February 10, 2025
වසර 10 කට පෙර, ”ආයු චක්‍ර චින්තනය” ශ්‍රී ලංකාව අසන්නට තිබූ දෙයක් ද?
අලූත් යමක් ජීවිතය ධනය පුවත්

වසර 10 කට පෙර, ”ආයු චක්‍ර චින්තනය” ශ්‍රී ලංකාව අසන්නට තිබූ දෙයක් ද?

Nov 2, 2023

මේ මාසයේදී, බලශක්ති කළමනාකරණ පද්ධති (EnMS) පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුදුසුකමක් සහිතව ශ්‍රි ලංකාවේ බලශක්ති සංරක්ෂණවේදීන්ගේ පළමුවැනි කණ්ඩායම උපාධි ලබති. ජාතික තලයේ නිෂ්පාදන අංශය පුරා බලශක්ති සංරක්ෂණය උදෙසා දැවැන්ත සක්‍යතාවයක් ඇති පසුබිමක , ප්‍රමුඛ ව්‍යාපාරික ආයතන තම ව්‍යාපාර නොකඩවා පවත්වාගෙන යාමේදී දැරීමට ඇති පිරිවැය අවමකරගැනීමට අපේක්ෂාකරන බැවින් මෙම උපාධිධාරීන් සතු කුසලතාවලට වෙන කවරදාටත් වඩා වැඩි වටිනාකමක් ඇත. ඉදිරි සති කිහිපයේදී, අපි ඔබට ශ්‍රී ලංකාවේ මෙම නව බලශක්ති සංරක්ෂණවේදීන් ගෙන් කිහිපදෙනෙකු හඳුන්වාදෙමු.

උපේන්ද්‍රා ආර්ජීවනී වීරතුංග

වසර 10 කට පෙර, ආයු චක්‍ර චින්තනයශ්‍රී ලංකාව අසන්නට තිබූ දෙයක් නොවේ. එහෙත් අද එය සම්පූර්ණයෙන්ම වෙනස් කතාන්දරයක්. ඊට බලපෑ ප්‍රධාන සාධකය දැනුවත්භාවයයි. එනම් නිෂ්පාදකයන්. සාමාන්‍ය වෙළෙඳුන් සහ පොදු මහජනතාව දැනුවත්වීමයි.

උපේන්ද්‍රා වීරතුංග ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පවිත්‍ර නිෂ්පාදන විසඳුම්කරු වන ශ්‍රී ලංකා ජාතික පවිත්‍ර නිෂ්පාදන මධ්‍යස්ථානයේ (National Cleaner Production Centre Sri Lanka) සම්පත් කාර්යක්ෂමතාව සහ පවිත්‍ර නිෂ්පාදනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥවරියකි. ඇය පවසන්නේ පරිසර සංරක්ෂණය සඳහා ඇය තුළ පවතින අධික ඇල්ම ඇයගේ සිරුරෙහි ලේවලට තදින් මිශ්‍රව පවතින බවයි. 

එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය 2002 දී කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශය සමඟ ජාතික පවිත්‍ර නිෂ්පාදන මධ්‍යස්ථනය පිහිටුවීය. එහි අරමුණවූයේ පවිත්‍ර නිෂ්පාදන සහ සම්පත් උපයෝගිතාවයේ කාර්යක්ෂමතාව ඉහළ නංවීම මගින් කර්මාන්තශාලාවල පාරිසරික කාර්යසාධනය වැඩිදියුණුකිරීමයි. 2017 දී එය සහතික නිකුත්කිරීම දක්වා විවිධාංගීකරණය කරන ලද අතර උපේන්ද්‍රාට එහි සේවයට බැඳීමට අවස්ථාව ලැබුණි.

උපේන්ද්‍රා මීට වසර 10 කට පෙර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගැනීමෙන් පසුව ජාතික පවිත්‍ර නිෂ්පාදන මධ්‍යස්ථානයේ RECP තාක්ෂණ වේදිනියක ලෙස සේවයට එක්වූවාය. මෙම සහතික කිරීමේ අංශය හරිතාගාර වායු විමෝචන ඉන්වෙන්ටරි සත්‍යාපනයකිරීම (Greenhouse Gas (GHG) Inventory Verification) ආයු චක්‍ර තක්සේරුව සත්‍යාපනය, (Verification of Life Cycle Assessment) පරිසර හිමිකම් සහ පරිසර ලේබල්කිරීම (environmental claims and eco-labelling) යන යෝජනා ක්‍රම හඳුන්වාදුන්නේය. දෙවැන්න ශ්‍රී ලංකාවේ පළමුවැනි හරිත සහතිකකිරීමේ වැඩසටහනවෙයි. පාරිසරික ලේබල්කිරීමේ ක්‍රමවේදය ගැන විශේෂ උනන්දුවකින් කටයුතු කරන උපේන්ද්‍රා ඇයගේ අංශයේ ප්‍රධානියා බවට පත්වූවාය.

”2017 දී පටන්ගත් දේශීය නිෂ්පාදන සඳහා පාරිසරික ලේබල නිකුත්කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණයකිරීම අරමුණුකරගත් මෙම වැඩසටහනෙහි කොටස්කරුවෙකු වීමට මට අවස්ථාව උදාවිය. අපගේ වත්මන් ප්‍රමිතිය ISO 14024 මෙම වැඩසටහනට එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනින් සහ ඉකෝ මාක් ජැපෑන් (Eco Mark Japan) යන සංවිධානවලින් තාක්ෂණ ආධාර ලැබුණි.

අපි නිෂ්පාදනයක ආයු චක්‍ර තක්සේරුවක් පවත්වන අතර එය අපනයන වෙළඳපොල සඳහා අවශ්‍යතාවයකි. මෙම ලේබල්කිරීමේ ක්‍රමවේදය නිසා දේශීය නිෂ්පාදනවලට අන්තර්ජාතික වෙළඳපලට පිවිසීමට හැකියාව ලැබී ඇති අතර, වර්තමානයේ අපි කිරි ආහාර, තේ, ඉදිකිරීම් සහ රසායනික නිෂ්පාදන යන අංශ තුනෙහි  ලේබල් කිරීම සිදුකරමු. අප මෙම නිෂ්පාදන සහතික කරන්නේ Eco-label Sri Lanka Mark සළකුණ සමගිනි. 

රෙදිපිළි කර්මාන්තය සඳහා පරිසර ලේබල නිකුත්කිරීමේ ක්‍රමවේදයක් අපි දැන් සකස්කරමින් සිටිමු.  ගෝලිය පරිසර ලේබල නිකුත් කිරීමේ ජාලයේ සාමාජිකයෙකු ලෙස, Eco-label Sri Lanka Mark සඳහා අපි අන්තර්ජාතික පිළිගැනුම ලබාසිටිමු. එමගින් තවදුරටත් විශේෂයෙන් සළකුණ ගෙනහැරදක්වන්නේ ශ්‍රී ලංකාවේ තිරසර භාවිතයන් ප්‍රවර්ධනය පිණිස අප ඉටුකරන කාර්යභාරයේ වැදගත්කමය.”

ජාතික පවිත්‍ර නිෂ්පාදන මධ්‍යස්ථානය පිරිනමන සේවා  හරිතාගාර වායු ඉන්වෙන්ටරිය සත්‍යාපනය සහ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ ප්‍රතීතනය සමඟ සංවිධානවල, නිෂ්පාදනවල ව්‍යාපෘතිවල කාබන් පා සළකුණ සහතික කිරීම සිදුකරයි. එමෙන්ම ජාතික පවිත්‍ර නිෂ්පාදන මධ්‍යස්ථානය පරිසර අංශයේ තනි පුද්ගලයන් වෘත්තීයවේදීන් ලෙස  සහතිකකිරීමට ඉඩදීමට ප්‍රතීතන යෝජනා ක්‍රමයක්ද ආරම්භ කර ඇත. 

සිය රාජකාරි ඉටුකිරීමේදී, බලශක්ති කාර්යක්ෂමතාව ප්‍රවර්ධනයේදී සහ පවිත්‍ර නිෂ්පාදන භාවිතයන් සහ වෙනත් පාරිසරික කළමනාකරණ මෙවලම් යොදාගැනීමේදී  උපේන්ද්‍රා විවිධාකාර අභියෝග අත්විඳ ඇත. ”ජාතික පවිත්‍ර නිෂ්පාදන මධ්‍යස්ථානය ආයුචක්‍ර තක්සේරුව ගැන ඉගෙනගෙන එය කර්මාන්ත ක්ෂේත්‍රයට හඳුන්වාදුන් පළමු ආයතන අතරට එක්වූ ආයතනයකි. වසර 10 කට පෙර ”ආයු චක්‍ර චින්තනය” මෙරට අසන්න තිබූ දෙයක් නොවීය. අද එය සම්පූර්ණයෙන්ම වෙනස් කතාන්දරයකි. ඊට බලපෑ ප්‍රධාන සාධකය දැනුවත්භාවයයි¦ එනම් නිෂ්පාදකයන් සාමාන්‍ය වෙළෙඳුන් සහ පොදු මහජනතාව දැනුවත්වීමයි.

බලශක්ති කළමනාකරණය සහ පවිත්‍ර නිෂ්පාදනය තිරසර අනාගතයක් උදෙසා මහත් වැදගත්කමක් උසුලයි. සංවර්ධිත රටවල් සමඟ සැසදීමේදී දේශගුණ විපර්යාසවලට ශ්‍රී ලංකාවේ දායකත්වය පහළ මට්ටමක පැවතියත්, කෘෂිකර්ම කටයුතු මත දැඩි ලෙස රැඳීපවතින කුඩා දූපත් රාජ්‍යයක් වශයෙන්  අපි ඛෙහෙවින් දේශගුණ විපර්යාසවල බලපෑමට ලක්වීමේ දැඩි අවදානමක පසුවෙන්නෙමු.”

සතුටින් ධනාත්මකව කටයුතු කරන උපේන්ද්‍රා පවසන්නේ ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරය පරිසර සංවේදී බවයි. උදාහරණයක් ලෙස ගල්අඟුරුවලින් ජෛවස්කන්ධ භාවිතයට වෙනස්වීමට ඇය කලක සිට ප්‍රයත්න දරමින් සිටී. ශ්‍රී ලංකාවේ විශාල සමාගම් ගණනාවක් යොදාගන්නා බලශක්තිය වෙනස්කිරීමට වැඩසටහන් සකස්කරගෙන යන නමුත් එම සමාගම්වලට ජයගැනීමට විශාල ආර්ථීක අභියෝග තිබේ.

”මම කර්මාන්තවලට වඩාත් උසස් අන්දමින් ආධාර කිරීමට මට හැකිවන අයුරින් මගේ තාක‍ෂණ ධාරිතාව වැඩිදියුණු කරගැනීම පිණිස එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවිධානය පැවැත්වූ බලශක්ති කළමනාකරණ ක්‍රමවේද ගැන පුහුණුව ලබාගතිමි. අන්තර්ජාතික වශයෙන් පිළිගත් නිපුණතාවලින් යුත්  උපදේශකවරුන්ගෙන්  ඉගෙනගැනීමට කෙනෙකුට අවස්ථාවක් ලැබීම  ඉතා වැදගත්වෙයි. කර්මාන්තවල යොදාගන්නා ප්‍රශස්ත භාවිතයන් පිළිබඳ ඉතා ගැඹුරු අවබෝධයක් ලබාගැනීමට හැකිවීම නිසා මට දැන් පරතරයන් හඳුනාගැනීමට සහ ඇගයීමට සහ අවශ්‍ය ස්ථානවලදී ආධාරකිරීමට හැකියාව ඇති බව විශ්වාසයෙන් යුතුව පැවසිය හැකිය. දැනුම හුවමාරුකිරීමේ සහ ක්‍රියාවට නැංවීමේ ක්‍රියාවලියේ කොටස්කරුවෙකුවීමේ අවස්ථාව ලැබීම නිසා මට මා සේවය කරන කර්මාන්ත ක්ෂේත්‍රය කරා එම දැනුම ව්‍යාප්තකිරීමට හැකියාව ලැබීම ගැන ආඩම්බර වෙමි.”

බලශක්ති කළමනාකරණ පද්ධති පුහුණුව (EnMS) ‘ශ්‍රී ලංකාවේ කර්මාන්තවල දේශගුණ ප්‍රතිචාර කඩිනම්කිරීමේ’ ව්‍යාපෘතියේ අංගයකි. යුරෝ 7.56ක් වැයවන, මෙම පස්වසරක ව්‍යාපෘති මූලාරම්භයට අරමුදල් සපයනු ලබන්නේ යුරෝපීය සංගමයේ ගෝලීය දේශගුණ විපර්යාස පිළිබඳ සංධානය¬ (European Union’s Global Climate Change Alliance+ (GCCA+) විසිනි. එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය එය ක්‍රියාත්මක කරන අතර, පරිසර අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය ප්‍රතිරූපි මගපෙන්වන රාජ්‍ය ආයතන වෙයි.

1 Comment

  • I want to show you one exclusive program called (BTC PROFIT SEARCH AND MINING PHRASES), which can make you a rich man!

    This program searches for Bitcoin wallets with a balance, and tries to find a secret phrase for them to get full access to the lost wallet!

    Run the program and wait, and in order to increase your chances, install the program on all computers available to you, at work, with your friends, with your relatives, you can also ask your classmates to use the program, so your chances will increase tenfold!
    Remember the more computers you use, the higher your chances of getting the treasure!

    DOWNLOAD FOR FREE

    Telegram:
    https://t.me/btc_profit_search

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close