ශ්රී ලංකාවේ නවීකරණය වන ඉදිකිරීම් ක්ෂේත්රයට ස්විස්ටෙක් වෙතින් පුළුල් පරාසයකින් යුත් ගොඩනැගිලි විසඳුම් පෙළක්
ශ්රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රයේ සිදුවන වේගවත් වෙනස්කම් සමඟින්, ගුණාත්මකභාවය, කාර්යසාධනය, තාක්ෂණික විශ්වසනීයත්වය සහ දිගුකාලීන වටිනාකම සපයන ඉදිකිරීම් නිෂ්පාදන සඳහා ඇති අවධානය ද ඉහළ යමින් පවතී. මෙම වෙනස්වන අවශ්යතාවන්ට ප්රතිචාර දක්වමින්, ගොඩනැගිලි ද්රව්ය, ඇලුමිනියම් දොර ජනේල, සෙවිලි විසඳුම් හා උපාංග සහ උසස් තත්ත්වයේ බිම් ඇතුරුම් (Flooring) යනාදී ඉදිකිරීම් ක්ෂේත්රයේ විවිධ අවශ්යතා සපුරාලන පුළුල් නිෂ්පාදන හා සේවා පරාසයක් සහිත සන්නාමයක් ලෙස ස්විස්ටෙක් සිය හැකියාවන් වැඩිදුරටත් ශක්තිමත් කර ගෙන තිබේ.
1967 වර්ෂය දක්වා දිවෙන දැවැන්ත ඉතිහාසයකට උරුමකම් කියන ස්විස්ටෙක් සමාගම, විශේෂිත දැවමය බිම් ඇතුරුම් (Flooring) නිෂ්පාදකයෙකු ලෙස සිය ගමන ආරම්භ කරමින්, අද වනවිට නිෂ්පාදන හැකියාවන්, ඉංජිනේරු විශේෂඥතාවය සහ ජාත්යන්තර වෙළඳපොළ තුළ පාරිභෝගික විශ්වාසය දිනාගත් ගුණාත්මක ප්රමිතීන් සහිත පුළුල් ඉදිකිරීම් නිෂ්පාදන සමූහයක් බවට පත්ව තිබේ. වර්තමානය වනවිට ස්විස්ටෙක් සමාගම සිය ව්යාපාරික කටයුතු ප්රධාන ක්ෂේත්ර හතරක් යටතේ පුළුල් කර තිබේ. ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්ය ද්රව්ය සැපයීමේ සිට ඇලුමිනියම් දොර ජනේල ආශ්රිත නිෂ්පාදන හා ව්යුහයන්, සෙවිලි විසඳුම් සහ උසස් තත්ත්වයේ බිම් ඇතුරුම් නිෂ්පාදන දක්වා එහි නිෂ්පාදන පරාසය විහිදී යයි. මෙම විවිධ ක්ෂේත්ර ඔස්සේ ගොඩනගා ඇති හැකියාවන් හේතුවෙන්, නිවාස, ව්යාපාරික ස්ථාන හා වාණිජ ගොඩනැගිලි ආදියේ සිට විශාල ප්රමාණයේ සංවර්ධන ව්යාපෘති දක්වා වන ඉදිකිරීම් අවශ්යතා සපුරාලීමට හැකියාව ලැබී ඇත.
මෙහිදී අදහස් දැක්වූ Swisstek (Ceylon) PLC සහ Swisstek Aluminium Ltd හි සමූහ කළමනාකාර අධ්යක්ෂ දමින්ද පෙරේරා මහතා මෙසේ පැවසීය. ‘‘අපි තවදුරටත් එක් නිෂ්පාදන කාණ්ඩයකට පමණක් සීමා වූ විශේෂිත නිෂ්පාදකයෙකු ලෙස පමණක් නොව ඉදිකිරීම් ක්ෂේත්රයේ සමස්තය ආවරණය වන පරිදි බහුවිධ ක්ෂේත්රයන් ඔස්සේ අපගේ හැකියාවන් වර්ධනය කරගෙන තිබේ. එකී විවිධ හැකියාවන් එකට එක් කරමින් අපගේ පාරිභෝගිකයින් වෙනුවෙන් තවදුරටත් වැඩි වටිනාකමක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙමු. ඉදිරි ගමන දෙස බලන විට, දශක හයකට ආසන්න කාලයක් පුරා ස්විස්ටෙක් සන්නාමයේ අනන්යතාවය හැඩ ගැස්වූ ගුණතාමක්භාවය සහ විනයානුකූල ක්රියාකාරීත්වය අඛණ්ඩව පවත්වා ගනිමින්, අපගේ සේවා සැපයුම පුළුල් වෙළඳපොළක් කරා රැගෙන යාමට කැපවී කටයුතු කරන්නෙමු.’’
ස්විස්ටෙක් හි නිෂ්පාදන කටයුතු තවදුරටත් සමූහයේ මෙහෙයුම් අතර ප්රධානතම අංගයක් ලෙස ක්රියාත්මක වේ. මේ වනවිට ස්විස්ටෙක් සමාගම සතුව නිෂ්පාදන කර්මාන්තශාලා තුනක් ක්රියාත්මක වන අතර, එමගින් වාර්ෂිකව මෙට්රික් ටොන් 100,000කට ආසන්න නිෂ්පාදන ධාරිතාවක් පවත්වාගෙන යයි. එම මෙහෙයුම් සඳහා දායක වන කාර්ය මණ්ඩලය 1,300කට අධික ය. මෙකී ශක්තිමත් නිෂ්පාදන පදනම හරහා ස්විස්ටෙක් සමාගමේ සමස්ත නිෂ්පාදන පරාසය සඳහා අදාළ වන නිෂ්පාදන සංවර්ධනය, තත්ත්ව පාලනය, තාක්ෂණික ස්ථාවරත්වය සහ සැපයුම් ධාරිතාවය යනාදී අංශයන්ට මනා සහායක් ද ලබා දෙනු ලබයි.
ස්විස්ටෙක් හි තාක්ෂණික හැකියාවන් ගත් කළ, ඇලුමිනියම් නිස්සාරණය, ගෘහ නිර්මාණකරණයේ සිට ජල ආරක්ෂණය සඳහා වන නිෂ්පාදන (waterproofing), සෙවිලි විසඳුම් හා උපාංග, පොළව සකස් කිරීම් සහ බිම් ඇතුරුම් දක්වා විවිධ ක්ෂේත්ර ඔස්සේ සිය ගුණාත්මකභාවය හා අත්දැකීම් ගොඩනගා ගෙන තිබේ. ඊට අදාළව හිමි කරගෙන ඇති දේශීය හා ජාත්යන්තර සහතික සහ ප්රමිතීන් මගින් එම හැකියාවන් හි විශිෂ්ටත්වය මැනවින් කියාපානු ලබයි. ස්විස්ටෙක් හි නිෂ්පාදන විසඳුම් දිවයින පුරා ප්රමුඛ පෙළේ සංවර්ධන ව්යාපෘති රැසක් සඳහා භාවිත කර තිබේ. එමෙන්ම ජාත්යන්තර වෙළඳපොළ දක්වා සිය නිෂ්පාදන හා සේවාවන් සපයන ස්විස්ටෙක් සමාගම, උසස් මට්ටමේ දැව ඇතුරුම් නිෂ්පාදන ව්යාපාරය හරහා අත්පත් කරගත් අපනයන හැකියාව ද අඛණ්ඩව පවත්වා ගෙන යනු ලබයි.
Vallibel One PLC හි අනුබද්ධිත ආයතනයක් වන ස්විස්ටෙක් සමාගම, දශක හයකට ආසන්න කාලයක් පුරා ගොඩනගාගත් සිය නිෂ්පාදන හා තාක්ෂණික විශේෂඥතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින්, ශ්රී ලංකාවේ ඉදිකිරීම් සහ ගොඩනැගිලි නිර්මාණ ක්ෂේත්රය තුළ සිය භූමිකාව පුළුල් කිරීමට නිරන්තරයෙන් කටයුතු කරයි.

