July 27, 2024
Ceylon Energy සමාගමට කෙන්යානු ජනාධිපති විශේෂ ආර්ථික කළාප ව්‍යාපාර බලපත්‍රය පිරිනමයි
පුවත්

Ceylon Energy සමාගමට කෙන්යානු ජනාධිපති විශේෂ ආර්ථික කළාප ව්‍යාපාර බලපත්‍රය පිරිනමයි

Feb 1, 2024

විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත Ceylon Energy සමාගමට කෙන්යානු ජනාධිපති ආචාර්ය විලියම් රුටෝ විශේෂ ආර්ථික කළාප ව්‍යාපාර බලපත්‍රය පිරිනමයි. Naivasha විශේෂ ආර්ථික කළාපයේ මෙහෙයුම් ඇරඹීමට නිකුත් කළ එම බලපත්‍රය කෙන්යානු ජනාධිපතිවරයා Ceylon Energy ආයතනයේ නිර්මාතෘ හා සභාපති මධුසංක ප්‍රනාන්දු මහතා වෙත ජනවාරි 13 වන දින කෙන්යාවේ නයිරෝබිහිදී භාර දුන්නේය. බලපත්‍රය ලැබීමෙන් පසු ජනාධිපතිවරයා සමඟ පිළිසඳරක යෙදෙමින් ප්‍රනාන්දු මහතා පැවසුවේ Ceylon Energy සමාගම පළමු අදියරේදී Naivasha විශේෂ ආර්ථික කළාපයේ අක්කර පහක භූමියක කෙන්යානු සිලිං බිලියන 1.1ක ආයෝජනයක් කිරීමට නියමිත බවයි. එම සම්පූර්ණ ව්‍යාපෘතිය අවසානයේ රැකියා 374ක් නිර්මාණය වේ. ගැල්වනයිස් කිරීම, හෙලිකල් ඇන්කර්, සුහුරු මීටර්, කුළුණු නිෂ්පාදනය සහ වානේ පින්තාරු කිරීම වැනි ව්‍යාපෘති ඉලක්ක කර ගනිමින් අදාළ ආයෝජන කිරීමට නියමිතය.

ප්‍රනාන්දු මහතා ඩේවිස් චිර්චිර් (කැබිනට් ලේකම් – බලශක්ති හා ඛණිජ තෙල් අමාත්‍යංශය), රෙබෙකා මියානෝ (කැබිනට් ලේකම් – ආයෝජන, වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යංශය), ඇලෙක්ස් වෂිරා (ප්‍රධාන ලේකම් – බලශක්ති හා ඛණිජ තෙල් අමාත්‍යංශය), අබු බකර් හසන් (ප්‍රධාන ලේකම් – ආයෝජන ප්‍රවර්ධනය රාජ්‍ය දෙපාර්තමේන්තුව), ආචාර්ය කෙනත් චෙලුලේ (ප්‍රධාන විධායක නිලධාරී – විශේෂ ආර්ථික කළාපය) සහ ෆ්‍රෙඩ්රික් මුටෙටි (සභාපති – විශේෂ ආර්ථික කළාපය) ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය. එහිදී යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට Ceylon Energy සමාගම සමඟ සමීපව කටයුතු කිරීමට ඔවුහු කැමැත්ත පළ කළහ. විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘති පිළිබඳව වසර 50ක අත්දැකීම් ඇති Ceylon Energy සමාගම පසුගිය කාලය පුරා ලොව පුරා පාර්ශ්ව රැසක් සමඟ ඇති කර ගත් උපාය මාර්ගික සන්ධාන සහ සහයෝගිතා නවතම ගෝලීය තාක්ෂණය සහ නව්‍යකරණය සමඟ විදුලි හා බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට Ceylon Energy සමාගමට පිටිවහලක් වී තිබේ. වර්තමානයේදී අප්‍රිකානු කළාපයේද මෙහෙයුම් අරඹා ඇති එම සමාගම බලශක්තිය සඳහා ප්‍රවේශ වීමට සැමට අවස්ථාව සැළසීම සඳහා වන දැක්ම සමඟ බටහිර සහ ආසියානු කළාපවලද සිය මෙහෙයුම් අරඹමින් සිටී.

1 Comment

  • I was suggested this web site by my cousin Im not sure whether this post is written by him as no one else know such detailed about my trouble You are incredible Thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *