July 27, 2024
Coca-Cola Beverages Sri Lanka සහ සතොස ලංකා ලිමිටඞ් සිය උපායමාර්ගික හවුල්කාරිත්වය යාවත්කාලීන කරයි
පුවත්

Coca-Cola Beverages Sri Lanka සහ සතොස ලංකා ලිමිටඞ් සිය උපායමාර්ගික හවුල්කාරිත්වය යාවත්කාලීන කරයි

Dec 8, 2023

ශ‍්‍රී ලංකාව පුරා Coca-Cola නිෂ්පාදන ලබා ගැනීමේ හැකියාව සහ පහසුව සහතික කිරීමේ වැදගත් පියවරක් ලෙස, Coca-Cola Beverages Sri Lanka (CCBSL) සහ සතොස ලංකා ලිමිටඞ් 2023 ඔක්තෝබර් 30 සිට බලපැවැත්වෙන පරිදි සිය උපායමාර්ගික හවුල්කාරිත්වය අලූත් කරන බව නිවේදනය කර ඇත. දැන් රටපුරා ව්‍යාප්ත 430 ට අධික වූ සතොස අලෙවිසැල් ජාලය හරහා විවිධ පරාසයක Coca-Cola නිෂ්පාදන ලබා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවෙයි. 

Coca-Cola Beverages Sri Lanka (CCBSL) සහ සතොස ලංකා ලිමිටඞ් යන දෙඅංශයේම ප‍්‍රධාන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් මෙම උපායමාර්ගික හවුල්කාරිත්වයට එළඹීමේ උත්සවය පැවැත්විණි. CCBSL නියෝජනය කරමින් කළමනාකාර අධ්‍යක්ෂ – ප‍්‍රදීප් පාණ්ඬේ, මූල්‍ය අධ්‍යක්ෂක – රජීව් ටැන්ඩන්, වාණිජ අධ්‍යක්ෂ – ප‍්‍රශාන්ත් කුමාර්, ප‍්‍රධාන ගිණුම් සහ වෙළඳ ප‍්‍රධානී – ටානියා කරුණාරත්න, ප‍්‍රධාන ගිණුම් කළමනාකාර – චමිල් ද සිල්වා සහ සහකාර. වෙළෙඳ අලෙවි කළමනාකාරිණි – ඔෂානි ගනේගොඩ, සතොස ආයතනයේ සභාපති – පසඳ යාපා අබේවර්ධන, ප‍්‍රධාන විධායක නිලධාරී – සම්පත් සේනවත්ත, ප‍්‍රසම්පාදන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – රොෂාරි සහජීවනී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මූල්‍ය – චන්න කෙවිටියාගල යන මහත්ම මහත්මීහු ඒ හා අත්වැල් බැඳගත්හ. මෙම උපායමාර්ගික සන්ධානය සංවිධාන දෙකෙහිම සහයෝගීතාවය සහ කැපවීම යළි යළිත් අවධාරණය කරයි.

CCBSL හි කළමනාකාර අධ්‍යක්ෂ, ප‍්‍රදීප් පාණ්ඬේ, මෙම දීර්ඝ හවුල්කාරිත්වය පිළිබඳව සතුට පළ කරමින්, ”සතොස සමඟ ඇති අපගේ සහයෝගිතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවීම පිළිබඳව සහ ඔවුන්ගේ සුවිශේෂී සේවාව සහ කැපවීම පිළිඹිබු කිරීමට ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා. දුර බැහැර ප‍්‍රදේශ වල පවා සතොස අලෙවිසැල් පුළුල් ලෙස ආවරණය කිරීම ඉතා වැදගත්. අපගේ පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් මෙම හවුල්කාරිත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පැවසීය.

”මෙම හවුල්කාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම තුළින් විවිධ සමාජ-ආර්ථික පසුබිම්වල සිටින අපගේ ගනුදෙනුකරුවන්ට ගුණාත්මක නිෂ්පාදන දැරිය හැකි මිලකට ලබාදීමේ අපගේ කැපවීම පෙන්නුම් කරනවා. පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීමට, නව්‍ය උපාය මාර්ග සහ ඒකාබද්ධ ව්‍යාපාර හරහා CCBSL සමඟ ඇති අපගේ හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීමට අපි කැපවෙනවා.” යනුවෙන් සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේය.

ඔවුන්ගේ ඒකාබද්ධ ප‍්‍රයත්නයේ කොටසක් ලෙස, CCBSL සහ සතොස සම්බන්ධීකරණ ප‍්‍රවර්ධන ව්‍යාපාර ක‍්‍රියාත්මක කිරීමට, උපාය මාර්ගිකව තෝරාගත් අලෙවිසැල්වල සිසිලන යන්ත‍්‍ර ස්ථාපනය කිරීමට මෙන්ම අඛණ්ඩ වැඩිදියුණු කිරීම් සඳහා වටිනා පාරිභෝගික ප‍්‍රතිපෝෂණ ලබා ගැනීමට ද සැලසුම් කරයි. මෙම තිරසාර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව්‍ය අලෙවිකරණ උපාය මාර්ග සහ ඒකාබද්ධ ව්‍යාපාර අවස්ථා පිළිබඳ ගවේෂණාත්මක ගමනක් ආරම්භ කිරීමට සමාගම් සූදානම් වේ.

ආයතන දෙකම මෙම නව ගමන ආරම්භ කරන විට, විශේෂයෙන් අවධානය යොමුකරන්නේ දැරිය හැකි මිල, පාරිභෝගික අවස්ථා සහ පාරිභෝගික තෘප්තියේ ප‍්‍රමිතීන් ඉහළ නැංවීම කෙරෙහි ය. මෙම හවුල්කාරිත්වය අඛණ්ඩ වර්ධනයක් අපේක්ෂා කරන අතර රට පුරා සිටින පාරිභෝගිකයින්ගේ වෙනස් වන අවශ්‍යතා සපුරාලීම සඳහා නව මාර්ග ගවේෂණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *