TikTokහි Raha Deen සමඟ කොළඹ නවතම රස මාවතේ සැරිසරන්න
නිරන්තරයෙන් වෙනස් වන කොළඹ ආහාර සංස්කෘතිය තුළ අලුත් කැෆේ, අලුත් රෙස්ටුරන්ට් හෝ අප මෙතෙක් රස බලා නැති කෑම වර්ග සාදන කුඩා නිවෙස් ආශ්රිත ව්‍යාපාර බිහි වෙමින් පවතින්නේ විවිධ රසයන් පාරිභෝගිකයින් වෙත ගෙන යමිනි. මේ රසවත් ව්‍යාපාර පිළිබඳව තොරතුරු බොහෝ පාරිභෝගිකයින් දැනගන්නේ සමාජ මාධ්‍ය අවකාශයන් තුලිනි. විශේෂයෙන් TikTok අවකාශයන් එහිදී වඩා වැදගත් වන්නේ ශ්‍රී ලාංකිකයින් බහුතරයක් එහි පරිශීලකයින් ලෙස කටයුතු කරන බැවිනි. Raha Deen ඒ ආකාරයෙන් ආහාර පිළිබඳ වීඩියෝ නිර්මාණය කරමින් අලුතින්ම විවෘත වන කැෆේ සහ රසවත් ස්ථාන සොයා යන්නියකි. ඇය, කොළඹ කෑම කලාවේ අලුත්ම තොරතුරු අපේ ජංගම දුරකථන තිර වෙත රැගෙන එයි. එමඟින් ප්‍රේක්ෂකයන්ට එම ස්ථාන වෙත යාමට පෙරම ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත හැක.
Raha ට අනුව, අලුත් කෑම සෙවීම යනු රසවත් තැනකින් කෑම වේලක් ගැනීම පමණක්ම නොවේ. ඇය මෙයින් දුටුවේ අන් අයට කොළඹ කෑම සංස්කෘතිය ගැන කියාදීමට සහ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවන කුඩා ව්‍යාපාර හඳුන්වා දීමට ඇති අවස්ථාවකි.
“මම හැමදාම අලුත් කෑම වර්ග රස බලන්න සහ කන්න අලුත් තැන් හොයන්න ආස කළා. ඒ වගේම කොළඹින් හොඳ හලාල් කෑම සොයාගන්න අයට උදව් කරන්නත් මට ඕන වුණා. මට හමුවෙන රෙස්ටුරන්ට්, කෑම තැන් සහ නිවෙස් ආශ්‍රිතව කරන කුඩා කෑම ව්‍යාපාර ගැන මම සමාජ මාධ්‍යවල පළ කරන්න පටන් ගත්තේ ඒ නිසයි,” ඇය පවසයි.
සමහර අවස්ථාවලදී, එක කෑම පිඟානක වීඩියෝවක් දැකීමෙන් පමණක් ඔබ දුරකථනය නැරඹීම කිරීම නතර කර, ඔබේ මීළඟ කෑම වේල සඳහා සැලසුම් කිරීමට පෙළඹිය හැක. ඔබ කවදාවත් අසා නැති කැමේ එකක්, අලුතින්ම විවෘත කළ රෙස්ටුරන්ට් එකක් හෝ වෙනස්ම කෑමක් හදන නිවෙස් ආශ්රිත ව්‍යාපාරයක්, නිකම්ම බලන වීඩියෝවක් හරහා අලුත් සොයාගැනීමක් බවට පත් විය හැක.
මේ තුළින් අලුත් දෑ සොයා ගැනීමට ක්‍රම කිහිපයක් ඇත. For You පිටුව මඟින් නරඹන්නන්ගේ රුචිකත්වයන් අනුව වීඩියෝ හඳුන්වා දෙන අතර, Search පහසුකම මඟින් රෙස්ටුරන්ට්, කෑම වර්ග, සහ කෑම පිළිබඳ විචාර සෙවිය හැක. #colombofood, #cafesincolombo, #colombofoodie වැනි හෑෂ්ටැග් භාවිතයෙන් කොළඹ කෑම තැන් හෝ ඊළඟට යන කැෆේ එක ගැන අදහස් සොයන අයට අදාළ වීඩියෝ පහසුවෙන් සොයාගත හැක.
“කොළඹ කෑම සංස්කෘතිය ප්‍රසිද්ධ රෙස්ටුරන්ට් සහ කැෆේ පමණක්ම නෙවෙයි. සමහර රසවත් කෑම තැන් හමුවෙන්නේ නුදුරු අසල්වැසි කුඩා ස්ථානවලින් හෝ නිවෙස්වල ඇති කුස්සිවලින්. මේ වගේ කුඩා ව්‍යාපාර තමන්ටම කියා පාරිභෝගික පිරිසක් ගොඩනඟා ගනිමින් ඉන්නවා.” ඇය පවසයි.
“කෙටි වීඩියෝමඟින් නිර්මාණකරුවන්ට පුළුවන් මේ ව්‍යාපාරවලින් ලැබෙන කෑම වර්ග වගේම ඒ පිටුපස තියෙන පරිසරයත් ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න. මෙය නරඹන්නන්ට අලුත් තැනකින් කෑම රස බලන්න අදහසක් ලබා දෙනවා. ඒ වගේම, නිර්මාණකරුවෙක් තමන්ගේ වීඩියෝවක් හරහා මෙවැනි කුඩා ව්‍යාපාරයක් හඳුන්වා දීමෙන්, ඔවුන්ගේ දැනට සිටින පාරිභෝගික සීමාවෙන් ඔබ්බට ගොස් අලුත් පාරිභෝගිකයන් වෙත ළඟා වෙන්න අවස්ථාව ලැබෙනවා.” ඇය වැඩි දුරටත් සඳහන් කර සිටියි.
කොළඹ අවට තවත් හලාල් කෑම ස්ථාන සොයා ගැනීමටත්, සැඟවුණු රසවත් තැන් ගවේෂණය කිරීමටත්, නිවෙස් ආශ්‍රිතව කෙරෙන කුඩා කෑම ව්‍යාපාර වැඩි ප්‍රමාණයකට ප්‍රේක්ෂක අවධානය ලබා දීමටත් Raha මේ තුලින් බලාපොරොත්තු වෙයි.

