
ටැක්සි රියදුරෙකුගේ හැරවුම

ව්‍යාපාර සංවර්ධන කේන්ද්‍රයේ සභාපති
බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති
කළමනාකරණ උපදේශක
රුසියාවේ එක් අම්මා කෙනෙක් දෙවන ලෝක යුද්ධය කාලයේ මැරෙන්න ගිහින් නූලෙන් ජීවිතය බේරගන්නවා. අම්මා ජීවිතේ බේරගන්නා විටත් මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටියා. ඉන් පසුව ටික කලකින් ඇය පුතකු ප්‍රසූත කරනවා. මේ දරුවා කුඩා කාලයේ රූපවාහිනී නාට්‍ය මාලාවක් බලනවා. එම නාට්‍යයේ ප්‍රධාන චරිතය වූයේ රුසියාවේ බුද්ධි අංශ නිලධාරියෙකි. ඔහු එම බුද්ධි අංශ නිලධාරියාගේ චරිතයට අතිශය ඇලුම් කරනවා. ඔහු කුඩා කලම සිතට දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නවා. ලොකු වුණාම රට වෙනුවෙන් බුද්ධි අංශ නිලධාරීයකු වන බවට.
ඔහු එතැන් පටන් තම ජීවිත අධිෂ්ඨානය ඉටුකර ගැනීම සඳහා ඉගෙනීම ආරම්භ කිරීමට තීරණය කරනවා. ඔහුගේ අවසාන හා එකම ඉලක්කය වූයේ රුසියාවේ බුද්ධි අංශ නිලධාරියකු වීමයි. ඔහු මෙය ඔහුගේ ලේ වලටම කාවද්දදාගෙන තිබිණි. මේ නිසාම ඔහු තරුණ කාලයේදීම බුද්ධි අංශ නිලධාරියකු බවට පත්වනවා. ඔහු අන් කවරකුවත් නොව ලෝකෙම දන්නා පුටින්ය.
පුටින්ගේ තරුණ කාලයේදීම ඔහුගේ සුවිශේෂී ගති ලක්ෂණ ඔහුගේ පුහුණුකරුවන් හඳුනාගන්නා ලදී. ඉන් සුවිශේෂීම ගති ලක්ෂණය වූයේ අවදානම් ගැනීමට කිසිදු බියක් නොදැක්වීමයි. දිනක් තරුණ පුටින් සහ ඔහුගේ පුහුණුකරුවකු ගමනක් පුටින්ගේ වාහනයේ යමින් සිටියා. එසේ වාහනය පැදගෙන යන විට ඉදිරියෙන් පිදුරු පිරුණු ලොරියක් ඉදිරියට එනවා. සටන් කලා ගුරුවරයා සිතුවා පුටීන් ඔහුගේ වාහනය අයින් කර ඉඩ දී නවතා ගනී කියා. නමුත් පුටින් එසේ නොකර ලොරිය දෙසට වාහනය ධාවනය කර අතින් පිදුරු ටිකකුත් ගෙන වාහනය ධාවනය කළා. මෙම ක්‍රියාව නිසා සටන් කලා ගුරුවරයා හොඳටම බිය වූවා. ඒ මොහොතේම සටන් කලා ගුරුවරයා කේන්තියෙන් පුටින්ට බැන වදිමින් එසේ කිරීමට හේතු විමසුවා. පුටින් ඒ පිළිබඳව තම ගුරුවරයාට සතුටු සිතින් සිනාසෙමින් පැවසුවේ තමා පිදුරු සුවඳට ආශා කරන බවත් ඒ නිසාම එවන් දෙයක් සිදු කළ බවත්ය. එදා සටන් කලා ගුරුවරයා යමක් තේරුම් ගන්නවා, එනම් මේ කොල්ලා කිසිදු අවදානමක් ගැනීමට බිය නොවන අයකු බව.
වර්ෂ 1980 ගණන්වල පුටීන් සිටියේ ජර්මනියේ. මේ කාලයේ ජර්මනියේ විශාල ලෙස කැරලි කෝලාහල තිබූ කාලයක් විය. ජනතාව එකල සෑම විදෙස් කාර්යාලවලටම පහරදෙමින් හානි සිදු කළා. එසේ ගිනි තබමින් රුසියානු කාර්යාලය දෙසට එන ජනතාව පුටින් දුටුව. රුසියානු කාර්යාලයේ නිලධාරීන් ඉතා බියෙන් පසු වූවා. මක්නිසාදයත් ජනතාව රුසියානු කාර්යාලයට ද ගිනි තබා විනාශ කරන නිසාවෙනි. එවිට ඔවුන්ගේ සියලු රහස් තොරතුරු ඔවුන් විසින් ලබාගන්නා බැවිනි. මේ අවස්ථාවේ පුටින් රුසියාවේ ඉහළ නිලධාරීන් මේ පිළිබඳව දැනුවත් කළා. නමුත් කළ යුත්තේ කුමක්ද පිළිබඳව නිසි ප්‍රතිචාරයක් ඔවුන්ගෙන් ලැබුණේ නෑ. නමුත් එවේලේම රට වෙනුවෙන් පුටින් වහාම තීරණයක් ගන්නවා. ඉන්පසුව ඔහු නොබියව ජීවිත අවදානම ද පසෙකලා විරෝධතාකරුවන් ඉදිරියට ගියා. ඉදිරියට ගොස් මෙසේ පැවසීය. රුසියාවේ හමුදාව මේ වන විටත් ඒමට තීරණය කර ඇති බවත් බැරිවෙලාවත් ඔබලා අප කාර්යාලයට පහර දුනහොත් කිසිවෙකුටත් යහතින් පලායා නොහැකි බවත් ඔහු පැවසුවා.
මෙය ඇසීමෙන් පසු විරෝධතාකරුවන් දැඩිසේ බියට පත්විය. ඉන්පසුව ක්‍රමයෙන් විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත්ව ගියා. එමඟින් රුසියාවේ කාර්යාලයට කිසිදු හානියක් සිදු නොවී ආරක්ෂා වූවා. මෙය පුටින්ගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසාම සිදුවූවක් බව පැහැදිලිය. එකල පටන්ම පුටින්ගේ අවදානම් ගැනීමේ කලාව හරහා ඔහුගේ නායකත්වය ප්‍රදර්ශනය කරන ලදි.
1991 දී රුසියානු ආර්ථිකය වැරදි කළමනාකරණය නිසා දැඩිසේ කඩාවැටීමකට ලක්වනවා. ඒ සමඟම රුසියාව දැඩි ලෙස ආර්ථික අපහසුතාවයන්ට මුහුණදීමට සිදුවනවා. ඒ කාලයේ දී පුටින් බුද්ධි අංශයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරන ලදී. මේ අයෝමය නායකයා පසුව ඉවත්වී ටැක්සි රථ රියදුරකු ලෙස කලක් සේවයේ නියුක්ත වෙනවා. මෙය ඔහුගේ අනාගත නායකත්වය ලබාගැනීමේ උපාය මාර්ගයක් මිස වෙන කිසිදු දෙයක් නොවේ. ඔහු එම රැකියාව තෝරාගත්තේ තම රැකියාව ටැක්සි රියදුරු වෘත්තීය කිරීමේ අදිටනින් නොවීය. ප්‍රධානම හා මුඛ්‍ය පරමාර්ථය වූයේ තම රට බේරාගැනීමයි. ඒ සඳහා ඔහු එම රැකියාව කරන අතරතුර රට ගොඩනැගීමේ සුපිරි සැලසුමක් සකස් කළා.
ඔහු මෙකල ඉතා සුළු දේශපාලන පත්වීමක් ලබාගත් අතර එම සුළු නිලය මාර්ගයෙන් දේශපාලන සම්බන්ධතා තරකරගැනීමට අදිටන් කරගන්නවා. එමගින් ඔහු ටැක්සි වෘත්තියෙන් ඉවත්ව දේශපාලනය තම ප්‍රධාන වෘත්තිය බවට පත්කරගනිමින් දේශපාලනයේ ඉදිරියටම යාමට කටයුතු කරනවා.
1998 දී රුසියාවේ ඇතිවූ ආර්ථික අර්බුදයෙන් රට බේරාගැනීමට පුටින්ගේ මඟපෙන්වීම ඉතා ඉහළ දායකත්වයක් ලබාදෙන ලදී. එකල පුටින් රටේ අගමැති බවට ඉතා ඉහළින්ම පත් වූ අතර එවකට සිටි ජනපති තම දුරකාලයෙන් මාස 6ක් තිබිය දී පුටින්ව වැඩ බලන ජනාධිපති කර ඔහු ඉවත්ව යනවා. ඡන්දයක් නොමැතිවම පුටින් රටේ මාස 6කට ජනපති බවට පත්වනවා.
පුටින් තාවකාලික ජනපති වනවිට චෙච්නියා සටනින් රුසියාව ඉතා අවමන් ලෙස පරාජයට පත්ව සිටියා. නමුත් එම සටන පුටින්ගේ කරට ගැනීමත් සමග එම යුද්ධයේ ජයග්‍රහණය ද රුසියාවට අත්කරදීමට පුටින් සමත් විය. පුටින් අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කර සටන දිනවමින් රුසියාවේ ජනප්‍රියම ජනපතිවරයා බවට තාවකාලික ජනපතිවරයා පත්විය. මේ නිසාම පුටින් ඊළඟ ජනපතිවරණයෙන් ඉතා ඉහළින් ජයග්‍රහණය කරන ලදී.
පුටින්ගේ පළමු වසර කීපය තුල එරට ආර්ථිකය කැපීපෙනෙන ලෙස වර්ධනයක් උදාකර ගත්තා. 2005 වර්ෂයේ දී රටට ජාතික ප්‍රතිපත්ති වැඩසටහනක් ඉදිරිපත් කරමින් සෞඛ්‍යය, අධ්‍යාපනය, නිවාස සහ කෘෂිකාර්මික ව්‍යාපෘති ආදී වැඩසටහන් රැසක් පුටින් විසින් ආරම්භ කරන ලදී.
නිෂ්පාදනය, ඉදිකිරීම් සහ විවිධ ණය වැඩසටහන් ආරම්භ කර මධ්‍යම පාන්තික ජනයාට සහන සැලසීම සිදු කළා. ඛනිජ තෙල් සහ ගෑස් අලෙවියෙන් ලද ආදායම දේශීය සහ විදේශීය ණය පියවා දැමීමට කටයුතු කරන ලදී. මේ අතර ජෝර්ජියාව සහ යුක්රේනය ආක්‍රමණය කළ අතර ක්‍රිමියාව තම රට යටතට ගනු ලැබුවා. අදටත් ඔහු තම රටේ රාජ්‍ය පාලනය නිසි ලෙස කළමනාකරණය කරමින් රට ඉදිරියටම ගෙනයනවා.
බටහිර රටවල් කඩාවැටෙද්දී ලෝකයටම ආදර්ශ සපයමින් ඔහු රට ඉදිරියටම රැගෙනයාම ඔහුගේ අප්‍රතිහත නායකත්ව කුසලතාවයක් බව මොනවට පැහැදිලි කරයි. ‘අස්ථාවර ලෝකයක් ස්ථාවර ඇමරිකාවක්’ එයයි ඇමරිකානු ප්‍රතිපත්තිය. නමුත් මෙම ඇමරිකානු ප්‍රතිපත්තිය පුස්සක් බවට පත්කරමින් රුසියාව ඉදිරියෙන් ඉදිරියට යාම ඇමරිකාවට කිසිසේත්ම නැවතිය නොහැකි දෙයක් බවට පත්වී හමාරය.
ඇමරිකාව විවිධ උපාය උපක්‍රම අනුගමනය කරමින් ලෝකයේ ආර්ථිකය අස්ථාවර කිරීමට කටයුතු කරන බව පුටින් දැඩි සේ විශ්වාස කරනවා. ලෝකයේ අංක එක බවට පත්වීමට චීනය ඉතා ආසන්නයේ සිටින බව ඇමරිකාව ඉතා හොඳින් හඳුනාගෙන තිබෙන අතර එම තත්ත්වය නැවැත්වීමට ද ඇමරිකාව දැඩි උත්සාහයක නිරතවන බව පුටින්ගේ මතයයි. ඇමරිකාව යුක්රේනය ලවා යුද්ධය ඇවිලවීමට උත්සාහ කරන්නේ රටවල් අස්ථාවර කිරීමට කටයුතු කිරීමට බව පුටින් පවසනවා.
රුසියාවේ ටැක්සි රියදුරා රුසියාවේ ජනප්‍රියම දේශපාලකයා මෙන්ම ලෝකයේම ජනප්‍රියම සහ දක්ෂතම දේශපාලකයා වීම වැඩි ඈතක නොවී නුදුරු අනාගතයේදීම ඒ සිදු වනවා නොඅනුමානයි. පුටින්ගේ ජීවිත කතාව අධ්‍යයනය කර ඔබත් ඔබ ජීවිතයට ගතහැකි ආදර්ශ හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න. එමගින් ඔබත් ගමත් රටත් දියුණුවෙන් දියුණුවට’පත්’වනවා’නියතය.
6 Comments
hello there and thank you for your info – I’ve certainly picked up something new from right here. I did however expertise some technical issues using this website, since I experienced to reload the web site a lot of times previous to I could get it to load properly. I had been wondering if your hosting is OK? Not that I’m complaining, but slow loading instances times will very frequently affect your placement in google and can damage your high-quality score if advertising and marketing with Adwords. Anyway I’m adding this RSS to my email and could look out for much more of your respective exciting content. Make sure you update this again very soon..
Some genuinely good information, Gladiolus I found this.
Hmm is anyone else having problems with the pictures on this blog loading? I’m trying to figure out if its a problem on my end or if it’s the blog. Any feedback would be greatly appreciated.
I will right away grab your rss as I can not find your email subscription link or e-newsletter service. Do you have any? Kindly let me know so that I could subscribe. Thanks.
Please let me know if you’re looking for a writer for your site. You have some really great posts and I feel I would be a good asset. If you ever want to take some of the load off, I’d really like to write some material for your blog in exchange for a link back to mine. Please shoot me an e-mail if interested. Thanks!
I liked as much as you’ll receive carried out right here. The cartoon is attractive, your authored material stylish. nonetheless, you command get bought an nervousness over that you wish be handing over the following. ill certainly come more until now once more since exactly the similar nearly very often inside case you defend this increase.