July 27, 2024
සියැට් වෙතින් සුව සැරිය ගිලන් රථ මෙහෙවරට දායකත්වය
පුවත්

සියැට් වෙතින් සුව සැරිය ගිලන් රථ මෙහෙවරට දායකත්වය

Jan 13, 2024

ගිලන් රථ 322ක් ක්‍රියාත්මක කරන සුව සැරිය පදනමෙහි මානුෂීය මෙහෙවර අඛණ්ඩව ඉටු කිරීමට එම සේවයේ ටයර් අවශ්‍යතාවයන් සඳහා පළමු තේරීම වන සියැට්-කැලණි හෝල්ඩිංග්ස්හි දායකත්වය ලැබී ඇත.

සියැට්-කැලණි විසින් ගිලන් රථ 5ක් සඳහා ටයර් නොමිලයේ ලබා දීමටත්, අනෙකුත් ටයර් අවශ්‍යතාව නිෂ්පාදන පිරිවැයට වඩා සුළු මිලකට ලබා දීමට ඉදිරිපත් වෙමින්, සුව සැරිය සඳහා වූ සිය කැපවීම නැවත තහවුරු කර ඇත.

සුව සැරිය ගිලන් රථ දිනකට අවම වශයෙන් කිලෝමීටර් 25,000ක් ධාවනය කරන්නේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම උදෙසාය. ගිලන් රථ සේවාවට අයත් ටයර් බවට හඳුනා ගැනීම සඳහා සියැට් ටයර්වල පැති බිත්තිවල ‘1990’ අංකය සහිතව සියැට් ‘රයිනෝ ප්ලස්’ ටයර් නිෂ්පාදනය කිරීමට සියැට්-කැලණි ඉදිරියේදී කටයුතු කරනු ඇත.

‘සුව සැරිය ගිලන් රථ සේවාව මගින් මිනිස් ජීවිත රැසක් බේරා ගැනීමට හැකිවී ඇති අතර, ටයර් මිලෙන් සැලකිය යුතු ඉතිරියක් සිදුකිරීමට සුව සැරිය පදනමට උපකාර කිරීමට හැකිවීම ගැන අපි සතුටු වෙමු. එමගින් ඉහළ යන වියදම් හේතුවෙන් සේවාව අඩපන වීම මගහරවා ගත හැකි යැයි අප විශ්වාස කරනවා. මෙම ටයර් නිෂ්පාදනය කර ඇත්තේ, විශ්වාසනීයත්වය සහ දේශීය තත්ත්වයන් තුළ විශිෂ්ඨ ලෙස හැසිරවීම සඳහා වන අතර, එහි ගමන් කරන්නන් සඳහා ආරක්‍ෂිත ධාවනයක්ද සහතික වනවා,’ යැයි සියැට්-කැලණි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂමල් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය.

‘සුව සැරිය පදනම’ 2016 ජූලි මාසයේදී ඉන්දීය රජයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලදී. එය ශ්‍රී ලංකාවේ ඕනෑම පුද්ගලයෙකුට නොමිලේ පූර්ව රෝහල් සත්කාර සහ හදිසි ගිලන් රථ සේවා සපයන අතර, 1,400කට ආසන්න පිරිසක් සමග පැය 24 පුරා හදිසි වෛද්‍ය සේවා සපයයි. සුව සැරිය විසින් මිනිත්තු 14:38ක සාමාන්‍ය ප්‍රතිචාර දැක්වීමේ කාලයක් අත් කරගෙන ඇති අතර, හදිසි අනතුරු සහ හදිසි අවස්ථාවලදී පුද්ගලයින් ඉක්මනින් සහ දක්‍ෂ ලෙස දිවි ගලවා ගැනීමට සහාය වෙයි.

සියැට් සන්නාමය ඉතාලියේ ආරම්භ වූවක් වන අතර ජර්මානු නිෂ්පාදන තාක්ෂණයෙන් සහ ඉන්දියාවේ හා යුරෝපයේ පිහිටි පුළුල් පර්යේෂණ හා පරීක්ෂණ පහසුකම් වල පිටුබලය ලබයි. සියැට්-කැලණි හෝල්ඩිංග්ස් මේ වන විට ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන අතර, සිය නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. ආනයනික ටයර් මත යැපීම අඩු කිරීමෙන් විදේශ විනිමය සංරක්ෂණය කිරීමේ ජාතික ආර්ථික ප්‍රයත්නයට සැලකිය යුතු කාර්යභාරයක් ද සියැට් කැළණි සමාගම ඉටු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *