July 26, 2024
බලශක්ති කළමනාකරණයට නව්‍ය විසඳුම්
ජීවිතය නායකයෝ පුවත්

බලශක්ති කළමනාකරණයට නව්‍ය විසඳුම්

Nov 2, 2023
දමිත සන්දනායක

මේ මාසයේදී, බලශක්ති කළමනාකරණ පද්ධති (EnMS) පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුදුසුකමක් සහිතව ශ්‍රි ලංකාවේ බලශක්ති සංරක්ෂණවේදීන්ගේ පළමුවැනි කණ්ඩායම උපාධි ලබති. ජාතික තලයේ නිෂ්පාදන අංශය පුරා බලශක්ති සංරක්ෂණය උදෙසා දැවැන්ත සක්‍යතාවයක් ඇති පසුබිමක, ප්‍රමුඛ ව්‍යාපාරික ආයතන තම ව්‍යාපාර නොකඩවා පවත්වාගෙන යාමේදී දැරීමට ඇති පිරිවැය අවමකරගැනීමට අපේක්ෂාකරන බැවින් මෙම උපාධිධාරීන් සතු කුසලතාවලට වෙන කවරදාටත් වඩා වැඩි වටිනාකමක් ඇත. ඉදිරි සති කිහිපයේදී, අපි ඔබට ශ්‍රී ලංකාවේ මෙම නව බලශක්ති සංරක්ෂණවේදීන්ගෙන් කිහිපදෙනෙකු හඳුන්වාදෙමු.

දමිත සන්දනායක නැව් අලූත්වැඩියා කිරීමේ, නැව්තැනීමේ, බැර ඉංජිනේරු, සහ අක්වෙරළ ඉංජිනේරු  පහසුකම් පිළිබඳ ශ්‍රී ලංකාවේ  ප්‍රමුඛ ආයතනය වන කළම්ඹු ඩොක්යාර්ඩ් පීඑල්සී  සමාගමේ ඉංජිනේරු කළමනාකාර නිලධාරියෙකි.

එම සමාගමේ සේවක පිරිසට අලූතින් එක්වූ දමිත නව අපේක්ෂාවන් ගෙන එමින් තමන් කළයුතු කාර්යයට අමතරව තවත් දෙවල් කිරීමේ කැමත්තෙන් පසුවිය. රෙදිපිළි නිෂ්පාදන කම්හලක  විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී ඔහු බලශක්තිය ඉතිරි කරගත හැකි විවිධ ක්‍රම නිරීක‍්ෂණ කළේය. ”මම හැකියාව ඇති හැමතැනදීම කුඩාපරිමාණ ඉන්ධන ඉතිරිකිරීමේ කාර්යයන් ක්‍රියාත්මක කළෙමි. අවසානයේ මෙම මූලාරම්භයන් කළමනාකාරිත්වයේ අවධානයට යොමු කෙරුණු අතර  එහි ප්‍රතිඵලයක් ලෙස ඔව්හු වෙනම බලශක්ති කළමනාකරණ අංශයක් පිහිටු වූහ.”

 ඉතා වැදගත්කමත් ඇති මෙම වික්‍රමය සාක්ෂාත් කරගැනීමෙන් පසුව. දමිත තවත් ඉගෙනගැනීමට මහත් ඇල්මකින් පසුවිය. ශ්‍රී ලංකා තිරසර බලශක්ති අධිකාරිය සහ ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරුවන්ගේ සංගමය පිරිනැමූ පුහුණු පාඨමාලාවක් හැදෑරීමට ඔහු ඇතුළත්විය.

දමිත කළම්ඹු ඩොක්යාර්ඩ් සමාගමේ සේවය බැඳුනේ 2019 දීය. ”මෙම සමාගමේ සේවයට එක්වීමෙන් පසුව මම බලශක්ති කළමනාකරණය උදෙසා ක්‍රමානුකූල ප්‍රවේශයක්  ඇතිකිරීම පිණිස උදව් කළ අතර පවතින වැඩසටහන් දියුණුකිරීමට ක්‍රියා කළා. ගත වූ වසර හතරක කාලයක සිට මම  බලශක්ති කළමනාකරණ අංශයේ ප්‍රධානි ලෙස සේවය කරමින් සිටිමි. එම අංශයට විවිධ කාර්යයන් පැවරී ඇති කණ්ඩායමක් මෙන්ම බලශක්තිය සම්බන්ධයෙන් ක‍ෂණික ප්‍රතිචාර කණ්ඩායමක් ඇතුළත් වෙති.”

නැව් අලූත්වැඩියාව කළම්ඹු ඩොක්යාර්ඩ් සමාගමට මූලික වශයෙන් විශේෂඥතාව හිමි විෂය ක්ෂේත්‍රය වන අතර  නැව්තැනීම එහි වර්ධනයවෙමින් පවතින ව්‍යාපාර අංශයකි. ලෝක නැව් ගමනා ගමනයේ උපාය මාර්ගික වශයෙන් වැදගත් කේන්ද්‍රස්ථානයක් වන කොළඹ වරාය ඇතුළත පිහිටි මෙම සමාගම අන්තර්ජාතික ව්‍යාපෘති සහ අක්වෙරළ නැව්  අලූත්වැඩියා කිරීමේ ව්‍යාපෘති බාරගනී.

”අප සමාගම සැලකිය යුතු විශාල බලශක්ති ප්‍රමාණයක් පරිභෝජනය කරන අතර ඉන් 90%ක් විදුලිය වෙයි. එනම් මසකට කිලෝවොට්ස් පැය මිලියන 1.3කි. එල්පී ගෑස්  විශාල වශයෙන් නිෂ්පාදනයට මෙන්ම 2000 ක් වන කළම්ඹු ඩොක්යාර්ඩ් සමාගමේ සේවක පිරිස සහ 2500 ක් වන උපකොන්ත්‍රාත් කාර්ය මණ්ඩලය වෙනුවෙන් යොදා ගන්නා ලොන්ඩ්‍රිය සහ මුළුතැන් ගෙවල්වලට ප්‍රයෝජනයට ගැනේ. ජලය උණුකිරීම පිණිස එල්පී ගෑස් වෙනුවට මෑතක සිට ජෛව ස්කන්ධ භාවිත කෙරේ. අපගේ නව බොයිලේරුවලට කුස්සියෙන් ඉවත දමන පොල්කටු ඉන්ධනය ලෙස යොදාගැනේ. මෙමගින් එල්පී ගෑස් භාවිතය 20%කින් අඩුකිරීමට දායකවී ඇත.”

”මානව චර්යාව වෙනස්කිරීම බලශක්ති කාර්යක්ෂතාව ඉහළ නැන්වීමේ ප්‍රධාන සාධකය ලෙස මම දැඩි ලෙස විශ්වාස කරමි. සේවකයන් පුහුණුකිරීම සහ ඔවුන් දැනුවත් කිරීම අපගේ ආයතනයේ  මූලධර්මයක් බවට පත්ව ඇත්තේ එනිසයි. අපි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය  සමඟ සම්බන්ධවී  විධිමත් පුහුණුකිරීමේ වැඩසටහන් පවත්වන අතර බාහිර උපදේශකවරුන්ගේ මාර්ගයෙන් වැඩමුළු පවත්වමු. අප ”බලශක්ති කළමනාකරණ සති” වැඩසටහනක් ආරම්භ කළෙමු. එය පැවැත්වූ හතරවැනි වසර 2023 ය. මෙම වැඩසටහන බලශක්ති කළමනාකරණයේ වැදගත්කම ගැන දැනුම ප්‍රවර්ධනයට මහත් රුකුලක් වන අතර බලශක්ති කාර්යක්ෂමතාවයේ අරමුණු සාක්ෂාත්කරගැනීමට අපගේ කණ්ඩායමට එකමුතුව වැඩකිරීමට දිරියක් වෙයි.

නිෂ්පාදන ඉලක්ක සපුරාගැනීම පිණිස පීඩනයක් පවතින අතරතුර බලශක්ති ඉතිරිකිරීමේ විධික්‍රමවලට අනුගතවීම විශෙෂයෙන් අභියෝගාත්මක විය හැකිය. බලශක්ති අපතේයාමකට තුඩුදිය හැකි කාන්දුවීම් හෝ හානිසිදුවීම් නිවැරැදි කිරීම පිණිස ක‍්ෂණික ප්‍රතිචාර අවස්ථාවලට පහසුකම් සැලසීම පිණිස මම මනා සම්බන්ධිකරණයකින් සේවය කරමින් සිටිමි. අපගේ ක්‍රියාවලිය දේශීයව මිනුම් ලකුණ කිරීමට දුෂ්කරය. නැව් අලූත්වැඩියාකිරීමේ සහ නැව්තැනීමේ වැද්දුම් වැඩ. තාපනය, ලෝහ වැඩඉටුකිරීම; ඒ වෙනුවට අපට අපව මිනීමට සිදුවන්නේ ගෝලීය ආයතනවලට එදිරිවය. 2022 දී අපි ISO 50001 තත්ව සහතිකය ලබාගත්තෙමු. එය ව්‍යාපාරික කටයුතුවල ස්වභාවය අනුව දෙන ලද   සැලකිය යුතු ප්‍රතිඥාවකි. එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය මෙහෙයවූ බලශක්ති කළමනාකරණ ක්‍රම පිළිබඳ පුහුණු පාඨමාලව හැදෑරීමෙන් සම්මත අගය සහ ප්‍රායෝගික භාවිතය ගැන මට පෘථුල  අවබෝධයක් ලබාගැනීමට හැකිවිය.

නිෂ්පාදනය වැඩිකරගැනීමට ඇති  සමාගමේ අවශ්‍යතාව සම්පූර්ණ කිරීමේදී  උන්නතිය පිණිස අඛණ්ඩ ප්‍රවේශයක් අවශ්‍ය වනු ඇත. බලශක්ති කළමනාකරණය පිණිස පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාවලි ආරම්භකරමින් මෙම ඉහළින් පවතින තාක‍්ෂණ ක්‍රියාවලියේ පවතින අවස්ථා ගවේෂණය කිරීමට මට  මහත් අවශ්‍යතාවක් ඇත. ඊට අමතරව, බලශක්තිය වැයවන සියලූ යන්ත්‍රෝපකරණ පවතින මිනුම් ලකුණු සපුරාලීමට සමත්ව ඇද්දැයි තීරණය කිරීම පිණිස එවැනි යන්ත්‍රෝපකරණ සඳහා දිගටම සිදුවන ඇගයීම් සිදුකිරීමට සැලසුම් කරමි. සමස්තයක් වශයෙන්, අපි අපගේ තිරසරභාවය පිළිබඳ අභිමතාර්ථ සාර්ථක කරගැනීමට සහ හරිත අනාගතයක් සහතිකකිරීම සඳහා ඉවහල්වන බලශක්ති කළමනාකරණය සඳහා නව්‍ය විසඳුම් සෙවීමට කැපවී සිටිමු”.

බලශක්ති කළමනාකරණ පද්ධති පුහුණුව (EnMS) ‘ශ්‍රී ලංකාවේ කර්මාන්තවල දේශගුණ ප්‍රතිචාර කඩිනම්කිරීමේ’ ව්‍යාපෘතියේ අංගයකි. යුරෝ 7.56 ක් වැයවන, මෙම පස්වසරක ව්‍යාපෘති මූලාරම්භයට අරමුදල් සපයනු ලබන්නේ යුරෝපීය සංගමයේ ගෝලීය දේශගුණ විපර්යාස පිළිබඳ සංධානය+ (European Union’s Global Climate Change Alliance+ (GCCA+) විසිනි. එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය එය ක්‍රියාත්මක කරන අතර, පරිසර අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය ප්‍රතිරූපි මගපෙන්වන රාජ්‍ය ආයතන වෙයි.

7 Comments

  • I always was concerned in this topic and stock still am, thankyou for posting.

  • I couldn’t resist commenting

  • I’ll right away grab your rss as I can’t find your email subscription link or newsletter service. Do you have any? Please let me know so that I could subscribe. Thanks.

  • of course like your web site however you have to take a look at the spelling on several of your posts. Several of them are rife with spelling issues and I to find it very bothersome to inform the reality on the other hand I will certainly come again again.

  • Those are yours alright! . We at least need to get these people stealing images to start blogging! They probably just did a image search and grabbed them. They look good though!

  • Hey, you used to write wonderful, but the last few posts have been kinda boringK I miss your super writings. Past several posts are just a little out of track! come on!

  • Great post, you have pointed out some superb details , I besides conceive this s a very wonderful website.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *