ජපන් වෙළඳපොළ ජයගනිමින් විදේශීය මෝටර් රථ සන්නාමයක වේගවත්ම අලෙවිය BYD RACCO සනිටුහන් කරයි
ජපානයේ දැඩි තරඟකාරී මෝටර් රථ වෙළඳපොළ ඉලක්ක කරගනිමින්ම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද BYD සමාගමේ කුඩා ප්‍රමාණයේ නව බලශක්ති වාහනය (NEV) වන BYD RACCO පසුගියදා සුවිශේෂී කඩඉමක් පසු කළේය. ටෝකියෝ නුවරදී මෙම මෝටර් රථය පළමු වරට හඳුන්වා දී මාස දෙකක් ගතවීමටත් පෙර, මෝටර් රථ 1,500 කට වඩා අලෙවි කිරීමට එය සමත්ව ඇත.
මෙම සුවිශේෂී සහ වේගවත් අලෙවිය මඟින් පැහැදිලි වන්නේ BYD RACCO මෝටර් රථය සතු එදිනෙදා භාවිතයට ඇති පහසුව, ඉහළ කාර්යක්ෂමතාව සහ අනාගතයට ගැලපෙන නවීන සැලසුම්කරණයේ ඇති මනා සංකලනයයි. උසස් තත්ත්වය මෙන්ම විශ්වාසනීයත්වය පිළිබඳව අතිශය ඉහළ ප්රමිතීන් අපේක්ෂා කරන ජපන් පාරිභෝගිකයින්ගේ රුචිකත්වයට මෙම සුවිශේෂී ගුණාංග මනාව ගැලපේ.
විශේෂයෙන්ම, BYD RACCO මෝටර් රථය වෙළඳපොළට හඳුන්වා දී මුල් සති දෙක ඇතුළත පමණක් ඇණවුම් 1,000 ක් ලබා ගැනීමට සමත්ව ඇත. මෙය BYD හි ලෝප්‍රකට ඉංජිනේරු තාක්ෂණය සහ සැලසුම්කරණ ක්‍රමවේද කෙරෙහි පාරිභෝගිකයින් තුළ ඇති ඉහළ විශ්වාසය මෙයින් මනාව පැහැදිලි වේ. ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ද මෙම සන්ධිස්ථානය බෙහෙවින් වැදගත් වන්නේ, මෙරට වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබුවේද ජපානයේදී මෙලෙස උසස් තත්ත්වය සහ විශ්වාසනීයත්වය ඉහළින්ම තහවුරු කළ එම RACCO මෝටර් රථ මාදිලියම බැවිනි.
ලෝකයේ උසස් තත්ත්වය ඉහළින්ම සලකන මෝටර් රථ වෙළඳපොළකදී මෙම මෝටර් රථය සිය සුවිශේෂත්වය මනාව ඔප්පු කර ඇත. එමඟින්, තමන් ආයෝජනය කරන්නේ ලෝකයේම පිළිගත්, උසස්ම මට්ටමේ විද්‍යුත් මෝටර් රථයක් සඳහා බවට මෙරට පාරිභෝගිකයින්ට පැහැදිලි සහතිකයක් හිමි විය. BYD සමාගම ආසියාව පුරා සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කරමින් සිටින මොහොතක, ජපානය තුළ BYD RACCO රථය ලැබූ මෙම සාර්ථකත්වය, ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ටතම ප්‍රමිතීන්ගෙන් යුත් මෝටර් රථ පාරිභෝගිකයා වෙත සමීප කිරීමට එම සන්නාමය සතු කැපවීම මනාව සනාථ කරයි. මෙය ශ්‍රී ලංකාව තුළ BYD හි වර්ධනය වෙමින් පවතින සේවා ජාලය සහ ඉදිරි ගමන කෙරෙහි ඇති විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වේ.
“ජපානය තුළ RACCO මෝටර් රථය ලැබූ මෙම සුවිශේෂී සාර්ථකත්වය BYD හි ඉදිරි ගමනේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස අප දකිනවා. BYD යනු දැනටමත් ලොව වේගයෙන්ම වර්ධනය වන මෝටර් රථ සන්නාමය මෙන්ම තිරසාර විද්‍යුත් මෝටර් රථ ක්ෂේත්රයේ ගෝලීය ප්‍රමුඛයායි. ජපානයේ සාර්ථක වන වාහන මාදිලි කෙරෙහි මෙරට රියදුරන් තුළ සුවිශේෂී ගෞරවයක් සහ කැමැත්තක් තිබෙනවා. ඒ නිසාම මෙම මෝටර් රථය සඳහා ද මෙරට වෙළඳපොළ තුළ එවැනිම ඉහළ ඉල්ලුමක් ඇතිවනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් JKCG Auto ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා පැවසුවේය.
ජපන් වෙළඳපොළ තුළ සාමාන්‍යයෙන් වැඩි කැමැත්තක් දක්වන්නේ ඔවුන්ගේම දේශීය මෝටර් රථ සන්නාමයන්ටයි. එම නිසා, එය විදේශීය නිෂ්පාදකයින්ට සැමවිටම දැඩි අභියෝගයකි. BYD RACCO මෝටර් රථය මෙම අභියෝගය ජයගනිමින් වෙළඳපොළට පැමිණ සති කිහිපයක් ඇතුළත දහස් ගණනක පාරිභෝගික ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් විය. පණ්ඩිතරත්න මහතා පෙන්වා දෙන්නේ පාරිභෝගිකයන් අතර ඇති වූ සැබෑ තෘප්තිය සහ එකිනෙකා අතර ඇති වූ ධනාත්මක නිර්දේශයන් හේතුවෙන් මෙම මෝටර් රථයට මෙවැනි ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී ඇති බවයි

