July 26, 2024
කොළඹ කොටස් හුවමාරුව විසින් සමාගම් ලැයිස්තුගත කිරීමේ ව්‍යවසායක හමුවක් අනුරාධපුරයේදී  පවත්වයි
පුවත්

කොළඹ කොටස් හුවමාරුව විසින් සමාගම් ලැයිස්තුගත කිරීමේ ව්‍යවසායක හමුවක් අනුරාධපුරයේදී  පවත්වයි

Sep 22, 2023

කොළඹ කොටස් හුවමාරුව (CSE) “ඔබේ ව්‍යාපාරයේ ඉදිරි ගමනට නව ප්‍රවේශයක්” යන තේමාව යටතේ සමාගම් ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් ව්‍යවසායක හමුවක් (Issuer Relations Forum) පසුගිය 2023 සැප්තැම්බර් 19 වන දින, අනුරාධපුර ගෝල්ඩන් මැංගෝ රිසෝට්හිදී පවත්වන ලදී.

ප්‍රදේශයේ කෘෂි කාර්මික, සත්ව නිෂ්පාදන , බලශක්ති සහ සංචාරක හෝටල්  සහ අනෙකුත් ව්‍යාපාරවල නියුතු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්  ඉලක්ක කරගනිමින් පවත්වන ලද මෙම හමුවේ පරමාර්ථය වූයේ, කොළඹ කොටස් හුවමාරුවේ එම්පවර්   පුවරුවේ සහ දිරිසවි පුවරුවේ ලැයිස්තුගත කිරීම හරහා ප්‍රාග්ධන රැස්කිරීමේ අවස්ථා පිලිබඳ දැනුවත් කිරීමයි. මෙම අවස්ථාවට ව්‍යාපාර හිමිකරුවන්  57 ක පමණ පිරිසක් සහභාගී විය.

මෙම හමුවට සී.අයි.සී හෝල්ඩිංග්ස් පි.ල්.සී ආයතනයේ  සෞඛ්‍ය සේවා නියෝජිතායතන සහ නිෂ්පාදන අංශයේ සමූහ උපාය මාර්ග නිලධාරී/ප්‍රාදේශීය අධ්‍යක්‍ෂ  විරාජ් මනතුංග මහතා, සීමාසහිත NDB ආයෝජන බැංකුවේ සහකාර උප සභාපති සුලක්ෂණ හෙට්ටිආරච්චි මහතා, කොළඹ කොටස් හුවමාරුව  නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ උප සභාපති – අලෙවිකරණය නිරෝෂන් විජේසුන්දර මහතා, ගණුදෙනු මෙහෙයුම්, වෙළඳපොළ ප්‍රවික්ෂණ සහ ලැයිස්තුගත ආයතන අනුකූලතා කටයුතු අංශයේ  ජ්‍යෙෂ්ඨ උප සභාපති නිලූපා පෙරේරා මිය , වාණිජ කටයුතු අංශයේ  ජ්‍යෙෂ්ඨ උප සභාපති පුණ්‍යමලී සපරමාදු මිය , ලැයිස්තුගත කිරීම් අංශයේ  සහකාර කළමණාකරු කස්සප වීරසේකර  මහතා,  සහ CSE කාර්ය මණ්ඩලය සහභාගී විය.

 කොළඹ කොටස් හුවමාරුවෙහි ලයිස්තුගත කිරීම තුළින් සී.අයි.සී හෝල්ඩිංග්ස් පි.ල්.සී ආයතනය අත්විඳි ප්‍රතිලාභ ප්‍රකාශ කරමින්, එම ආයතනයේ මනතුංග මහතා ප්‍රකාශ කළේ, මෙම  වැඩසටහනේ කොටස්කරුවෙකු වීමට ලැබීම සතුටට කරුණක් බවත්  S&P20 දර්ශකය නියෝජනය කරන ලැයිස්තුගත ආයතනයක් ලෙස පරිණාමය වීමට සහ  ආයතනික පාලන මාර්ගෝපදේශ පිළිපදිමින් ප්‍රාග්ධනය රැස් කරගැනීමටත් CSEහි   ලැයිස්තුගත  වීම හේතු වූ  බවයි.

සීමාසහිත NDB  ආයෝජන බැංකුවේ හෙට්ටිආරච්චි මහතා “CSE හි ලැයිස්තුගත කිරීමේ ප්‍රතිලාභ සහ වැරදි වැටහීම්” පහදා දෙමින් සැසියක් පවත්වන ලද අතර, එහිදී එතුමා ආයෝජන බැංකුවක් සමාගමක් වෙනුවෙන් සමස්ත IPO ක්‍රියාවලිය කළමනාකරණය කරන බවත්, එමඟින් සමාගමට එහි දිගුකාලීන ඉලක්ක, වර්ධන සැලසුම්, කොටස් මිශ්‍රණයට ප්‍රශස්ත ණය යනාදිය සදහා අවධානය යොමු කොට, ඒවා සාර්ථක කර ගැනීමට හැකි වන බවත් ප්‍රකාශ කළේය.

“කවර සමාගමක් වුවද, ආයතනික පාලනය යනු එම සමාගමට අත්‍යාවශ්‍ය අංගයකි.යහපත් ආයතනික පාලන ව්‍යුහයක් තිබීම සියලු පාර්ශ්වකරුවන් අතර විශ්වාසය ගොඩනැගීමට හේතු වෙයි,” CSE නියෝජනය කරමින් “යහපාලන පිළිවෙත්” සම්බන්ධයෙන් පෙරේරා මහත්මිය කරන ලද සැසියේදී පැවසීය.

කොටස් වෙළෙඳපොළෙහි සමාගම් ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් පවත්වන ලද මෙම දැනුවත් කිරීමේ ව්‍යවසායක හමුව අවසානයේදී, විරාජ් මනතුංග, සුලක්ෂණ හෙට්ටිආරච්චි, නිලූපා පෙරේරා, කස්සප යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සහ පුණ්‍යමලී සපරමාදු මහත්මියගේ මෙහෙයවීමෙන් “ලැයිස්තුගත කිරීම  සහ ලැයිස්තුගත කිරීමෙන් පසු ” යන තේමාව යටතේ විද්වත් සාකච්ඡාවක් ද පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *