March 2, 2024
ජීවිත වෙනස් කරන යතුර AIA ඉන්ෂුවරන්ස් සමාගමයි
ජීවිතය නායකයෝ

ජීවිත වෙනස් කරන යතුර AIA ඉන්ෂුවරන්ස් සමාගමයි

Aug 30, 2023

තිළිණි දිල්රුක්ෂි
AIA ඉන්ෂුවරන්ස් සමාගමේ
වත්කම් සැලසුම් කළමනාකාරිනි
077 23 23 556

ජීවිතය ගලාගෙන යන ගංගාවකි. ඒ මන්ද යත් ගඟකට එක දිගට ගලාගෙන යා නොහැකිය. ගල්පර, කුඩා ගස් වැල්වල හැපී ගංගාවක් ගලන්නේ විවිධ අසීරුතා මධ්‍යයේය. මිනිස් ජීවිතයට ද විවිධ කාල පරාසයන් තුළ දී නොසිතන අන්දමේ අසීරුතාවන්ට මුහුණදීමට සිදුවේ. එහෙත් ධෛර්යවන්ත පුද්ගලයකුට අසීරුතා යනු තවත් එක් කඩඉමක් පමණි. ජීවිතයට පැමිණෙන අභියෝග නිසි පරිදි ජයගෙන, ඉදිරියටම යන පුද්ගලයකුට ජීවිතාවසානයේ දී සතුටු විය හැකිය. තිස්සමහාරාමයේ වීරවිල පදිංචි වී සිටින AIA ඉන්ෂුවරන්ස් සමාගමේ තිස්සමහාරාම ප්‍රදේශයේ සංවර්ධන කාර්යාලයේ කටයුතු කරන රක්‍ෂණ නිලධාරිනියක් වන තිළිණි දිල්රුක්ෂි ද එවැනි කෙනෙකි. AIA ඉන්ෂුවරන්ස් සමාගමෙන් ඇයට ලැබුණු දෑ බොහෝමයකි. ඇය සමාජයට ද ලබාදෙන්නේ කදිම පණිවුඩයකි. පහත දැක්වෙන්නේ ඇය ්ෂ් ඉන්ෂුවරන්ස් සමාගමට සම්බන්ධ වුණු ආකාරය සහ ඇය වර්තමානයේ දී සිටින තත්ත්වය යනාදී කරුණු කිහිපයක් පිළිබඳව සිදුකළ සංවාද සටහනකි.

ඉස්සෙල්ලම ඔබගේ විස්තර කිව්වොත්?
මගේ නම තිළිණි දිල්රුක්ෂි. මම ඉන්නේ තිස්සමහාරාමේ වීරවිල. මම උසස් පෙළ වෙනකම් පාසල් ගියේ දෙබරවැව ජාතික පාසලට. මම උසස් පෙළ කළේ කලා අංශයෙන්. මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මයි, මල්ලියි විතරයි. අපේ තාත්තා මීට වසර කිහිපයකට ඉස්සර නැති වුණා.
සාමාන්‍ය පෙළ ලියලා ඉවර වුණු ගමන් මට අපේ පවුලේ ආර්ථිකය ගැන හිතන්න සිද්ධ වුණා. ඒ නිසා මම පාසල් අධ්‍යාපනය ඉවර වුණාට පස්සේ අවුරුදු 07ක් විතර තිස්සමහාරාමයේ තිබුණු ලොකුම පොත්හලේ රැකියාවට ගියා. ඒ කාලේ හැටියට ගිය මුල් මාසෙම රුපියල් 12,000ක් ගෙව්වා. ඊට පස්සේ අවුරුදු කිහිපයකට පස්සේ මගේ පඩිය රුපියල් 20,000ක් වුණා.
කොරෝනා කාලේ දී, ලොක්ඩවුන් කරපු නිසා පොත්හල සතියකට පැය දෙක තුනක් වගේ කාලයක් විවෘත කරන්න සිදු වුණා. එතකොට අපට පඩි දුන්නේ වැඩ කරන පැය ගණනට. මට ඒ මුදල ප්‍රමාණවත් වුණේ නැහැ. අප හිටියේ කුලී නිවසක හින්දා, ආර්ථික අපහසුතා එන්න එන්න වැඩි වුණ හින්දා, මම වෙන රස්සාවකට යන්න තීරණය කළා.

AIA ඉන්ෂුවරන්ස් එකට සම්බන්ධ වෙන්නේ කොහොම ද?
මගේ පවුලේ ආර්ථික තත්ත්වය ගැන හොඳින් දන්න තිස්සමහාරාම ශාඛාවේ AIA ඉන්ෂුවරන්ස්හි සේවය කරන ජ්‍යේෂ්ඨ කළමණාකාරවරයෙක් මාව ඇවිත් හම්බවෙලා මට පැවසුවා AIA ඉන්ෂුවරන්ස් එකට සම්බන්ධ වෙලා, පුහුණුව ලබාගෙන රැකියාව කරන්න කියලා. 2023 වෙනකොට මම ්ෂ් ඉන්ෂුවරන්ස් එකට සම්බන්ධ වෙලා අවුරුදු 03ක් වෙනවා.
ඇත්තටම කියනවා නම් මම මේ ඉන්ෂුවරන්ස් ක්‍ෂේත්‍රයේ රස්සාවක් කරන්න කැමැත්තෙන් හිටපු කෙනෙක් නෙමේ. අපේ තාත්තා රක්ෂණාවරණයක් දාලා තිබුණා. අපේ තාත්තගේ මරණයෙන් පස්සේ පසු අයිතියක් තිබුණේ නැති නිසා අපට ඒ දාපු මුදල් ආපසු ගන්න බැරි වුණා. අපේ තාත්තා දාලා තිබුණේ ලක්ෂ 03යි. තාත්තාගේ මරණයෙන් පස්සේ අපට රුපියල් 80,000ක් පමණයි ගන්න පුළුවන්. ඒ වුණත් අපට ඒකවත් ගන්න බැරි වුණා.
මේ ඉන්ෂූවරන්ස් ක්‍ෂේත්‍රයේ රස්සාවක් කරනකොට, මිනිසුන්ගෙන් බැනුම් අහන්න වෙනවා, ඊට පස්සේ මිනිසුන්ගේ හිත් රීදීම් ඇති වෙනවා කියලා මම අහලා තිබුණා. ඒ නිසා මගේ හිතේ රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ රස්සාවක් කරන්න කැමැත්තක් තිබුණේ නැහැ. ඒ කොහොම වුණත් මම ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමණකාරීත්වයේ ඉල්ලීම හා ආර්ථික ප්‍රශ්න නිසා මේ රැකියාව කරන්න තීරණය කළා.

ඇත්තටම, රක්‍ෂණ ක්‍ෂේත්‍රය ඔබට දැනෙන්නේ මොන විදිහට ද?
මේ රස්සාව පොත් කඩේක වැඩට යන කාලේ දී වගේ මාසේ අන්තිමට පඩියක් ලැබෙන්නේ නැහැ. පුහුණුව ලැබුවත් අපම මහන්සි වෙන්න ඕන සල්ලි හම්බ කරගන්න. ආයතනයට යම් බිස්නස් එකක් කරලා දුන්නොත් තමයි. අපට ආයතනයෙන් යම් පඩියකුයි ආයතනයේ ප්‍රතිලාභයි දෙන්නේ. නිකම් රස්සාවට ගිය පමණින් පඩි හම්බවෙන්නේ නැහැ.
මම තුන්වතාවක් මේ රැකියාවට අදාළව තියන විභාගය කළා. හැම වෙලාවේම ලකුණු 58ට වඩා වැඩියෙන් ගන්න ලැබුනේ නැහැ. ඇත්තටම මම මේ රැකියාවට ආව මුල් මාස 2ක විශාල ලෙස මානසික පීඩනයට හා ආතතියට ලක්වුණා. මට කලින් ලැබුණු 20,000ත් නැහැ. විභාගයත් අසමත් වෙනවා.
නමුත් ඒ වන විට මා පුද්ගලයන්ගේ දුරකථන අංක 10ක් විතර මුලින් සොයාගෙන ඒ පුද්ගලයන් 10දෙනාට කථා කරලා, AIA රක්ෂණය කියන්නේ නැතුව මම කෙළින්ම අපේ නිෂ්පාදනය මිලදී ගන්න පුළුවන් ද කියලා ඒ පුද්ගලයන්ගෙන් ඇහැවුවා. කොහොමහරි මට ඒ 10 දෙනාගෙන් පලක් වුණේ නැහැ. මම ඊට පස්සේ ඉහළ නිළධාරින්ගෙන් උපදෙස් අරගෙන, මම කථා කළාම මිනිසුන්ගේ විශ්වාසය, පිළිගැනීම වැඩි වුණා.
කොහොමහරි මම 25 දෙනෙකුට විතර කථා කළත්, ඒවාවලින් ප්‍රතිඑලයක් වුණේ නැහැ. ඒ විදහට මම 56 වැනි පුද්ගලයාට කථා කළා. ඒ පුද්ගලයා කිව්වා, මට එන්න කියලා. ඒ පුද්ගලයා විශ්‍රාමිකයෙක්. ඔහු ඉන්නේ මම ඉන්න ප්‍රදේශයෙන් කිලෝ මීටර 03ක් විතර දුරක. ඒත් මම ඔහුව හම්බෙන්න ගියා. ඔහු කැමති වුණා. විශ්‍රාමිකයන් වෙනුවෙන් තියන රක්ෂාවරණයක් ගන්න. ඒ විදිහට ඔහු රුපියල් 3500ක් දීලා, අදාළ රක්ෂාවරණය ආරම්භ කළා. ඔහු ඇහුවා, මා දිගටම මේ රැකියාවේ ඉන්නව ද කියලා. ඔව් කියා මා පිළිතුරු දුන්නා.
ඔහුට මා ගැන විශ්වාසය තහවුරු වුණා. මමත් හිතුවා ඔහුගේ විශ්වාසය රකින්න ඕන නිසා මේ රැකියාවේ ඉන්න. මම පළවැනි බිස්නස් එක කරපු දවසෙම තමයි, දෙවැනි සැරේ විභාගයේ ප්‍රතිඑල ආවේ. ඒ සැරෙත් මම ෆේල්. කොහොම හරි මම පළමුවැනි බිස්නස් එකෙන් පස්සේ රුපියල් 10,000ට වඩා අඩු බිස්නස් කිහිපයක්ම ආයතනයට සම්බන්ධ කළා. ඒ හින්දා මම ආයතනයේ ඉහළ නිලධාරියෙකුට කිව්වා, මට ආයේ වතාවක් විභාගේ කරන්න බැහැ. මට වෙන කෙනෙකුගේ කේතයක් (code) දෙන්න කියලා. එතකොට මට අදාළ ඉහළ නිලධාරියා කිව්වා, එහෙම කරන්න එපා. අනුන්ගේ code එකක් අරගත්තම, කවදාහරි විදේශ සංවාර ආවොත්, ඒවාට යන්න වෙන්නේ ඒ අයිතිකාරයාට කියලා. ඒ නිසා ඒ නිලධාරියා මට කිව්වා, ඔයාට බැරි නැහැ. ආයේ වතාවක් විභාගය කරන්න කියලා. ඒ නිසා මම ආයෙත් විභාගය කළා. ඒ විභාගයෙන් මම සමත් වුණා. මම විභාගය සමත් වුණේ හතරවැනි වතාවේ.
මම ටිකෙන් ටික මගේ පාරිභෝගික පිරිස වැඩි කරගත්තා. මම විශ්‍රාමිකයන් වෙනුවෙන් කරන රක්‍ෂණාවරණය වෙනුවට සෞඛ්‍ය රක්‍ෂණාවරණය කරන්න අපේ ආයතනයෙන් අවසර ලබාගත්තා. ඊට පස්සේ මම පාරිභෝගිකයන්ට සෞඛ්‍ය රක්‍ෂණාවරණය ලබාදෙන්න පටන්ගත්තා. දවසක් මම කෙනෙකුට කථාකරලා ඇහුවම, මට ඒ පුද්ගලයා කිව්වා, ඔහුව හම්බවෙන්න එන්න කියලා. ඔහු ඉන්නේ මම ඉන්න තැනින් කිලෝමීටර 60ක් විතර දුරක. ඒ ගිහිල්ලත්, තව දුර යන්න ඕන. මම ගියාට පස්සේ දැනගත්තේ ඔහු දක්ෂ වෛද්‍යවරයෙක් කියලා. මම එදා ගියාට ඔහු මගෙන් රක්ෂාවරණයක් ලබාගත්තේ නැහැ. ඒ වුණත් මම එතන හිටපු රෝගීන්ගෙන් වෛද්‍යවරයාගේ දක්ෂතා, බෙහෙත් කරන රෝග ගැන දැනගත්තා. ඊට පස්සේ මම දන්න මිනිස්සුන්ට ඒ වෛද්‍යවරයා ගැන කිව්වා. ඒ විදිහට මම සමහර රෝගීන් එක්ක, ඒ වෛද්‍යවරයා ළඟට ගියා. ඒ ගියපු දවසක මට රුපියල් 50,000ක් දීලා රක්‍ෂණාවරණයක් ලබාගත්තා. ඊට මාස 6කට විතර පස්සේ ඒ වෛද්‍යවරයා හදිසි කලන්තයක් නිසා නාරාහේන්පිට ලංකා රෝහලට ඇතුළත් කළා. මම ඔහුව බලන්න, පළතුරු කූඩයකුත් අරන් ගියා. ඔහු ගොඩාක් සතුටු වුණා.
ඒ වාගේම මම මගේ රක්‍ෂණාවරණය ලබාගත්ත පාරිභෝගිකයන්ගේ උපන්දිනවලට කේක් එකක් අරන් යනවා. සමහර වෙලාවට ඒ පුද්ගලයන්ගේ ගෙවල්වල සාමාජිකයන්ට ඒ පුද්ගලයාගේ උපන්දිනය මතක් වෙන්නේ ඒ වෙලාවටයි. මම කරන කාර්යය ගැන ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් පවා සතුටු වෙනවා.
අප කරන සැම බිස්නස් එකටම අපට මාස 12ටම කමිෂන් එකක් ලැබෙනවා. මම අදාළ කමිෂන් මුදලින් තමයි ඒ ඒ පුද්ගලයාට ආවේණික විදිහට කේක් අරන් දෙන්නේ. මම මගේ පාරිභෝගිකයන්ගේ උපන්දිනවලට ඒ විදිහට කේක් එකක් අරන් ගිහින් කරන දෙයින් පාරිභෝගිකයන් වාගේම ඔවුන්ගේ පවුලේ අය සතුටු වෙන විදිහ දැක්කාම මට ගොඩාක් සතුටුයි. ඒ දේවල් නිසා මම රැකියාවෙන් හොඳ තෘප්තියක් ලබනවා.
AIA ඉන්ෂුවරන්ස් නිසා ගොඩක් දේවල් මට ලැබිලා තියනවා. මට ඉස්සර ගෙයක් තිබුණේ නැහැ. දැන් ගෙයක් වාගේම බයිසිකලයකුත් තියනවා. මම හිතන්නේ මට කෙටි කාලයකින් හොඳ ඉන්ෂුවරන්ස් නිලධාරිණියක් වෙන්න ලැබුණේ පාරිභෝගික හිත් දිනාගැනීමත් පැමිණි අභියෝගවලට හොදින් මුහුණදුන් නිසාත්. මම ජීවිතය දිනුවේ AIA ඉන්ෂුවරන්ස් නිසා කියලා කිව්වොත් නිවැරදියි.
මම මගේ රැකියාවට පුදුම තරම් ආදරෙයි. ඇඬුවා, වැටුණා, ගොඩක් දේවල් ජීවිතයට සිද්ධ වුණා, ඒත් අන්තිමට කොහොම හරි ජීවිතය සාර්ථක කරගත්තා.

ඔබට ආයතනයෙන් ලැබෙන සහයෝගය මොන වගේ ද?
ආයතනයෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. තිස්සමහාරාමය සහ මාතර කියන අපේ මධ්‍යස්ථාන දෙකම කරන්නේ එකම කළමණාකාරවරයෙක්. ඒ කළමණාකාරීත්වය නැත්නම් අද තිළිණි කෙනෙක් නැහැ. අපේ පාරවල්වල බස් දෙක තුනක් වගේ තමයි තියෙන්නේ. අපේ ප්‍රදේශය ගොඩක් දුෂ්කරයි. තරු පන්තියේ හෝටලයකට ගිහින් ඒ අත්දැකීම විඳගන්න අපේ ආයතනයේ කළමණාකාරීත්වය අපට උරදෙනවා. ඒ ඔස්සේ අපට හොඳ පන්නරයක් ලැබෙනවා. අපේ දරුවෙකුටවත් රැකියාවක් කරලා යන්න බැරි මට්ටමින් සුපිරි හෝටල්වල විවිධ තරගවලට යන්න අපට අවස්ථාව ආයතනයෙන් ලබාදෙනවා. අපට විවිධ තරගවලින් ජයග්‍රහණය කරලා ජීවිතයට මින් පෙර අත්දැකලා නැති අත්දැකීම් රාශියක් ලබාගන්න පුළුවන් වෙලා තියනවා.
මුල් කාලයේ දී නම් අපට වැඩ රාජකාරී අඩුයි. එක්කෙනෙක්, දෙන්නෙක් කතා කළේ නැති වුණාම, මට මේ රස්සාව එපා වුණු අවස්ථා තිබුණා. ඒ වුණාට ටිකෙන් ටික පාරිභෝගිකයන් ප්‍රමාණය වැඩි කරගෙන, ආයතනයට ලාභ ගේනකොට, වැඩ එනකොට, කාර්ය බහුල වෙනකොට රස්සාවට ආස හිතුණා. දැන් නම් කිසිම ආතතියක් නැතුව, සතුටින් රැකියාව කරගෙන යනවා.

ඔබ ලබාගත් සම්මාන සහ වෙනත් ඇගයීම් ගැන කථා කළොත්?
2023 අවුරුද්ද වෙනකොට, මම මේ ආයතනයට සම්බන්ධ වෙලා අවුරුදු 03ක් වෙනවා. මට පළමුවැනි අවුරුද්දෙම Platinum Club Winner කෙනෙක් විදිහට කාම්බෝජයට යන්න අවස්ථාව හිමි වුණා. දෙවැනි අවුරුද්දේ Gold Club winner කෙනෙක් විදිහට විදේශ සංචාරයකට යන්න අවස්ථාව හිමිවෙලා ඉන්නවා. පළමුවැනි අවුරුද්දේ කොවිඩ් නිසා විදේශ සංචාරයට යන්න බැරි වුණා. ඒ සඳහා මුදල් ලැබුණා. ඒ ගමන යන්නත් ඕන. දෙවැනි අවුරුද්දේ සංචාරය මේ අවුරුද්දේ යන්න බලාපොරොත්තු වෙනවා.
ඉස්සෙල්ලම මම මගේ පාරිභෝගික පිරිස හදාගත්තා. ටිකෙන් ටික පාරිභෝගික පිරිස වැඩි කරගත්තට පස්සේ වැඩත් ටිකෙන් ටික වැඩි වුණා. හෙමින් හෙමින් මම දිගු ගමනක් ආවා. මේ වෙනකොට මම MDRT මට්ටමට ඇවිත් තියනවා. ඉස්සරහට TOT මට්ටමට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ අවුරුද්දෙත් පළමුවැනි කාර්තුවේ දී මගේ ප්‍රාදේශීය කාර්යාලයේ හොඳම wealth planner විදිහට සම්මානයට පාත්‍ර වුණා. පසුගිය මාසවල මම මගේ ප්‍රාදේශීය කාර්යාලයේ හොඳම wealth planner සම්මානය සහ හොඳම කාන්තා wealth planner සම්මාන දිනාගන්නවා. ආයතනයෙන් ඒ විදිහට අපට ලබාදෙන මඟපෙන්වීම නිසා මට තව තවත් ඉදිරියට යන්න පන්නරය ලැබෙනවා.

ගෙවුණු රාජකාරි ජීවිතයේ දී සිදු වෙච්ච අමතක නොවන සිදුවීම් මොනවා ද?
විභාග අසමත් වෙච්ච එක මට ජීවිතයේ කිසිමදාක අමතක වෙන්නේ නැහැ. විභාගය අසමත් වෙච්ච හැම සැරේම මම ඔෆිස් එකේ දී හොඳටම හැඬුවා. 03 වැනි වතාවේ දී කරපු විභාගයක ප්‍රතිඑල 2020 දෙසැම්බර් 31 නිකුත් වුණා. මම හිතන් හිටියේ විභාගයෙන් සමත් වෙලා ජනවාරි 1 වැනිදා අලුතින් සාරියක් අරන් ඇඳගෙන යන්න. ඒ වුණත් මම ඒ පාරත් අසමත් වුණා. මට හිතුණා රස්සාවෙන් අයින් වෙන්න. මගේ ඉහළ කළමණකාරිත්වයත් කිව්වා ඔයාට බැරි නැහැ, ආයේ සැරයක් කරන්න කියලා. ඒක හොඳට හිතට අරගෙන මම ජනවාරි 1 වැනිදා ආයෙමත් රස්සාවට ගියා.

වර්තමානයේ දී සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග කරන දරුවන් විභාගය එක සැරයක් අසමත් වුණාම, ආයෙමත් විභාගය කරන්න අදිමදි කරනවා. ඒ නිසා ඔවුන්ගේ ජීවිතය කඩාකප්පල් වෙනවා. එවැනි දරුවන්ට ඔබ දෙන උපදේශය කුමක් ද?
අපට වැටෙන එකෙන් ඉගෙන ගන්න දෙයක් තියනවා. පුහුණුවක් දීලා විභාගය කළත්, කීපවතාවක් විභාගය අසමත් වුණා. විභාගය ගැන ලොකුවට හිතන්නේ නැතුව වැඩ කළ නිසා මම පළමු වර විභාගය අසමත් වුණා. මට පඩියක් ලැබුනේ නැතුව බිස්නස් හොයන්න මහන්සි වුණ නිසා දෙවැනි වර විභාගය අසමත් වුණා. කීප සැරයක් කරලා, විභාගය ගැන කළකිරුණා හින්දා, මට තුන්වැනි වර විභාගය නැවතත් අසමත් වුණා. ජීවිතයේ හැමදේම විභාගයක්. ඒ විභාගයට හරියට මුහුණදෙන්න ඕන.
ෂඊීඛ විභාගය මම කීප සැරයක් අසමත් වුණ හින්දා, නැවත කරන්නේ නැතුව අතහැරලා දැම්මා නම්, මට අද තියන මට්ටම නැහැ. අද ඉන්න ගෙයක් නැහැ. මගේ ගෙදර අයට අද තියන සතුට නැහැ. දෛවය අපව කීප සැරයකත් වට්ටලා තමයි දේවල් දෙන්නේ කියලයි මම හිතන්නේ. ඒ නිසා කීප සැරයක් විභාගය අසමත් වුණා කියලා, විභාගය අතහැරලා දාන්න එපා. යම් අවස්ථාවක යම් පසුබෑමක් වුණොත් ඒ දුකට හොඳටම අඬලා හරි, ආයෙමත් ජීවිතයට හරි විදිහට මුහුණ දීලා, හරි විදිහට ජීවිතය පටන්ගන්න කියලා මම දරුවන්ට කියනවා.

රක්ෂණ ක්‍ෂේත්‍රයට අලුතින් එන්න හිතන් ඉන්න කෙනෙකුට දෙන්න පුළුවන් උපදේශය කුමක් ද?
මේ රැකියාවෙන් හොඳට මුදල් උපයන්න පුළුවන්. ඒ වාගේම ප්‍රසිද්ධ චරිතයක් වෙන්න පුළුවන්. මේක උතුම් වෘත්තියක්. මම මේක රස්සාවක් කියලා කියන්න කැමැති නැහැ. ඇත්තටම මේ රක්ෂණ වෘත්තිය හරහා අපට අපේ ආර්ථිකය නිසි පරිදි සකස් කරගන්න පුළුවන්.
රක්ෂණ වෘත්තියේ මුල් කාල සීමාව ටිකක් දුෂ්කරයි. ඒ වුණාට ඒ දුෂ්කරතාව, ඔස්සේ ඉදිරියට යන කෙනෙකුගේ ජීවිතය ලස්සන කරගන්න පුළුවන්. මේ වෘත්තියෙන් අපට මුදල් උපයන්න සීමාවක් නැහැ. අපට අපේ පවුලේ වැඩ කටයුතු කරන ගමන් මේ රස්සාව කරන්න පුළුවන්. අපට කැමති නම්, උදේ හරි හවස හරි වැඩ කරන්න පුළුවන්. සොබාදහම හැමදේම දෙන්නේ හැමදේම හොඳින් දරාගන්න පුළුවන් කෙනාට. ජීවිතයට එන ප්‍රශ්න හොඳින් දරාගන්න පුළුවන් කෙනාට ලොකු ගමනක් යන්න පුළුවන්. එහෙම කෙනෙකුට දින 500ක් වගේ කාලයක දී ජීවිතය ලස්සන කරගන්න පුළුවන්.

ඔබගේ ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
ආයතනික පැත්තෙන් මම TOT මට්ටමට යන්න බලාපොරොත්තු වෙනවා. නව ව්‍යාපාර මිලියන 20ක් හදුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. මගේ ගෙදර මේ වෙනකොට ගොඩක් දුරට හදාගෙන ගිහින් තියනවා. ඒ වැඩ ටික කාලයකට නතර කරලා, වාහනයක් ගන්න බලාපොරොත්තුවක් තියනවා. මගේ දරුවා 05 වසරේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙමින් ඉන්නවා. දරුවව හොඳ පාසලකට දාන්න සූදානමක් තියනවා.

මේ වගේ සාර්ථක වෙන්න ගොඩක් අය උපකාර කරන්න ඇති. ඒ ගැන මතක් කළොත් ?
මම දුෂ්කර ගමක කෙනෙක්. මම මගේ මුල් අවධිය අමතක කරන කෙනෙක් නෙමේ. මගේ අඳින පළඳින විදිහ පවා හැදුවේ මගේ ආයතනයේ ඉහළ කළමනාකරණය. ඒ වාගේම මට හරි විදිහේ code එකක් හදා ගන්න ඉහළ කළමනාකාරීත්වය උදව් කළ නිසා විදේශ සංචාරවලට පවා යන්න පුළුවන් වුණා. මම දීලීප අමේන්ද්‍ර මහතාට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. මම මුල් දවසේ රස්සාවට ආවෙත් වෙන කෙනෙකුගේ සාරියක් ඇඳලා. මට හැමදේම ලැබුණේ, හැමදේම දැන ගත්තේ AIA ඉන්ෂුවරන්ස් නිසා. ඒ හැමදේම වෙනුවෙන් AIAඉන්ෂුවරන්ස් සමාගමේ මාතර සහ තිස්සමහාරාම කාර්යාලවල ඉහළ කළමනාකාරීත්වයට ස්තූතිවන්ත වෙනවා.
චානක මහතාට මේ අවස්ථාව මට දුන්නාට විශේෂයෙන් ස්තුති කරන්න අවශ්‍යයි. හැමවිටම මට උදව් කරන මගේ ප්‍රාදේශීය කාර්යාල ප්‍රධානී දීලීප අමේන්ද්‍ර මැතිතුමා. සියලුම ක්ලස්ටර් කණ්ඩායම් කළමනාකාරවරුන්ට සහ මාගේ කණ්ඩායම් කළමනාකාරතුමා වන සුජිත් නිලන්ත අතුකෝරල මහතාට විශේෂයෙන්ම ස්තුති කළ යුතුයි, ඔවුන් නොසිටින්න අද මම මේතැන නොසිටින්න තිබුණා.
පැතුම් මහතා ඇතුලු කාර්යාලයේ සියලු නිළධාරී මහත්ම මහත්මීන්ටත් ඒවගේම මගේ ආදරණීය පාරිභෝගික’සියලු’දෙනාටත් මෙය අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න. ඔවුන් තමයි මගේ වත්කම. ඔවුන් නොමැතිව අද AIA එකේ තිළිණි කියන සන්නාමය ගොඩනගන්න නොහැකි වෙනවා.
ඒ වගේම මගේ දෙමවුපියන් හා මගේ සෙවනැල්ල වගේ මා ළඟින්ම සිටි මගේ ස්වාමිපුරුෂයා හා මගේ දියණියට ද මේ වෙලාවේ ස්තුතිවන්ත වනවා ඔවුන් මගේ ගමන්මගේ කොටස්කරුවන් ලෙස කටයුතු කරනවාට.
“මේ මාසේ බිස්නස් නැහැ. මේ මාසේ නිල්” කියන රක්ෂණ ක්‍ෂේත්‍රයේ නියුතු අයට මට කියන්න තියෙන්නේ, තමන්ට දැනට ඉන්න පාරිභෝගික පිරිස රැකගෙන, ඔවුන් හරහා තවත් අය සම්බන්ධ කරගන්න කියලයි. ඒවගේම එක රක්ෂණ සමාගමක ටික කාලයක් ඉඳලා තවත් තැනකට මාරුවෙන්න නරකයි. එක තැනක ඉඳගෙන උනන්දුවෙන්, අවංකව වැඩ කරන්න. එවිට දිප්තිමත් අනාගතයක් ගොඩනගාගෙන ඉදිරියට යා හැකියි.

මදාරා මුදලිගේ : සංවාද හා සටහන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *