළු හරහා නව රැකියා උත්පාදනය වැනි අංශ සහ තවත් බොහෝ අංශ හරහා සමාජයට යහපත් දෙයක් කිරීමට හැකි බව මේ වන විටත් සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් විසින් අවබෝධ කරගෙන තිබෙනවා. ඒ අනුව දිවයින පුරා තවත් විවිධ වැඩසටහන් සහ වැඩමුළු සංවිධානය කරමින් ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් කැපවීමට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් නාමය ඉදිරියේදීත් බලාපොරොත්තු වන බව ඔවුන් දන්වා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *