July 27, 2024
හරිත හෙටක් වෙනුවෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන අචිනිගේ කතාව
ජීවිතය අලූත් යමක් නායකයෝ පුවත්

හරිත හෙටක් වෙනුවෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන අචිනිගේ කතාව

Dec 11, 2023

ශ‍්‍රී ලංකාව වසරකට ප්ලාස්ටික් මෙට‍්‍රික් ටොන් 500,000කට අධික ප‍්‍රමාණයක් ආනයනය කරන නමුත් දෛනිකව ජනනය වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට‍්‍රික් ටොන් 10,786 න් 33% ක් පමණක් එකතු කරන බව ඒ පිළිබඳ වාර්තා පෙන්වා දෙයි. මෙහි කනගාටුවට කරුණ නම් එසේ එකතු කරන අපද්‍රව්‍යවලින් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරනු ලබන්නේ 3% ක් පමණක් වීමයි. මෙවැනි වාතාවරණයක ගණේමුල්ල ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අචිනි මහත්මිය අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් සිය අසහාය කැපවීම පෙන්නුම් කරයි.

භාවිතා කළ PET බෝතල් එකතු කිරීමට අචිනි මහත්මිය ඇප කැපව සිටින අතර, PET බෝතල්වල වටිනාකම පිළිබඳ ඇයගේ අවබෝධය සිත් ඇදගන්නා සුළුය. පරිසර හිතකාමී ආකල්ප මුල්කර ගනිමින් ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා වූ ඇයගේ උනන්දුව තිරසාර අනාගතයක් වෙනුවෙන් නවමු වෙනසක් ඇති කරයි.

ASPIRE ව්‍යාපෘතිය: බලාපොරොත්තු දල්වයි

අවිධිමත් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ දැවෙන ප‍්‍රශ්නය විසඳීම සඳහා, Coca-Cola පදනම විසින් අරමුදල් සපයනු ලබන සහ World Vision Lanka විසින් ක‍්‍රියාත්මක කරන ලද ‘’Accelerating and Strengthening the Plastic Informal Recycling Eco-system’’ (ASPIRE) ව්‍යාපෘතිය, ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම අරමුණු කරයි. ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීයකරණය වැඩි දියුණු කිරීම සහ වගකීමෙන් යුත් PET ප්ලාස්ටික් බැහැර කිරීම දිරිමත් කිරීම අචිනි මහත්මියගේ පරිවර්තනීය ගමන් මෙඟ්  ආරම්භයයි.

මුලදී අචිනි මහත්මියට මෙම ව්‍යාපෘතිය පිළිබඳව අවබෝධයක් නොතිබුණ අතර ඇය ASPIRE සමඟ සම්බන්ධ වූ විට එය ඇගේ අවිනිශ්චිතභාවය සහමුලින්ම තුරන් විය. මෙම ව්‍යාපෘතිය හරහා අපද්‍රව්‍ය කළමනාකරණය කරන්නේ කෙසේද සහ එය මිනිසුන්ට ස්ථාවර ජීවනෝපායක් ලබා ගැනීමට උපකාරී වන්නේ කෙසේද යන්න පිළිබඳව ඇය පුළුල් අවබෝධයක් ලබා ගත්තාය.

ASPIRE අචිනි මහත්මියට බොහෝ දේ ඉගැන්වූයේ ඇගේ දැක්ම සම්පූර්ණයෙන්ම වෙනස් කරමිනි. ඉවතලන PET බෝතල් වල ප‍්‍රයෝජන පිළිබදව ඇය දැන් ලෝකයක් ඉදිරියේ හඩ නඟයි. මාස පහක් තුළ ඇය මසකට එකතු කරන ප්ලාස්ටික් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 40 සිට කිලෝග‍්‍රෑම් 125 දක්වා වැඩි කල අතර එමගින් පරිසරයට වන ධනාත්මක බලපෑම ගැන ඇය ආඩම්බර වෙයි.

කසළ එකතු කිරීමෙන් ඔබ්බට

අචිනි මහත්මිය සාම්ප‍්‍රධායික අපද්‍රව්‍ය එකතු කරන්නෙකුගේ භූමිකාවෙන් ඔබ්බට යමින් සමාජයට ආදර්ශ සපයයි. ඇය ප‍්‍රාදේශීය පාසල් දෙකක සහ ගනේමුල්ල නගරයේ ප‍්‍රධාන එකතු කරන්නිය ලෙස සේවය කරන අතර දැනුම බෙදාහදා ගැනීමෙන් විධිමත් අපද්‍රව්‍ය කළමනාකරණයේ වැදගත්කම පිළිබඳව සමාජය දැනුවත් කරයි කරයි. ගුරුවරුන්, ශිෂ්‍යයන්, කඩ සාප්පු හිමිකරුවන් මෙන්ම නිවැසියන් සමඟ ද ඇය ASPIRE හරහා ලබා ගත් දැනුම බෙදා ගනී. සෙනසුරාදා දිනවල දී අමතර පංති වලින් තම දරුවන් රැගෙන යාමට ඇය පැමිණෙන විට පවා, අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමට ඇය අවස්ථාව උදාකර ගනී.

අචිනි මහත්මිය යනු ASPIRE සමඟ සහයෝගයෙන් කටයුතු කරන ප‍්‍රාදේශීය ප‍්‍රජාවේ එක් අයෙකි. ඔවුන් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 4 මට්ටමේ ප‍්‍රතිචක‍්‍රීයකරණ කර්මාන්ත සහකාරවරුන් ලෙස විධිමත් පුහුණුවක් ලබා ඇත. මෙම වැඩසටහන තුළින් ඔවුන්ට අපද්‍රව්‍ය වෙන් කිරීම, වගකීම් සහගත PET ප්ලාස්ටික් බැහැර කිරීම පිළිබඳ විශේෂඥ දැනුම ලබා දෙන අතර, ඔවුන්ගේ ජීවනෝපාය දියුණු කිරීමට අවශ්‍ය මෙවලම් සහ උපකරණ ද ලබා දෙයි.

පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් සමාජය බලගැන්වීම

ASPIRE හි බලපෑම හුදෙක් අපද්‍රව්‍ය එකතු කිරීම ඉක්මවා යමින් World Vision Lanka හි ‘Journey of Transformation’ ආකෘතිය භාවිතා කරමින් ව්‍යාපෘතියට සහභාගිවන්නන්ගේ පවුල් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. මෙම ප‍්‍රවේශය හරහා සාමූහික සංවර්ධනය, පවුල් තුළ ගෞරවය සහ අවබෝධය පෝෂණය කිරීම සහ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ දැනුවත් කිරීම සිදුකරනු ලබයි. අචිනි මහත්මිය, ඇගේ ස්වාමිපුරුෂයා සහ දරුවන් සමඟ, සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන අතර ඇයගේ සැමියා ඇයට විශාල ශක්තියක් වී ඇත. මෙම ඒකාබද්ධ ප‍්‍රයත්නයන් ඔවුන්ගේ නවතම ජයග‍්‍රහණය වන නව ටයිල් නිෂ්පාදනයක් ඇතුළුව අගය එකතු කළ නිෂ්පාදන නිර්මාණය කිරීමට හේතු වී ඇත.

මෙම ජීවනෝපාය තුළින් ඇයගේ ආදායම වැඩි දියුණු වනවා පමණක් නොව, ඇයගේ සමස්ත ජීවන යහපැවැත්ම සහතික කරයි. වැඩිවන ආදායම ඇයට තම සැමියාගේ වෛද්‍ය වියදම් පියවා ගැනීමට ඉඩ සලසයි. එමෙන්ම ඇය තවත් කසළ එකතුකරන්නන් 20 දෙනෙකුගෙන් යුත් ජාලයක් ගොඩනගා ඇති අතර, සමාජීය වශයෙන් පීඩනයට පත් අය ඇතුළු ආර්ථිකමය වශයෙන් අවදානමට ලක් වූ පුද්ගලයින් දෙදෙනෙකුට රැුකියා ලබා දී ඇත. ඇය සෑම මසකම ප‍්‍රජා සංවර්ධන සමිති 26ක් සමඟ ක‍්‍රියාකාරීව සම්බන්ධ වන අතර පරිසර හිතකාමී සමාජ කි‍්‍රයාකාරිනියක ලෙස සිය සේවාව අඛණ්ඩව ඉටු කරයි.

PET බෝතලයෙන් බෝතලයට සාර්ථකත්වය කරා යන ජීවිත

අචිනි මහත්මියගේ ජීවන ගමන හුදෙක් අපද්‍රව්‍ය එකතු කිරීමෙන් ඔබ්බට යන අතර එය පුද්ගලික ජීවිතයේ වෙනස්කම්, ප‍්‍රජා ශක්තිය සහ පරිසරය ගැන සැලකිලිමත් වීම ගොනු වූ ආදර්ශමත් ගමනකි. ASPIRE, The Coca-Cola Foundation (TCCF සහ World Vision Lanka හි කැපවීමට ස්තූතිවන්ත වන්නට, අචිනි මහත්මිය වැනි අපද්‍රව්‍ය එකතු කරන්නන්ගේ ජීවිත ඔවුන් එකතු කරන PET බෝතලයෙන් බෝතලයට සාර්ථකත්වය කරා යයි.

ශ‍්‍රී ලංකාවේ Coca-Cola විසින් ද්‍රව්‍ය ප‍්‍රතිසාධන පහසුකම් (Material Recovery Facilities) සහ සම්පත් පියස (resource banks) සමඟින් දිස්ත‍්‍රික්ක 19ක් පුරා PET එකතු කිරීමේ ස්ථාන 555කට වැඩි ප‍්‍රමාණයක් ස්ථාපිත කර ඇති අතර එමඟින් වාර්ෂිකව ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 800ක් පමණ එකතු කරයි. ASPIRE ව්‍යාපෘතිය හරහා ද ජනවාරි මාසයේ මෙටි‍්‍රක් ටොන් 5.95 සිට සැප්තැම්බර් මාසයේදී මෙටි‍්‍රක් ටොන් 89.44 දක්වා PET එකතු කිරීමේ අනුපාත සැලකිය යුතු ලෙස වැඩි කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *