July 27, 2024
Phoenix සමාගම Shots for Life ඡායාරූප සම්මාන උළෙල අරඹයි
පුවත්

Phoenix සමාගම Shots for Life ඡායාරූප සම්මාන උළෙල අරඹයි

Sep 22, 2023

කීර්තිමත් ගෘහස්ථ සන්නාමයක් වන Phoenix Industries, ශ්‍රී ලංකාව තුළ නිර්මාණශීලිත්වය සැමරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු කර ගත් මුල පිරීමක් වන Shots for Life Photography Awards 2023 සාඩම්බරයෙන් හඳුන්වා දෙයි. The Shots for Life 2023 Photography Award ජයග්‍රාහකයන් තෝරා ගෙන ඇත්තේ ජීවිතයේ වටිනා අවස්ථා කාච හරහා ග්‍රහණය කර ගැනීමේ ඔවුන්ගේ සුවිශේෂ දක්ෂතා වෙනුවෙන්ය. මෙම සම්මාන උළෙලේ ජයග්‍රාහී ඡායාරූප සැප්තැම්බර් 16 සිට 23 දක්වා කොළඹ ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී පැවැත්වුණු ප්‍රදර්ශනයේදී මහ ජනතාවට ප්‍රදර්ශනය කරයි.

දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් ලැබුණු අයැදුම් පත්‍ර 300කට වැඩි ප්‍රමාණයකින් තෝරා ගත් ඡායාරූප අතරින් ප්‍රථම ස්ථානය ධනුෂ්ක කීර්තිරත්නත්, දෙවැනි ස්ථානය උපුල් රොඩ්රිගෝත්, තෙවන ස්ථානය එස්. එච්. එස්. එල්. ද සිල්වාත් දිනා ගත්හ. සම්මාන උළෙලේ ජයග්‍රාහකයන්ට සුභ පැතීමට සහ ප්‍රදර්ශනය නැරඹීමට එන ජනතාවට ස්තූතිය පළ කිරීමටද Phoenix සමාගම ක්‍රියා කළේය. මෙම සම්මාන උළෙල පසුපස ඇත්තේ අන් කවරකත් නොව නිර්මාණශීලිත්වය උදෙසා කරන කැප කිරීම් බව Phoenix සමාගම සඳහන් කළේය. මෙම ව්‍යායාමයේ ප්‍රධාන අරමුණ වන්නේ ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ නැගී එන ශිල්පීන්ට වේදිකාවක් සැකසීමයි. ‘Shots for Life’ ප්‍රදර්ශනය පිළිබඳ වැඩි දුර තොරතුරු shotsforlife.lk සහ phoenix.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *