July 26, 2024
යූනියන් ඇෂුවරන්ස් කියන්නේ කියපු දේ කරපු සමාගමක්
ජීවිතය නායකයෝ

යූනියන් ඇෂුවරන්ස් කියන්නේ කියපු දේ කරපු සමාගමක්

Sep 2, 2023

චානක අප්පුහාමි
ජ්‍යෙෂ්ඨ පුද්ගල මූල්‍ය කළමනාකරු
යූනියන් ඇෂුවරන්ස් පුද්ගලික සමාගම

රක්ෂණ ක්ෂේත්‍රයේ අලෙවිකරුවන්ට හිමිවන ඉහළතම සම්මානය වන MDRT සම්මානය අඛණ්ඩව 17 වතාවක් දිනාගනිමින් සිය රක්ෂණ සමාගම ජාත්‍යන්තර තලයට ඔසවා තැබු යූනියන් ඇෂුවරන්ස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පුද්ගල මූල්‍ය කළමනාකරු චානක අප්පුහාමි මහතා මෙවර PROFIT සඟරාව වෙත අදහස් දැක්වූ ආකාරයයි මේ.

මුලින්ම ඔබ ගැන සඳහන් කළොත්?
මම චානක අප්පුහාමි. මම හලාවත ශාන්ත මරියා පිරිමි මහා විද්‍යාලයේ තමයි ඉගෙනගත්තේ. මගේ පවුලේ මායි, අක්කයි, අයියයි. දැනට මම විවාහකයි. බිරිඳයි, අවුරුදු 13ක දුවෙකුයි සමඟ සතුටින් ජීවිතය ගතකරනවා. පාසලෙන් ඉවත් වුණාට පස්සේ මුලින්ම කරපු රැකියාවම තමයි මං දැනටත් කරගෙන යන්නේ. යූනියන් ඇෂුවරන්ස් ආයතනයේ දැන් වසර 22ක් වෙනවා.
ලංකාවට ගොඩක් හොඳ පුරවැසියන් බිහිකරපු පාසලක් තමයි ශාන්ත මරියා විද්‍යාලය කියන්නේ. මමත් පාසලට ලොකු නමක් රැකදුන්නා කියලා විශ්වාස කරනවා. පොතපතින් ලබාගත් දැනුමට වඩා එහා ගිය දෙයක් පාසලෙන් අපට ලැබුණ නිසා, මේ රක්ෂණ ක්‍ෂේත්‍රය තුළ සාර්ථක වෙන්න පුළුවන් වුණා කියලා මා විශ්වාස කරනවා. අපේ විනය, දරාගැනීමේ හැකියාව හැදුවෙ අපේ පාසලෙන්. ඒවා මේ රැකියාවට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඒ වගේම සමාජයෙන් ලැබෙන දැනුම මේ රැකියාව කරන්න බොහෝසෙයින් උපකාර වෙනවා.

ඔබ ඇයි යූනියන් ඇෂුවරන්ස් සමාගමම තෝරාගත්තේ?
ඇත්තටම රැකියාවට සම්බන්ධ වෙද්දී සමාගම් ගැන මට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් සමාගමට සම්බන්ධ වෙලා මේ කර්මාන්තය තුළ වැඩ කරද්දී ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුණා. යූනියන් ඇෂුවරන්ස් සමාගම කියන්නේ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ තිබෙන එකම රක්ෂණ සමාගමයි. මෙය ලංකාවට අයිති සමාගමක්. අනික ජෝන් කීල්ස් ආයතනය කියන්නේ මිනිස්සු විශ්වාස කරන අවුරුදු ගානක් පැරණි සමාගමක්. ඒ තුළ මා දකිනවා යූනියන් ඇෂුවරන්ස් සමාගම ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියලා.

වෙනත් රක්ෂණ සමාගම් එක්ක බලද්දී යූනියන් ඇෂුවරන්ස් ආයතනය වෙනස් වෙන්නේ කොහොම ද?
නවීන රක්ෂණ සැලසුම් සැකසීම කියන්නේ හුදෙක් සමාගමට අවශ්‍ය සැලසුම් සැකසීම නෙමෙයි. මිනිස්සුන්ගේ අවශ්‍යතා අනුව සැලසුම් කරන්නේ කොහොමද කියන එක තමයි වැදගත් වෙන්නේ. යූනියන් ඇෂුවරන්ස් සමාගම අපත් සමඟ සාකච්ඡා කරලා අප කියන දේවල් අහලා තමයි සැලසුම් ක්‍රියාත්මක කරන්නේ. ඒ සැලසුම් අපේ පාරිභෝගිකයන්ට ඉදිරිපත් කළාම අලෙවි කරන්න හරි ලේසියි. සමාගමේ කළමනාකාරීත්වය සහ වැඩ කරන අප ඔක්කොම අවබෝධයකින් යන ගමනක් මේක.
සමාගමක් පවතින්න නම් පාරිභෝගිකයා සතුටු වෙන්න ඕනේ, වැඩ කරන සේවකයන් සතුටු වෙන්න ඕනේ වගේම සමාගම් හිමිකරුවනුත් තෘප්තිමත් වෙන්න ඕනේ. ඉතිං මා මේ සමාගම දකින්නේ ඒ පැහැදිලි අවබෝධයකින් යුතුව ගමන් කරන සමාගමක් හැටියටයි. ඒකයි අනිත් සමාගම් එක්ක බැලුවාම මේක වෙනස් වෙන්නේ. ක්ෂේත්‍රයේ බැහැලා වැඩ කරන අයගේ අදහස් අනුව තමයි මේ ආයතනය කටයුතු කරන්නේ. කළමනාකාරීත්වය හා අප අතර ඉතා සුහදත්වයෙන් කටයුතු සිද්ධ වෙනවා. ඒක තමයි මා දකින වෙනස.

රක්ෂණ සැලසුමක් මිලදී ගන්න අයෙකුට යූනියන් ඇෂුවරන්ස් සමාගම ලබාදෙන ප්‍රතිලාභ හා වාසි ගැන කතා කළොත්?
අප හැමතිස්සේම අලෙවි කරන්නේ නොපෙනෙන භාණ්ඩයක්. මේක පොරොන්දුවක්. මං දකින්නේ යූනියන් ඇෂුවරන්ස් කියන්නේ කියපු දේ කරපු සමාගමක්. හැමදේකම හොඳ විනිවිදභාවයක් තියෙනවා. Policy Document එකක් ගත්තත් තේරුම් ගන්න පුළුවන් විදියට සියළු කරුණු සඳහන් කරලා තියෙනවා. ඒ හින්දා පාරිභෝගිකයාට හරි පහසුයි මේ සමාගමත් එක්ක ඉස්සරහට යන්න.

ඔබේ කටයුතුවලට සමාගමෙන් ලැබෙන සහයෝගය කොහොමද?
අලෙවිකරුවකුට දෙන්න පුළුවන් හැම පහසුකමක්ම මේ සමාගමෙන් දීලා තියෙනවා. ගොඩක් සමාගම් කොමිස් එකට පමණක් අලෙවිකරුවන් සම්බන්ධ කරගෙන තියෙනවා. හැබැයි මේ සමාගම හැම මාසයකම, හැම කාර්තුවකම අලෙවිකරුවාට අවශ්‍ය පුහුණුවීම්, දිරිදීමනා ලබාදෙනවා. ඒ වගේම දේශීය මෙන්ම විදේශීය පුහුණු වීම් ද ලබාදීමට ආයතනය සෑම විටම කටයුතු සිදු කරනවා. යූනියන් ඇෂුවරන්ස් කියන්නේ සේවකයන්ගේ හැගීම් දැනීම් සමඟ එකට බද්ධ වෙච්ච ආයතනයක් කිව්වොත් නිවැරදියි.
ඒ එක්කම අප යායුතු මාවත පැහැදිලිව අපට පෙන්වා දීලා තියෙනවා. මේ සමාගම එක්ක අලෙවිකරුවෙකුට වැඩ කරන්න පහසුයි. අනිත් එක අප වැඩ කරන නවීන තාක්ෂණික ක්‍රමෝපායන් සමග බොහෝ දේ තවත් පහසු කරලා තියෙනවා. තාක්ෂණය අතින් ගත්තත් අපේ සමාගම ගොඩක් ඉදිරියෙන් සිටිනවා.

ඔබ මේ වෙනකොට මොන වගේ ඇගයීම්වලට පාත්‍ර වෙලා සිටිනවා ද?
අලෙවිකරුවකු විදියට යන්න පුළුවන් ඉහළම සම්මානය තමයි MDRT. මම ඒක 2006 දී දිනාගන්නවා. 2006 සිට මේ වෙනකන් නොකඩවා ඒ සම්මානය මං දිනාගෙන තියෙනවා. ඊට එහා ගිහින් මේ MDRT සම්මානය දස වතාවක් දින්නාම අපට හිමි වෙනවා Life Member Award එක. මං මේ වනවිට ලයිෆ් සාමාජිකයෙක්. ඊට පස්සේ 15 වතාවක් MDRT සම්මානය දිනාගත්තම, Honor සම්මානය ලැබෙනවා. මම ඒ සම්මානයත් ලබාගෙන තියෙනවා.
ලංකාවේම මේ ක්ෂේත්‍රය ගත්තාම බොහොම පොඩි පිරිසක් තමයි MDRT ජාත්‍යන්තර සම්මානය දිනා ගත්ත අය ඉන්නේ. ඒ වගේම MDRT සම්මේලනයේ තියෙන ඉහළම TOT සම්මානයත් මා දිනාගෙන තියෙනවා. මේ වෙනකොට මා TOT සම්මාන තුනකුත් COT සම්මාන 11කුත් දිනා තියෙනවා. රක්ෂණ ක්ෂේත්‍රයේ යන්න පුළුවන් ඉහළම සම්මානවලට මං ගිහින් තියෙනවා.
ඊට අමතරව IQA (International Quality Award), IAP (International Award for Productivity) දිනාගෙන තියෙනවා. ඒ වගේම සමාගමේ තියෙන ඉහළම සම්මානය වන Champion of the Champion දහ වතාවක් හා New Business Producer දාහතර වතාවක් මං දිනාගෙන තියෙනවා. මේ සමාගම තුළ මං ගත කරපු කාලය තුළ ඉහළම සම්මාන මේ වනකොට ලබාගෙන තියෙනවා.

යූනියන් ඇෂුවරන්ස් ‘ප්‍රිමීයර් ක්ලබ්’ ඔබව ඉහළ දස්කම් දක්වන්නෙකු විමට පෙළඹවූයේ කෙසේ ද? වැඩසටහන හරහා ඔබට ලැබුණු ප්‍රතිලාභ මොනවා ද?
ඕනෑම අලෙවිකරුවකුගේ මුලික අභිප්‍රාය වන්නේ ඕනෑම තරගයක් ජයග්‍රහණය කිරීමයි. මගේ මේ දියුණුවේ රහසත් එයයි. මොකද මම ඕනෑම තරගයක් ඉතා ඉක්මණින් ජයග්‍රහණය කරන්න උත්සහ කරනවා. ප්‍රිමියර් ක්ලබ් එක ගැන කතා කරද්දී මෙය මාස 3කින් පවත්වන තරගයක්. ඒ කියන්නේ මාස තුනකින් ඉවරවන තරගයක්. එය අලෙවිකරුවකුට හොඳ ප්‍රතිලාභ ලබාදෙන අතරම ජයග්‍රහණය කරා ළඟා වීමේ අවශ්‍යතාවය ඇතිකරන තරගයක් කිව්වොත් මා නිවැරදියි.
මෙම තරගයෙන් ජයග්‍රහණය කරන අයට සම්මාන හා සහතික ද නවීන පන්නයේ ප්‍රිමියෝ මෝටර් රථයක් ද හිමි වෙනවා. යූනියන් ඇෂුවරන්ස් සමාගම සතු සන්නිවේදන ක්‍රම හරහා අලෙවිකරුවකු හැටියට ලොකු ප්‍රචාරයක් ලැබෙනවා. ඇත්තටම එක කාර්තුවක දී ප්‍රිමියෝ රථ හයක් වැනි විශාල සංඛ්‍යාවක් ලබාදුන් එකම වැඩසටහන ලෙස ප්‍රිමියර් ක්ලබ් වැඩසටහන හඳුන්වාදෙන්න පුලුවන්.
මේ කාර්තු හතරේම වැඩිපුර අලෙවිය සිදු කළ කෙනා තෝරලා මේ කාර්තු හතරට ලබාදෙන ප්‍රිමියෝ රථ 4ට අමතරව ඔහුට ලබාදෙනවා බෙන්ස් රථයක්. ඇත්තටම මෙය යූනියන් ඇෂුවරන්ස් සමාගමේ විශාලතම තරගය කිව්වොත් මා නිවැරදියි. ඇත්තටම මෙය ආයතනය විසින් අපගේ සැඟවුණු දක්ෂතා එළියට ගන්න සිදු කරන කාර්යයක් කිව්වොත් නිවැරදියි.

නවකයන්ට මේ රක්ෂණ ක්ෂේත්‍රයට එකතු වෙන්න පුළුවන් අවස්ථා හා සුදුසුකම් මොනවා ද?
ඇත්තටම සාමාන්‍ය පෙළ සමත් ඕනෑම කෙනෙකුට මේ රැකියාවට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි තමන්ට හොඳ දැක්මක් තියෙන්න ඕනේ. ගොඩක් අය රක්ෂණ රැකියාවලට එන්නේ අර්ධකාලීන විදියට තවත් රැකියාවක් ලැබෙනතුරු. මං 2002 දී මේකට සම්බන්ධ වෙන්නේ. මගේ සිහින, බලාපොරොත්තු සියල්ල ඉටු කරගන්නේ මේ රැකියාවෙන් කියලා අරමුණු කරගෙන තමයි වැඩ කළේ. කකුල් දෙකම මේ රැකියාවේ තියල හිටගත්ත කෙනෙක් මම. එහෙම හිටගත්ත කෙනෙක් විදියට අද මං සතුටු වෙනවා. හැමතැනම මං කියලා තියෙනවා මගේ වැටුප හැමතිස්සේ ඉලක්කම් හතේ සීමාවේ තමයි තියෙන්නේ. මේක නීත්‍යනුකූල රැකියාවක්.

ඔබ අද ඉන්න තැනට එන්න උදව් කරපු අය ගැන සඳහන් කළොත්?
මාව මේ රක්ෂණ ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නේ සුසන්ත අධිකාරී කියන උතුම් මනුස්සයා. මං උසස් පෙළ කරල ඉද්දී ලයිෆ් ඉන්ෂුවරන්ස් එකක් හඳුන්වාදෙන්නේ එතුමා. මං මේක අවුරුද්දක් දෙකක් කරගෙන යද්දී එතුමා තමයි සමාගමට සම්බන්ධ වෙන්න කියලා යෝජනා කරන්නේ. මේ රැකියාවෙන් ජයගන්නේ කොහොමද කියලා පුහුණුවීම් කළේ එතුමා. ඒ වගේම මට නම් වශයෙන් කියන්න බැරි වුණාට මට පුහුණුවීම් කළ, ඉගැන්වීම් කළ හැම ගුරුතුමියක්ම හැම ගුරුතුමෙක්ම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්න ඕනේ.
ඒ වගේම හලාවත ශාඛාවේ කළමනාකාරීත්වය, හලාවත ශාඛාවේ සියලුම අලෙවිකරුවන් හා මගේ සමාගමේ සිටින සියලුම අලෙවිකරුවන් මෙන්ම මට වචනයකින් හරි උදව් කළ සියලුම දෙනා මේ මොහොතේ මතක් කරන්න කැමතියි.
තවද, මගේ ගනුදෙනුකරුවන් තමා මගේ ශක්තිය. ඔවුන් නොසිටින්න අද මගේ ඉලක්ක ජයග්‍රහණය කිරීමට කිසිසේත්ම නොහැකි වනවා. එම නිසා මම ඔවුන්ට හදවතින්ම ස්තුතිවන්ත වනවා මේ වේලාවේ. ඉදිරියටත් මා සමඟ සිටින ලෙසත් මගේ උපරිමයෙන් ඔවුන්ට සේවය කිරීමට මා කටයුතු කරන බවටත් කියා සිටිනවා.

ඔබේ අනාගත බලාපොරොත්තු මොන වගේද?
රක්ෂණ ක්ෂේත්‍රයේ ඉන්න නවකයන්ට ආදර්ශයක් දෙන්න තමයි බලාපොරොත්තුව. මේ වගේ රැකියාවකින් මේ වගේ ඉහළට යන්න පුළුවන්, මෙන්න මේ වගේ සමාජයට සේවයක් කරන්න පුළුවන් කියන දෙය ඔවුන්ට පෙන්වන්න ඕනේ. රක්ෂණ අලෙවිකරුවෙක් කිව්වාම ගොඩක් අය දකින්නේ පහළ රැකියාවක් විදියට. මේ රැකියාව එහෙම දෙයක් නෙමෙයි. ගොඩක් දේවල් කරන්න පුළුවන්.
මමත් තාත්තා කෙනෙක්. තාත්තා කෙනෙක් විදියට මටත් ගොඩක් බලාපොරොත්තු තියෙනවා. මගේ දරුවගේ උසස් අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්, බිරිඳගේ අවශ්‍යතා වෙන්න පුළුවන්, පවුලේ අයගේ අවශ්‍යතා වෙන්න පුළුවන්. ඒවා සපුරාලීමට නම් ආදායම් උපයන්නා වගේම ආදායම් සුරක්ෂිත කරගෙන හොඳින් ඉන්න ඕනේ. ඒ ආදායම් උපයන්නා සුරක්ෂිත කිරීම තමයි රක්ෂණය තුළින් වෙන්නේ. ඒ වගේම ආදායම් උපයන කෙනාගේ හදිසි වියෝවකින් ගෙදරට ලැබෙන ආදායම සුරක්ෂිත කිරීමත් මෙම රක්ෂණයෙන් සිදුවනවා. අලෙවිකරුවකුට මේ අවශ්‍ය දැනුම ලබාදෙන එක තමයි මගේ හීනය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *