July 27, 2024
සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඩයලොග් එන්ටර්ප්‍රයිස් ඩිජිටල්කරණයෙන් හඳුන්වාදෙන අලුත්ම විප්ලවය
අලූත් යමක් ජීවිතය

සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඩයලොග් එන්ටර්ප්‍රයිස් ඩිජිටල්කරණයෙන් හඳුන්වාදෙන අලුත්ම විප්ලවය

Aug 31, 2023

ඩයලොග් එන්ටර්ප්‍රයිස්හි නැගීඑන ව්‍යාපාර අංශයේ ඩිජිටල්කරණය පිළිබඳ ප්‍රධාන කළමනාකරු
සමීර විජේරත්න

ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනය මෙරට සුලු හා මධ්‍ය පරිමාණ නැගීඑන ව්‍යාපාර සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණික විසඳුම් සපයන ප්‍රමුඛතම කාර්යභාරයේ මේ වනවිට යෙදි සිටියි. එලෙස ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනයෙන් නැගීඑන ව්‍යාපාර වෙනුවෙන් හඳුන්වාදෙන නවතම විසඳුම් පිළිබඳව දැනුම්වත් කරන්නේ ඩයලොග් එන්ටර්ප්‍රයිස්හි නැගීඑන ව්‍යාපාර අංශයේ ඩිජිටල්කරණය පිළිබඳ ප්‍රධාන කළමනාකරු සමීර විජේරත්න මහතායි.

බොහෝ විට බොහෝ දෙනෙකු ඩයලොග් වෙත පැමිණෙන්නේ මොබයිල් සබඳතාවක් හෝ අන්තර්ජාල පහසුකමක් ලබාගැනීමටයි. ඒ ඔබගේ පුද්ගලික අවශ්‍යතා සඳහායි. නමුත් අද වන විට ඉන් ඔබ්බට ගොස් ව්‍යාපාර ඩිජිටල්කරණයේ දී අභියෝග ජයගැනීමට මෙන්ම ඔබව බලගැන්වීමට සමත් විසඳුම් හා උපදේශන සේවා සැපයීමට ඩයලොග් එන්ටර්ප්‍රයිස් නිරතුරුවම කැපවී සිටියි. මෙහි දී ප්‍රධාන ලෙස විසඳුම් හතරක් හදුන්වා දී ඇත. එහි දී ප්‍රධාන විසඳුමක් ලෙසම ඩයලොග් බිස් මොබයිල් (Dialog Biz Mobile) අපට හඳුන්වාදීමට පුලුවන.

Biz Mobile විසඳුම හරහා සිදුවන්නේ කුඩා හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක හිමිකරුගේ දුරකථනයට පෙරගෙවුම් හෝ පසුගෙවුම් සේවාවන් එකාබද්ධ කර එය තනි සේවාවක් ලෙස හඳුන්වා දෙනු ලැබිමයි. ඉන් පසුව එය ක්‍රියාත්මක වන්නේ ආයතනික සේවාවක් වශයෙනි. උදාහරයක් ලෙස එය ආයතනික පැකේජයක් (Cooperate Package) ලෙසින් ක්‍රියාත්මක වේ. මෙහි දී සිදුවන්නේ ආයතනයේ හිමිකරුගේ පසුගෙවුම් පැකේජය හා සම්බන්ධ වන පරිදි එම ආයතනයට තවත් පෙරගෙවුම් සම්බන්ධතා ලබාගත හැකිය. එහි දී ආයතනයට ලැබෙන වාසිය වන්නේ ආයතනය සතු පෙර ගෙවුම් හා පසුගෙවුම් සම්බන්ධතා අතර අන්ලිමිටඩ් ඇමතුම් සියල්ල නොමිලේ ලබාගත හැකිවිමයි. මෙහි ඇති තවත් වාසියක් නම් පෙරගෙවුම් සම්බන්ධතාවල යම් මුදලක් පවත්වාගෙන යාමෙන් කාර්ය මණ්ඩලය තුළ නොබිඳෙන සම්බන්ධතාවක් තබාගත හැකිය.

මෙහි ඇති තවත් වාසියක් නම් ආයතනයම සතුව එම දුරකථන අංකයක් පැවතීමෙන් සේවකයන් ඉවත් වුවද එම දුරකථන අංකය ආයතනයට අහිමි නොවීමයි. සේවකයන් ආයතනයෙන් ඉවත් වුවද ඒ තුළින් සිදුවන සබඳතා අහිමි වීම් මේ තුළින් මඟහරවාගත හැකිය. එවිට ආයතනය හා සම්බන්ධ වී සිටින පාරිභෝගිකයන් හෝ සැපයුම්කරුවන් හෝ අතර පවතින සබඳතාවය කිසිදා බිඳවැටීමක් සිදු නොවීමයි.

ඊළඟ විසඳුම ලෙස බිස් පැක් අන්ලිමිටඩ් (Biz Pack Unlimited) ස්ථාවර දුරකථන සබඳතාවය හඳුන්වා දිය හැකිය. මෙහි දී අන්ලිමිටඩ් ඇමතුම් රු.499/- වැනි දරාගත හැකි මුදලකට සුලු හා මධ්‍ය පරිමාණ නැගීඑන ව්‍යාපාරිකයන්ට ලබාගත හැකිය. ඒ වගේම එම දුරකථනය රවුටරයක් විදිහට ද භාවිතා කළ හැකිය. මෙලෙස රවුටරයක් ලෙස භාවිතා කිරීමේ දී භාවිතා කරන ඩේටා ප්‍රමාණය සඳහා වෙනම මුදලක් අය කිරීමට සිදුවනවා. මෙහි ඇති වාසිය ලෙස අප දකින්නේ සියලුම ඇමතුම් නොමිලේ ක්‍රියාත්මක කිරීමට හැකිවීමයි. තවද මෙම උපාංගය ඔබට රු. 5999ක් වැනි සහන මිලකට ලබාගත හැකිය. මෙලෙස මෙය සහන මුදලකට ලබාදෙන්නේ සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඩිජිටල්කරණයෙන් බලගැන්වීම සඳහායි.

ආයතනික රිඟින් ටෝන් (Corporate RingIN tone) ලබාදීම තමා අපගේ අනිකුත් විසඳුම. ඔබ හා දුරකථනයෙන් සම්බන්ධ වන පාරිභෝගිකයන්, සැපයුම්කරුවන්, වෙනත් පාර්ශ්වකරුවන් ඔබගේ ආයතනය පිළිබඳ විශ්වාසයක් ගොඩනගාගැනීමට මෙය හොඳ පිටුවහලක් වෙනවා. මෙය අප ඉතාමත් සහනදායී මුදලකට තමයි ලබාදෙන්නේ. උදාහරණයක් ලෙස Perera Caterers ව්‍යාපාරය අපි ගනිමු. යම් අයෙක් දුරකථන ඇමතුමක් ගත් විට මුලින්ම ඇසෙන්නේ “ආයුබෝවන්, පෙරේරා කේටරර්ස් තඹුත්තේගම යනුවෙනි. එවිට එම ආයතනය පිළිබඳව කෙනෙකුට දැනෙන්නේ විශ්වසනීය හැඟීමක්. මෙහි දී ඩයලොග් එන්ටර්ප්‍රයිස් කැපවෙලා සිටිනවා ක්ෂුද්‍ර, සුලු, මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මෙම පහසුකම ලබාදීමට. දැනට රිඟින් ටෝන් සඳහා ලියාපදිංචි ගාස්තු ලෙස රු. 5000/-ක මුදලක් අයකළත් 2023 අගොස්තු මාසයේ සිට 2023 ඔක්තෝබර් මාසය දක්වා මෙම ලියාපදිංචි ගාස්තුව නිදහස් කිරීමට කටයුතු කරනවා. මෙය බොහෝ සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

අනිකුත් පහසුකම වන්නේ අප සපයන ඊමේල් ලිපිනයයි. උදාහරණයක් ලෙස ඔබගේ ව්‍යාපාරයේ නම පෙරේරා කේටරර්ස් සහ සමාගම කියා සිතන්න. pereracaterers@dialogbiz.lk ලෙස විද්‍යුත් තැපැල් ලිපිනයට විශ්වාසයක් හා වටිනාකමක් ලබාදීමට හැකියාව පවතිනවා. dialogbiz.lk කියන ඩොමේන් එක හරහා ඔබගේ ගනුදෙනුවේ විශ්වාසවන්තභාවය හා වටිනාකමක් ව්‍යාපාරයට එක්කරගත හැකි වේ.

මේ සෑම දෙයක් සඳහාම අවශ්‍ය වන්නේ හවුල් ව්‍යාපාර හෝ තනිපුද්ගල ව්‍යාපාරයක් හෝ ඕනෑම ව්‍යාපාරයක ව්‍යාපාර ලියාපදිංචි සහතිකය පමණයි. අපත් සමඟ සම්බන්ධ වෙන්න කැමති ඕනෑම කෙනෙකුට අපේ 0777 887 887 අංකයට කතා කරන්න පුළුවන්. ඉන්පසුව අප ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය විසඳුම් සොයාබැලීමට ඔබේ ප්‍රදේශයෙන්ම ඩයලොග් එන්ටර්ප්‍රයිස්හි නියෝජිතයකු සම්බන්ධ කරදෙනු ලබනවා. ඔහු සමඟ සම්බන්ධ වී ඔබේ තොරතුරු තාක්ෂණික ගැටලු හා ව්‍යාපාරයේ ඩිජිටල්කරණයේ ගැටලුවලට විසඳුම් ලබාගත හැකිවනවා.

පසුගිය කාලයේ සිදු වූ ආර්ථික කඩාවැටීම් හා වෙනත් පාරිසරික ගැටලු නිසා බොහෝ සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩාවැටීමකට ලක් වුණා. එයින් සිදු වූ පාඩුව මඟහරවා ගැනීමට දැන් බොහෝ ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යනවා. මෙලෙස නැගී සිටීමට වෙරදරන ව්‍යාපාර සඳහා ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනය මේ සිදු කරන්නේ ඔවුන්ගේ ලාභ වැඩි කිරීමටත් ඩිජිටල්කරණය ඔස්සේ දැනට සිදුවන අනවශ්‍ය වියදම් අඩු කිරීමටත් අවශ්‍ය උපදේශනය හා මඟපෙන්වීමේ කාර්යභාරය සිදු කිරීමට අප නිරතුරුව සැදිපැහැදි සිටිනවා.

උද්‍යානි නිලුකා : සංවාද හා සටහන

1 Comment

  • Hi, Neat post. There is a problem with your website in internet explorer, would test this… IE still is the market leader and a big portion of people will miss your magnificent writing because of this problem.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *