July 27, 2024
සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් වෙතින් පාසල් ගාස්තු සහ ලිපිද්‍රව්‍ය සඳහා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම
පුවත්

සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් වෙතින් පාසල් ගාස්තු සහ ලිපිද්‍රව්‍ය සඳහා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම

Sep 14, 2023

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ සෙලාන් කාඩ්පත්, පාසල් ගාස්තු ගෙවීම සහ පිළිගත් පොත්හල් වෙතින් ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දී තිබේ. දෙමාපියන් සහ භාරකරුවන් වෙත පැවරෙන ආර්ථික පීඩනය අවම කරමින්, දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම පහසු කරවීම මෙහි අරමුණ වී ඇත.

“අධ්‍යාපනය තුළින් දරුවන්ගේ ජීවිත පූර්ණ පරිවර්තනයකට ලක් කළ හැකි බව අප විශ්වාස කරනවා.  එම නිසා, හුදෙක් මූල්‍ය විසඳුමක් ලෙස නොව, දරුවන්ගේ සිහින සැබෑ කිරීමට අප දක්වන උනන්දුව හා කැපවීම සංකේතවත් කරන පියවරක් ලෙස මෙම පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්.” සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) ඉයුජීන් සෙනෙවිරත්න මහතා පැවසී ය.

මෙම දීමනාව යටතේ ඕනෑම ගනුදෙනුවක් මාස 12 ක පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයක් බවට පරිවර්තනය කළ හැකි අතර, ඒ සඳහා ගනුදෙනුකරුවන් කළ යුතු වන්නේ, අදාළ ගනුදෙනුව සිදුකර රාජකාරි දින 7 ක් ඇතුළත 011-2008888 අංකය අමතා ඒ බව දැනුම් දීම පමණි. ගනුදෙනුවල අවම සීමාව රු, 10,000 ක් වන අතර උපරිමය රු. මිලියනයකි.

සෙලාන් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල ගාස්තු ගෙවීමේදී සහ පිළිගත් පොත්හල්වලින් පාසල් අධ්‍යාපනයට අවශ්‍ය ලිපිද්‍රව්‍ය මිලදීගැනීමේදී එම ගනුදෙනු පහසු ගෙවීමේ ක්‍රම බවට පරිවර්තනය කරගත හැකි වේ.

ගනුදෙනුකරුවන්ගේ ජීවිතවල සැබෑම අවශ්‍යතාවන් සපුරාලීමට සෑම විටම අත්වැලක් වන සෙලාන් බැංකුව, දරුවන්ගේ සිහින සැබෑ කරගැනීමට අවශ්‍ය පිටුබලය සැපයීමටද කැප වී සිටී. පාසල් ගාස්තු සහ ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පහසු ගෙවීමේ ක්‍රම හඳුන්වා දීම එම කැපවීමෙහි තවත් ප්‍රතිඵලයකි. මෙම දීමනාව, මෙම අභියෝගකාරී කාලසීමාව තුළ බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීම සඳහා රටේ දරුපරපුරට මහඟු අත්වැලක් වනු ඇතැයි සෙලාන් බැංකුව විශ්වාසය පළකරයි.

සෙලාන් කාඩ්පත් මගින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට හෝ සෙලාන් කාඩ්පතක් ලබාගැනීමට කැමති පුද්ගලයන්ට 011-2008888 අංකය ඔස්සේ සෙලාන් බැංකුවේ පාරිභෝගික සේවාව ඇමතීමෙන් එම තොරතුරු ලබාගත හැකි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *