July 27, 2024
CBL සමපෝෂ 2023 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ උතුරු මැද පළාත් ශූරතාව අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට
පුවත්

CBL සමපෝෂ 2023 පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ උතුරු මැද පළාත් ශූරතාව අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට

Sep 22, 2023

CBL සමපෝෂ දශක දෙකකට අධික කාලයක් පුරාවට අප රටේ අනාගත පරපුර ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් කිරීම උදෙසා නිරතුරුවම කැපවෙන සන්නාමයකි. දැයේ දූ දරුවන් වෙනුවෙන් ගෙන එන සමපෝෂ ‘ දිනන දරුවෝ ‘ වැඩසටහන යටතේ දරුවන්ගේ අධ්‍යාපන කුසලතා, ක්‍රීඩා කුසලතා, පෝෂණ, නිර්මාණශීලීත්වය සහ යහපත් ගුණධර්ම ඔප්නැංවීම සඳහා මූලිකත්වය ලබා දේ. මෙහිදී අනාගත පරපුරේ කායික හා මානසික සුවතාවය, ක්‍රීඩා කුසලතා වැඩි දියණු කිරීමට සමපෝෂ සවිබල සවිබල ගැන්වීමෙන් පවත්වනු ලබන ‘2023 සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල’ උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණ යන පළාත් 5 සඳහාම විහිදී ඇත. මෙහිදී තරග ඉසව් 70කට අධික සංඛ්‍යාවක් සඳහා පාසල් 650 කට අධික ප්‍රමාණයකට ක්‍රීඩා කුසලතා ඉදිරිපත් කිරීමට අවකාශය සැලසේ.

CBL සමපෝෂ උතුරු මැද පළාත් පාසල් ක්‍රීඩා උළෙල අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් මස 05 වනදා සිට 11 වනදා දක්වා පැවැත්විණි.

මෙහිදී උතුරු මැද පළාත් ශූරතාවය අනුරාධපුර මාධ්‍ය විද්‍යාලය විසින් ජයග්‍රහණය කරනු ලැබූ අතර අනුශූරතාව තඹුත්තේගම මධ්‍ය විද්‍යාලය විසින් දිනා ගන්නා ලදි.

නිරෝගිමත් පෝෂණයෙන් පිරිපුන් අනාගත පරපුරක් බිහි කිරීමට සමබල උදෑසන ආහාර වේලක ඇති වැදගත්කම පිළිබඳව සමපෝෂ නිරන්තරයෙන් අවධානය යොමු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *