February 10, 2025
Grand 7 Hotel & Restaurant හා එහි හිමිකරු චින්තක විජේසේකර Pinnacle සම්මාන ද්විත්වයක් දිනයි
පුවත්

Grand 7 Hotel & Restaurant හා එහි හිමිකරු චින්තක විජේසේකර Pinnacle සම්මාන ද්විත්වයක් දිනයි

Feb 1, 2024

Grand 7 Hotel & Restaurant සමාගම සහ එහි අධිපති චින්තක ජීවන්ත විජේසේකර මහතා Pinnacle Sri Lanka Awards සම්මාන උළෙලේදී වසරේ හොඳම හෝටල් හා ආපන ශාලා ජාලය (මහා පරිමාණ කාණ්ඩය) සහ වසරේ හොඳම ව්‍යවසායකයා (හෝටල් හා ආපනශාලා අංශය) යන සම්මාන දිනා ගත්තේය. සම්මාන උළෙල කොළඹ ගාලුමුවදොර හෝටලයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සංචාරක මණ්ඩලය තරු පන්තියේ හෝටල් ලෙස වර්ග කර ඇති හෝටල් දෙකක් පවත්වා ගෙන යන Grand 7 Hotel & Restaurant සමාගම දේශීය සහ විදේශීය සංචාරකයන්ට සේවා සපයයි. එම සමූහයට අයත් ආපන ශාලාවලින් ජර්මානු, ඉතාලි, ඉංග්‍රීසි සහ චීන ආහාර වර්ග රස විඳීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ. කැස්බෑවේ පිහිටි ග්‍රෑන්ඩ් සෙවන් හෝටලය ඩිලක්ස් වර්ගයේ සුඛෝපභෝගී කාමර 14කින්, තරු පන්තියේ ආපන ශාලාවකින්, පිහිනුම් තටාකයකින් සහ රූෆ් ටොප් VIP ලෝන්ජ් එකකින් සමන්විත වේ. Grand 7 Hotel & Restaurant සමාගමේ සභාපති චින්තක ජීවන්ත විජේසේකර මහතා සඳහන් කළේ මෙම සම්මාන දිනා ගැනීමෙන් ලද ජයග්‍රහණය සංචාරක සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය සඳහා තව තවත් ආයෝජන කිරීමට තමන්ව දිරිමත් කරන බවයි. වර්තමානයේදී Grand 7 Hotel & Restaurant සමාගමට අයත් කැස්බෑව රෙස්ට් හවුස් නවීන නවාතැන් පහසුකම්, ආපන ශාලා සහ උත්සව ශාලාවකින් සමන්විත තරු හතරේ හෝටල් පරිශ්‍රයක් ලෙස සංවර්ධනය කර ඇති බවද ඔහු සඳහන් කළේය. එම සමාගමට අයත් Grand 7 Lounge BYOB මේ වසරේදී විවෘත කිරීමට නියමිතය. ග්‍රෑන්ඩ් සෙවන් පිළියන්දලද නුදුරේදීම එම හෝටල් ජාලයට එක් වීමට නියමිතය. සිය හෝටල් හා ආපන ශාලා ජාලය වෙත පැමිණෙන අමුත්තන්ට උසස්ම තත්ත්වයේ නිෂ්පාදන පිරිනැමීමේ අරමුණින් Grand 7 Hotel & Restaurant සමාගම වර්තමානයේදී කාබනික වයින් සහ ස්ප්‍රීතු ආනයනය අරඹා ඇති බවත් එවැනි ක්‍රියාදාමයක් ඇරඹූ පළමු අවස්ථාව මෙය බවත් විජේසේකර මහතා සදහන් කළේය.

1 Comment

  • Your point of view caught my eye and was very interesting. Thanks. I have a question for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close