May 27, 2026
DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි
පුවත්

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි

May 27, 2026

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව දුරටත් තහවුරු කරයි. මෙම සම්මානය DB Automation සමාගම නව්‍යකරණය, වෘත්තීයමය විශිෂ්ටත්වය සහ පාරිභෝගික කේන්ද්‍රීය සේවා සැපයීම සඳහා දක්වන අඛණ්ඩ කැප වීම මෙන්ම Zebra Technologies සමඟ පවත්වා ගෙන යන ශක්තිමත් ව්‍යාපාරික හවුල්කාරිත්වය පිළිබිඹු කරයි. ගෝලීය වශයෙන් ව්‍යාපාර බුද්ධිමය තාක්ෂණ හා Enterprise Asset Intelligence විසඳුම් සපයන ප්‍රමුඛ සමාගමක් වන Zebra Technologies සමඟ ඇති මෙම හවුල්කාරිත්වය හරහා DB Automation ශ්‍රී ලංකාවේ බොහෝ ආයතන වෙත නවීන තාක්ෂණ විසඳුම් හඳුන්වා දී තිබේ.

DB Automation සමාගම හඳුන්වා දී ඇති ස්වයංක්‍රීය හා බුද්ධිමය ව්‍යාපාර විසඳුම් හරහා Supply Chain Visibility, Inventory Accuracy, Workforce Productivity සහ Data Capture Systems වැනි ක්ෂේත්‍රවල සැළැකිය යුතු දියුණුවක් ලැබීමට දේශීය ව්‍යාපාර රැසකට හැකි වී ඇත. Retail, Logistics, Manufacturing, Warehousing, Healthcare හා Distribution යන ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වන ආයතන සඳහා නවීන Mobility, Tracking හා Automation තාක්ෂණය හඳුන්වා දීමෙන් DB Automation ශ්‍රී ලංකාවේ Enterprise Technology ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් වී ඇත.

මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් DB Automation කළමනාකාරීත්වය සඳහන් කළේ මෙම සම්මානය තම කණ්ඩායමේ කැප වීම, වෘත්තීය දක්ෂතාව සහ ගනුදෙනුකරුවන්ට උසස් තත්ත්වයේ සේවාවක් සැපැයීමට දක්වන අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයක් බවයි. Zebra Technologies සමඟ ඇති ශක්තිමත් හවුල්කාරිත්වය හරහා ඉදිරියටත් නව්‍යකරණය පදනම් කර ගත් අනාගත අවශ්‍යතා සපුරන තාක්ෂණ විසඳුම් වෙළෙඳපොළට හඳුන්වා දීමට අපේක්ෂා කරන බවද සමාගම සඳහන් කළේය. ඩිජිටල් පරිවර්තනය සහ ස්වයංක්‍රීයකරණ තාක්ෂණයන වෙත ව්‍යාපාර වැඩි වශයෙන් යොමු වන මෙවන් කාලයක ආයතනවල කාර්යක්ෂමතාව, ඵලදායීතාව සහ දිගු කාලීන වර්ධනය ඉහළ නැංවීමට වටිනාකම් පදනම් කර ගත් නවීන තාක්ෂණ විසඳුම් සැපැයීමට DB Automation අඛණ්ඩව කැප වන බවද සමාගම  සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close