TikTok, කිසිඳු භේදයකින් තොරව සියලු දෙනා වෙත STEM දැනුම රැගෙන යයි

මානව ඉතිහාසයේ වැඩි කාලයක් පුරා දැනුම ලබා ගැනීමේ අවස්ථාව හිමිව තිබුණේ සීමිත පිරිසකට පමණි. අද වන විට අන්තර්ජාලය තුලින් මේ තත්ත්වය වෙනස්ව ඇති අතර ඕනෑම කෙනෙකුට විශාල දැනුම් සම්භාරයක් ඉතා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව හිමි වී තිබේ.
ගෝලීය දකුණේ රටවල් සඳහා වන ජාත්‍යන්තර විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන දිනය යෙදී තිබෙන අද (සැප්තැම්බර් 16) වැනි දවසක, පෙර සඳහන් කළ කරුණ වඩාත් වැදගත් වේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2024 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද මෙම දිනයේ ප්‍රධාන අරමුණ වන්නේ, ගෝලීය දකුණේ රටවල් පුරා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනයන් ශක්තිමත් කිරීමයි. මෙහි අරමුණ තාක්ෂණය ලබා ගැනීමට අවස්ථාව සලසා දීමෙන් පමණක් නතර නොවන අතර විද්‍යාත්මක හා තාක්ෂණික දැනුම නිර්මාණය කිරීම, පෝෂණය කිරීම, ලබා ගැනීම, තේරුම් ගැනීම, තෝරා ගැනීම, ගැලපෙන ලෙස වෙනස් කර ගැනීම සහ භාවිත කිරීමේ හැකියාව වර්ධනය කිරීම මෙයින් අවධාරණය කරයි.
අධ්‍යාපනයේ සිදුවන විශාලතම වෙනස වන්නේ, යමක් ඉගෙනීම සැමවිටම ‘’මම මේ දේ ඉගෙන ගන්නවා’’ කියා ගන්නා තීරණයකින්ම ආරම්භ නොවීමයි. සාමාන්‍යයෙන් අප සිතන්නේ අධ්‍යාපනය යනු කලින් සැලසුම් කර කරන දෙයක් කියායි. එනම් ඔබ විෂයක් තෝරාගෙන, පාඨමාලාවක් සොයාගෙන, පොතක් කියවීම හෝ පන්තියකට යාමයි.
නමුත් අන්තර්ජාලය තුළ අපට හමුවන බොහෝ දේ සිදුවන්නේ ඒ තීරණයට පෙරයි. අපට මුලින්ම කිසියම් අදහසක් දකින්ට ලැබෙන අතර ඒ ගැන කුතුහලයක් ඇති වේ. ඉන් පසුව ඒ පිළිබඳව ඉගෙන ගන්නවාද නැද්ද කියා තීරණය කරනු ලබයි. කෘතිම බුද්ධිය, රොබෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය සහ දේශගුණ විද්‍යාව වැනි අපේ අනාගතය තීරණය කරන STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, සහ ගණිතය) විෂයයන් සඳහා මෙය බෙහෙවින් බලපානු ලබයි. TikTok වැනි සමාජ මාධ්‍ය ජාල අධ්‍යාපනික සාකච්ඡාවලට වැදගත් වී ඇත්තේ මේ නිසයි.
විද්‍යාව හෝ තාක්ෂණය ගැන ඉගෙන ගැනීමේ අදහසක් නොමැතිව ඇප් එක (app) භාවිතා කරන කෙනෙකු ඉදිරියට වුවත් STEM අන්තර්ගතයන් ගෙන ඒමට TikTok වේදිකාවට හැකි වේ. මෙයින් කියවෙන්නේ අධ්‍යාපනය පෙරට වඩා විවිධ තැන්වලින් ආරම්භ විය හැකි බවත්, ඒ පළමු හමුවීම ඉතා වැදගත් වන බවත්ය. දැනුම සැමට පොදු කිරීම යනු මිනිසුන්ට අලුත් අදහස් සොයා ගැනීමට, තේරුම් ගැනීමට සහ ඒවා සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලබා දීම නම්, මේ ”අහඹු ලෙස සොයා ගැනීම” දැන් එම ක්‍රියාවලියේ ඉතා වැදගත් කොටසකි.
TikTok සමාජ මාධ්‍යය හුදෙක් විනෝදාස්වාදයට පමණක් සීමා නොවී, මෙම ‘’අහඹු ලෙස සොයා ගැනීමේ” ක්‍රමය අධ්‍යාපනය සඳහා ද යොදාගත හැකි බව වටහාගෙන ඇත. ඒ සඳහා වෙන්වූ ˜STEM Feed˜ විශේෂාංගය මෙයට පැහැදිලිම උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය. ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව 2025 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව තුළ මෙය ආරම්භ කරන ලද අතර, එමඟින් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන අන්තර්ගතයන් සඳහාම වෙන්වූ පිටුවක් ඇප් එකතුළ නිර්මාණය විය. විද්‍යාත්මක පැහැදිලි කිරීමක් අන්තර්ජාලයේ තිබූ පමණින්, සිංහල හෝ දෙමළ භාෂාවෙන් ඉගෙනීමට වඩාත් පහසු ශිෂ්‍යයෙකුට එය තේරුම් ගැනීමට අපහසු විය හැකියි. දැනුම සැමට පොදු කිරීම යනු මිනිසුන් සැබෑ ජීවිතයේදී භාවිතා කරන භාෂාවට, උදාහරණවලට සහ සංස්කෘතික පසුබිමට ගැලපෙන පරිදි එම අදහස් පරිවර්තනය කිරීමයි.
මෙම අවස්ථාවෙහි විශාලත්වය දැනටමත් ඉතා ඉහළ මට්ටමක පවතින අතර TikTok ආයතනය වාර්තා කරන අන්දමට, වසර තුනක කාලයක් තුළ ලොව පුරා STEM විෂයන්ට අදාළ වීඩියෝ මිලියන 15කට ආසන්න ප්‍රමාණයක් පළ කර තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ පමණක් මේ සඳහාම වෙන්වූ STEM feed හඳුන්වා දීමෙන් පසුව, STEM අන්තර්ගතයන් සියයට 35කින් වර්ධනය වී ඇත.
ශ්‍රී ලංකාව සතුව STEM හි යටිතල පහසුකම් සහ විශේෂඥයන් ඇති නමුත්, එම දැනුම ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පමණක් සියලු දෙනාට අධ්‍යාපනික අවස්ථාවන් ළඟා කර ගත හැකි බව මෙම ලිපිය මගින් අවධාරණය කරයි. තාක්ෂණික වෘත්තිකයන් තමන්ගේ දැනුම සමාජය වෙත ගෙන ඒම මඟින් මතුපරපුර තුළ කුතුහලයක් සහ උනන්දුවක් ඇති කළ හැකිය.

