July 27, 2024
යුනයිටඩ් වෙන්චර්ස් අධිපති හිරාන් පීටර් සමාජ සේවා තානාපති සම්මානයෙන් පිදුම් ලබයි 
පුවත්

යුනයිටඩ් වෙන්චර්ස් අධිපති හිරාන් පීටර් සමාජ සේවා තානාපති සම්මානයෙන් පිදුම් ලබයි 

Feb 1, 2024

දිවයිනේ ප්‍රමුඛතම තත්ත්ව ඇගැයීම් සංවිධානයක් වන MUGP ජාත්‍යන්තර සංවිධානය පිරිනමන “සමාජ සේවා තානාපති” සම්මානය යුනයිටඩ් වෙන්චර්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාග‌මේ අධිපති ආචාර්ය හිරාන් පීටර් මහතාට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් හිමි විය. කිසියම් පුද්ගලයකු හෝ ආයතනයක් විසින් සමාජයේ උන්නතිය වෙනුවෙන් කරන ලද සේවාව පිළිබඳව සමීක්ෂණය හා නිරීක්ෂණය කර තෝරා ගෙන විශිෂ්ටම පුද්ගලයාට හෝ ආයතනයට මෙම සම්මානය පිරිනමයි. ආචාර්ය හිරාන් පීටර් මහතාට මෙම සම්මානය හිමි වූයේ ඔහු විසින් ශ්‍රී ලාංකික ජනතාවට සිදු කරන ලද නිහඬ සේවය අගය කිරීමක් ලෙස වීම සුවිශේෂත්වයකි. ඉහත සම්මානයට අමතරව විශිෂ්ටම ඉදි කිරීම් ආයතනය සඳහා වූ සම්මානයද හිරාන් පීටර් මහතාගේ අධිපතිත්වයෙන් යුතු රාජගිරියේ පිහිටි යුනයිටඩ් වෙන්චර්ස් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම දිනා ගෙන ඇත. දිවයිනේ ප්‍රමුඛතම ඉදි කිරීම් ආයතනයක් වන මෙම සමාගම දස වසරකට වැඩි අත්දැකීම් හා පළපුරුද්ද සහිතව නිවාස හා ඉදි කිරීම් ක්ෂේත්‍රයේ විවිධ අංශවල සේවා සපයයි. සේවා ලාභීන්ට ගුණාත්මක සේවයක් සැළසීම මෙන්ම විශාල පිරිසකට රැකියා සැපයීම ඉහත සම්මානය ලැබීමට පාදක වී ඇත. එලෙසම මෙම ආයතනය දිවයින පුරා විවිධ ප්‍රදේශවල විශාල පිරිසකට සිය සේවය සපයමින් ජනතාවගේ ඇගයීමට සහ ප්‍රශංසාවට ලක් වූවකි. තරුණ වියේ පසුවන ව්‍යවසායක ආචාර්ය හිරාන් පීටර් මහතා ඉහත සම්මාන ලැබීම පිළිබඳව ප්‍රකාශ කළේ මෙම සම්මාන තමන්ට ලැබුණු ගෞරවයකටත් වඩා මෙරට තරුණ පරපුරට තව තවත් සමාජ මෙහෙවර සිදු කිරීම කෙරෙහි උද්දීපනයක් ඇති කිරීමට කළ අගය කිරීමක් බවය. එසේම මෙම සම්මාන තම ව්‍යාපාර වඩා ගුණාත්මකවද සමාජ සේවා කටයුතු වඩා පුළුල්වද තව දුරටත් ක්‍රියාත්මක කිරීමට විශාල ශක්තියක් බවද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *