July 27, 2024
Neptune Recyclers 30 වසරක විශිෂ්‍ටත්වය සමරයි
පුවත්

Neptune Recyclers 30 වසරක විශිෂ්‍ටත්වය සමරයි

Dec 14, 2023

Neptune Recyclers, Expack Corrugated Cartons PLC හි අනුබද්ධිත ආයතනයක් මෙන්ම Aberdeen Holdings සමූහයේ ආයතනයක් ලෙස හරිත හා වඩාත් පරිසර හිතකාමී ශ්‍රී ලංකාවක් සඳහා ධනාත්මක වෙනසක් ඇති කිරීමට සහ තිරසාර විසඳුම් සංවර්ධනය කිරීමට කැපවී සිටියි.  Neptune Recyclers හි කළමනාකරණ අධ්‍යක්ෂක අබ්දුල්ලා කාසිම් මහතා, විධායක අධ්‍යක්ෂක රිසාන් ජවුෆර් මහතා සහ ප්‍රධාන විධායක නිළධාරී ෆස්ලීන් මජීඩ් මහතාගේ නිවැරදි මගපෙන්වීම හා   නායකත්වයෙන් මෙහෙයවනු ලබන මෙම ආයතනය, කලාපය තුළ පාරිසරික භාරකාරත්වය හා චක්‍රීය ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වී සිටියි.

සිය සන්නාමය ප්‍රතිස්ථානගත කිරීමේ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස Neptune Recyclers, “ශ්‍රී ලංකාව චක්‍රීය ආර්ථිකයක් කරා” යන නව සන්නාම පාඨය භාවිතා කරයි. ශ්‍රී ලංකාවේ චක්‍රීය ආර්ථිකයේ සියලු පාර්ශවකරුවන් අතර හවුල් වටිනාකම ජනනය කරමින්, Neptune Recyclers  සිය නව අවධානය යොමු කරමින් වඩාත් තිරසාර අනාගතයක් උදෙසා මඟපෙන්වීමට කැප වී සිටියි.

මෙම සංවත්සර සැමරුම කළමනාකරණ  අධ්‍යක්ෂක අබ්දුල්ලා කාසිම් මහතා, විධායක අධ්‍යක්ෂක රිසාන් ජවුෆර් මහතා  සහ ප්‍රධාන විධායක නිලධාරී ෆස්ලීන් මජීඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද අතර, ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලය මෙම සුවිශේෂී සංධිස්ථාන සැමරීම වෙනුවෙන් සහභාගී විය.

විශේෂයෙන් අපද්‍රව්‍ය කළමනාකරණය සහ චක්‍රීය ආර්ථික ක්‍රමවේදයන්  සම්බන්ධව ශ්‍රී ලංකාව විවිධ තිරසාර අභියෝගවලට මුහුණ දී සිටින කාලවකවානුවක Neptune Recyclers මෙම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් ධනාත්මක බලපෑමක්  ඇති කිරීමට සමත්ව සිටියි. Neptune Recyclers විසින් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 600,000කට අධික ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කර ඇති අතර එමඟින් ශ්‍රී ලංකාවේ තිරසාර පාරිසරික හා මානව ප්‍රයත්නයන් සඳහා ඩොලර් මිලියන 160ක දායකත්වයක් ලබා දී ඇත.

මෙම උත්සවය අමතමින් Neptune Recyclers  කළමනාකරණ  අධ්‍යක්ෂක, අබ්දුල්ලා කාසිම් මහතා චක්‍රීය ආර්ථිකය, පරිසර සංරක්ෂණය සහ ප්‍රජා යහපැවැත්ම වෙනුවෙන් ආයතනයේ කැපවීම ඉස්මතු කර දක්වමින්, “දේශීය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් වෙනුවෙන් අප සහය දක්වන්නේ මිහිතලය සුරැකීම වෙනුවෙන් පමණක්ම නොව, මෙමඟින් රැකියා උත්පාදනය, දේශීය ආර්ථිකය ගොඩ නැංවීම සහ වගකීම පිළිබඳ හැඟීමක් ඇති කිරීම වෙනුවෙන් ද අප කැප වී  කටයුතු කරන බවට  අදහස් දැක්වූයේය තවද, Neptune Recyclers සිය  30 වන සංවත්සරය අභිමානයෙන් සමරන අතරතුර, චක්‍රීය ආර්ථිකය ඉදිරියට ගෙන යාමට   දායකත්වය ලබා දුන්  සියලු දෙනාටම ඔහු තම අවංක  කෘතවේදීත්වය පළ කළේය.

චක්‍රීය ආර්ථික මූලධර්ම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරමින්, අපද්‍රව්‍ය අවම කිරීම, සම්පත් සංරක්ෂණය කිරීම සහ තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා Neptune Recyclers අඛණ්ඩව උත්සාහ කරයි. තිරසාරභාවය සඳහා ඔවුන්ගේ කැපවීම පාරිසරික අංශයට පමණක් සීමා නොවන රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ සිය සේවකයින්ගේ යහපැවැත්ම ද විදහා දක්වයි.

Neptune Recyclers, වගකීම් සහගත පුරවැසියෙකු ගොඩනැගීමට සහ ශ්‍රී ලංකාව වඩාත් තිරසාර අනාගතයක් කරා ගෙන යාමට ඇති කැපවීම යළි යළිත් තහවුරු කරමින් අප හා එක්ව අත්වැල් බැඳගත් පාරිභෝගිකයන්, හවුල්කරුවන් සහ සේවකයින්ගේ ඉමහත් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරන අතරම , හරිත අනාගතයක් සහ චක්‍රීය ආර්ථිකයක් කරා යන ගමනේ පුරෝගාමීන් වීමට අඛණ්ඩ කැපවීම  අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *