July 26, 2024
CBL සමපෝෂ 2023 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ඌව පළාත් ශූරතාව අඹගස්දෝව ජනාධිපති විද්‍යාලය විසින් දිනාගනී
පුවත්

CBL සමපෝෂ 2023 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ඌව පළාත් ශූරතාව අඹගස්දෝව ජනාධිපති විද්‍යාලය විසින් දිනාගනී

Sep 14, 2023

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ජනප්‍රියම පෝෂණීය ධාන්‍යමය ආහාරය වන CBL සමපෝෂ සවිබල ගැන්වීමෙන් පස්වන වරටත් පවත්වනු ලබන ‘පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2023’ මෙරට අනාගත පරපුරේ කායික හා මානසික සුවතාවය, ක්‍රීඩා කුසලතා දියුණු කිරීමට දායක වේ. සමපෝෂ දිනන දරුවෝ වැඩසටහන යටතේ පළාත් අධ්‍යාපන අමාත්‍යංශ හා එක්ව සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා උළෙල උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණු යන පළාත් 5 සඳහාම විහිදී ඇති අතර එමගින් පාසල් 650 ක දූ දරුවන් 18,000 කට අධික ප්‍රමාණයකට ක්‍රීඩා කුසලතා ඉදිරිපත් කිරීමට අවකාශය සැලසේ.

CBL සමපෝෂ 2023 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ දෙවන ක්‍රීඩා උළෙල වන ඌව පළාත් ක්‍රීඩා උළෙල බදුල්ල වින්සන් ඩයස් ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් මස 01 වැනිදා සිට 04 වනදා දක්වා පැවැත්විණි.

 මෙහිදී ඌව පළාත් පාසල් ක්‍රීඩා ශූරතාවය අඹගස්දෝව ජනාධිපති විද්‍යාලය විසින් ජයග්‍රහණය කරනු ලැබූ අතර අනුශූරතාව බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.

CBL සමපෝෂ ‘ දිනන දරුවෝ ‘ වැඩසටහන, මෙරටේ අනාගත දරු පරපුර තුළ ක්‍රීඩාව, අධ්‍යාපනය, පෝෂණය, නිර්මාණශිලිත්වය සහ යහපත් ගුණධර්ම සංවර්ධනය කිරීමට නිරතුරුවම කැපවී ක්‍රියා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *