July 27, 2024
ඩේවිඩ් කැමරන් මහතා විසින්, කොළඹ වරාය නගරය තුළ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ගෝලීය ආයෝජකයන් දැනුවත් කිරීමේ සූදානමක
පුවත්

ඩේවිඩ් කැමරන් මහතා විසින්, කොළඹ වරාය නගරය තුළ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ගෝලීය ආයෝජකයන් දැනුවත් කිරීමේ සූදානමක

Sep 23, 2023

ගෝලීය ආයෝජකයින් වෙත කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තුළපවතින ආයෝජන අවස්ථා හඳුන්වා දීම සහ ඔවුන් ආයෝජන සඳහා  දිරිගැන්වීම අරමුණු  කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජන අවස්ථා පිලිබඳ උත්සවයක් පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී.

එක්සත් රාජධානියේ හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මහතා,එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දු-පැසිෆික් කලාපය අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කාර්‍යභාරය පිළිබඳව  මෙම ප්‍රදර්ශනයට සමගාමී ව පැවැත්වෙන සැසියක් ඇමතීමට නියමිත ය.මෙහි දී ඉන්දු-පැසිෆික් කලාපය ඇතුළු බහුවිධ හවුල්කරුවන් සමඟ  සම්බන්ධ වීමේ හැකියාවසහිත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භූමිකාව පිළිබඳ ව මෙම සැසියේ දී සාකච්ඡා කෙරෙනු ඇත.වර්ෂ 2040 වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP)  50% කට වැඩි ප්‍රමාණයක් ආසියාව මඟින් ආවරණය වන අතර, 21 වැනි සියවසේ ගෝලීය නව ආර්ථික බල කේන්ද්‍රය බවට ආසියාව  පත් වෙමින් පවතී.  මෙම සන්දර්භය තුළ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉන්දු-පැසිෆික් කලාපය සමඟ සිය සබඳතා ශක්තිමත් කිරීමට අරමුණු කරන බවත්,එහි දී ඩොලර් බිලියන ගණනක වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජන අවස්ථා හරහා ශ්‍රී ලංකාවට සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කළ හැකි බවත් පැවසිය යුතුය.

කොළඹවරාය නගරය යනු ශ්‍රී ලංකාවේ ආර්ථික හා සාමාජීය සංවර්ධනය අරමුණු කර ගත් ප්‍රමුඛතම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකි.  ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹට යාබදව ගොඩ කළ භූමියක ඉදි කෙරුණු කොළඹ වරාය නගරය  විශේෂ ආර්ථික කලාපයක් ලෙස ව්‍යාපාර සඳහා දිරිගැන්වීම් සහ ප්‍රතිලාභ රැසක් ලබා දෙන අතර, ජාත්‍යන්තර ව්‍යාපාරිකයි, හෝටල් හිමිකරුවන් සහ ව්‍යාපාරික ක්‍රියාකාරීන්ට මෙය සුවිශේෂී ආයෝජන අවස්ථාවකි. කොළඹ වරාය නගර ආර්ථික කොමිසම (CPCEC) මගින් වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ ස්වාධීන පාලන රාමුවක් නිර්මාණය කරමින් දකුණු ආසියාව තුළ ව්‍යාපාර කටයුතු සිදු කළ හැකි පහසු ම ස්ථානය බවට පත්වී ඇත.

කොළඹ වරාය නගරය ගෝලීය වශයෙන් තරඟකාරී විශේෂ ආර්ථික කලාපයක් බවට පත් කිරීම වෙනුවෙන් විවිධ ව්‍යාපාර මාර්ගෝපදේශ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වීමේ  ප්‍රථිඵලයක් ලෙස  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙම අවස්ථාවසංවිධානය කෙරෙයි.

අනුමත මාර්ගෝපදේශ යටතේ, උපාය මාර්ගික වැදගත්කමක් සහිත  ප්‍රාථමික හා ද්විතීයික ව්‍යාපාරවලට අදාළ පනත්වලින් නිදහස් කිරීම්, හිතකර ආයතනික බදු අනුපාත සහ වැඩි දියුණු කළ ප්‍රාග්ධන දීමනා ආදිය ඇතුළු දිරිගැන්වීම් රැසක් ලබා දෙන අතර, මෙම දිරිගැන්වීම් මගින් ආයෝජකයින් ආකර්ෂණය කර ගනිමින්,කොළඹ වරාය නගරය  තුළ ව්‍යාපාර සඳහා  හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට අරමුණු කරයි. 

ගෝලීය නියාමන ප්‍රමිතීන්ට අනුකූල ක්‍රියාත්මක වන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය  විනිවිද පෙනෙන ව්‍යාපාරික හිතකාමී පරිසරයක් ප්‍රවර්ධනය කරයි. ඒ අනුව, කොළඹ වරාය නගරය විවිධත්වයෙන් යුත් ව්‍යාපාරික සහ ආයෝජන අවස්ථා රාශියක් හඳුන්වා දෙන අතර,  එහි අනාගත ආයෝජකයින් වෙත නිශ්චල දේපළ සංවර්ධනය කර ගැනීමේ හැකියාව, කලාපීය වෙළෙඳ මෙහෙයුම් සඳහා සහයෝගය, සුඛෝපභෝගී නේවාසික පහසුකම් ඇතුළු තවත් බොහෝ ප්‍රතිලාභ ලබා දෙයි. 

කොළඹ වරාය නගරයේ උපාය මාර්ගික පිහිටීම එහි වටිනා ම වත්කම්වලින් එකකි.  ‘දකුණු ආසියාවේ දොරටුව’ ලෙස විරුදාවලි ලබා ඇති කොළඹ වරාය නගරය කලාපීය වෙළෙඳාම, වාණිජ්‍ය කටයුතු සහ සංචාරක ව්‍යාපාරය සඳහා වඩාත් සුදුසු, කේන්ද්‍රස්ථානයක් ලෙස පහසුකම් ප්‍රවර්ධනය කිරීම සඳහා  සූදානමින් සිටින අතර, ගෝලීය වෙළෙඳපොළ සමඟ එහි ඇති සබඳතාව සහ ජාත්‍යන්තර වෙළෙඳ පහසුකම් සැලසීම සඳහා ඊට ඇති හැකියාව ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ පහසුව වර්ධනය කරයි.

ආයෝජකයි දැනුවත් කරමින්, සවිබල ගැන්වීම වෙනුවෙන් සංවිධානය කෙරෙන, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත මෙම උත්සව මාලාව, ආයෝජකයින්ගේ ඉදිරිපත් කිරීම් සඳහා වෙන් වූ සැසිවලින් සමන්විත වන අතර, ආයෝජන අපේක්ෂාවන් සහ උපාය මාර්ග පිළිබඳ ගැඹුරින්  සාකච්ඡා කිරීම සඳහා ඉතා හොඳ අවස්ථාවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *