July 27, 2024
සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන  වැඩසටහනේ මුල් ජයග්‍රාහකයින් තෝරාගනී
පුවත්

සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන  වැඩසටහනේ මුල් ජයග්‍රාහකයින් තෝරාගනී

Dec 14, 2023

පවුලකට විදේශ රටක විනෝද චාරිකාවක් සිදුකිරීම දැරිය නොහැකි වියදමක් වී ඇති මෙවන් කාලයක දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමි පවුල්  5කට මැලේසියාවේ සියලු වියදම් සහිත නිවාඩුවක් ගත කිරීමට අවස්ථාව ලබා දී ඇත.

සමාගමේ 17 වන ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ මුල් දිනුම් ඇදීමෙන් හැටන්, රාගම, නුගේගොඩ, මහරගම සහ මතුගම යන ප්‍රදේශවල සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමි පවුල් 5 මෙම විදේශ නිවාඩුව සඳහා තෝරා ගන්නා ලදී. එයට අමතරව, බණ්ඩාරගම ‘පර්ල් බේ’ තේමා උද්‍යානයේ දිනක සංචාරයක් සඳහා එම දිනුම් ඇදීමේදී තවත් ඔප්පු හිමි පවුල් 100 ක් තෝරා ගන්නා ලදී.

2024 ජනවාරි මස පැවැත්වීමට නියමිත ‘ෆැමිලි සවාරි’ අවසන් මහා දිනුම් ඇදීමේදී තවත් සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමි පවුල් 10 ක් විදේශ සංචාර සඳහා තෝරා ගැනීමට නියමිතය. ඔවුන්ගෙන් පවුල් 5 ක් තුර්කියටද, ඉතිරි පවුල් 5 මැලේසියාවටද සංචාර දිනාගනු ඇත. එසේම, ‘පර්ල් බේ’ හි දවසක් ගත කිරීමට තවත් ඔප්පුහිමි පවුල් 150 ක් එම දිනුම් ඇදීමෙන් තෝරාගන්නා බව සෙලින්කෝ ලයිෆ් පවසයි.

‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ 17 වන අදියර සමඟ ප්‍රධාන ත්‍යාග ලෙස විදේශ සංචාර ලබාදීම නැවත ආරම්භ කර ඇත. දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ විශාලතම ප්‍රවර්ධන වැඩසටහන මෙය වේ.

මෙවර සැමිලි සවාරි වැඩසටහන තුළින් සෙලින්කෝ ලයිෆ් විසින් රක්ෂණ ඔප්පු හිමි පවුල් 265 ක පුද්ගලයින් 1060 කට ප්‍රතිලාභ ලබා දෙනු ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහනින් මේ වන විට ප්‍රතිලාභ ලබා ඇති මුළු සංඛ්‍යාව 35,000 ඉක්මවයි.

මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ මීට පෙර සුපිරි ත්‍යාගය දිනාගත් රක්ෂණ ඔප්පු හිමියන්ට ඕස්ටේ‍්‍රලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය සහ ප්‍රංශය යන රටවලට සංචාරය කිරීමේ අවස්ථාවත් අනිකුත් ජයග්‍රාහකයින්ට චීනය, ඩුබායි සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමේ අවස්ථාවත් උදාවිය. 

සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ සන්නාම තානාපති ලෙස ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවන මහතා සහ ඔහුගේ ප්‍රියබිරිඳ වන කුෂ්ලානී මහත්මිය කටයුතු කරයි.

2022 වසරේ දී ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස 17 වන වසරටත් සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් මෑතකදී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස ද නම් කරන ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල නායකත්වය දරා ඇත. 2023 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය ලෙස බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් 2022 වසරේ අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය. සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *