May 27, 2026
Embilipitiya Stores Tool & Ceramic Manufacturing ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය හිමි කරගනී
පුවත්

Embilipitiya Stores Tool & Ceramic Manufacturing ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය හිමි කරගනී

May 27, 2026

Embilipitiya Stores Tool & Ceramic Manufacturing Private Limited ආයතනය ජාත්‍යන්තරව පිළිගත් ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ පද්ධති අනුකූලතා සහතිකය හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි ද්‍රව්‍ය හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ තම ප්‍රමුඛත්වය තව දුරටත් තහවුරු කර තිබේ. Eagle Group සමූහ ව්‍යාපාරයට අනුබද්ධ මෙම ආයතනයට අදාළ සහතිකය හිමි වී ඇත්තේ ලොව ප්‍රමුඛම පරීක්ෂණ, නිරීක්ෂණ, තත්ත්ව තහවුරු හා සහතික කිරීමේ සමාගමක් වන SGS සමූහයට අනුබද්ධ SGS Lanka Pvt Ltd සිදු කළ විගණන ක්‍රියාවලියකින් අනතුරුවය.

1960 දශකයේදී සීමන් පෙරේරා මහතා ඇඹිලිපිටිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කළ මෙම ව්‍යාපාරය වසර 65කට අධික කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි හා ඉදි කිරීම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය දේශීය නිෂ්පාදන සන්නාමයක් බවට පත් වී ඇත. වත්මන් කළමනාකරණ අධ්‍යක්ෂ උදයනාත් පෙරේරා මහතාගේ නායකත්වය යටතේ සමාගම මේ වන විට විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වේ. “Eagle” සන්නාමය යටතේ ඇණ, කටු කම්බි, Binding Wire, J Hook, L Hook, U Hook, Welding Rod, Skim Coat, Tile Mortar, ඩොලමයිට් පොහොර සහ සෙරමික් සනීපාරක්ෂක භාණ්ඩ ඇතුළු නිෂ්පාදන රැසක් දේශීය වෙළෙඳපොළට නිකුත් කරන මෙම සමාගම දේශීයව නිෂ්පාදිත සෙරමික් නිෂ්පාදන සඳහා වසර 25ක වගකීම් සහතිකයක් දෙයි. ISO 9001:2015 සහතිකය යටතේ සනීපාරක්ෂක භාණ්ඩ සැළැසුම් කිරීම, සංවර්ධනය, නිෂ්පාදනය හා අලෙවිකරණය, Skim Coat හා Tile Mortar නිෂ්පාදනය සහ කම්බි ආශ්‍රිත නිෂ්පාදන හා Oxygen Welding Rod නිෂ්පාදනය සඳහා සමාගම අනුකූල බව සහතික කර ඇත. මෙම ජාත්‍යන්තර තත්ත්ව සහතිකය සමඟ තම නිෂ්පාදනවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය තව දුරටත් ඉහළ නංවා දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ Eagle සන්නාමය තව දුරටත් ශක්තිමත් කිරීම සිය අරමුණ බව එම සමාගම සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close