July 27, 2024
කොමර්ෂල් බැංකුව, 2024 ගාලු සාහිත්‍ය උළෙල  සඳහා නිල බැංකු හවුල්කරු ලෙස සහාය දක්වයි
පුවත්

කොමර්ෂල් බැංකුව, 2024 ගාලු සාහිත්‍ය උළෙල  සඳහා නිල බැංකු හවුල්කරු ලෙස සහාය දක්වයි

Jan 13, 2024

‘ලෝකයේ අංක 01 සාහිත්‍ය උළෙල’ ලෙස ‘හාපර් බසාර්’ සඟරාව විසින් විස්තර කළ ගාලු සාහිත්‍ය උළෙල (GLF) සඳහා කොමර්ෂල් බැංකුව නිල බැංකු සහකරු ලෙස සිය සහාය ප්‍රකාශ කර ඇත.

කොමර්ෂල් බැංකුව විසින් මෙහිදී සුවිශේෂී අවස්ථාවන් දෙකක් සඳහා අනුග්‍රහය දක්වනු ඇත. ප්‍රකට බි්‍රතාන්‍ය නවකතාකරුවකු, මාධ්‍යවේදියෙකු සහ විකාශකයකුද වන සෙබස්තියන් ෆෝක්ස් සහ ශ්‍රී ලංකාවේ උපන් ලේඛකයකු වන රොමේෂ් ගුණසේකර ඉන් එක් අවස්ථාවකට සහභාගී වන අතර අනෙක් සිදුවීම සඳහා බුකර් සම්මානලාභී ෂෙහාන් කරුණාතිලක  සහ රොමේෂ් ගුණසේකර සහභාගී වෙති.

ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් විවේකයකින් පසුව ගාලු සාහිත්‍යය උළෙලේ 2024 සංස්කරණය මෙම ජනවාරි 25 සිට 28 දක්වා, ඓතිහාසික ගාලු කොටුවේදී පැවැත්වෙයි. මෙම වසරේ උත්සවය මෙම මාලාවේ 11වැන්න වන අතර, ලොව පුරා සිටින කථිකයින් 80කට වඩා ඉදිරිපත් කෙරෙන අතර, සිදුවීම් 100කට වඩා අධික සංඛ්‍යාවකින්ද සමන්විත වෙයි. GLF 2019 උත්සවය සඳහා ප්‍රේක්ෂකයින් 10,000ක් පමණ සහභාගී විය.

කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා උත්සවය පිළිබඳව අදහස් දක්වමින්, ‘විරාමයකින් පසුව නැවත ආරම්භ කරන ලද ගාලු සාහිත්‍ය උළෙලට සහාය දීම, ශ්‍රී ලාංකික කලාව හා සංස්කෘතියේ වර්ධනයට සහ සංචාරක ව්‍යාපාරයේ පුනර්ජීවනයට අපගේ කැපවීම පිළිබිඹු කරයි. දකුණු පළාතේ ඉතාමත්ම පැරැණිතම ගොඩනැඟිල්ලක බැංකුවේ ශාඛාවක් පිහිටා තිබීම කොමර්ෂල් බැංකුවට ගාලු කොටුව සමඟ සුවිශේෂී සම්බන්ධතාවයක් ඇති කරයි. මෙම උත්සවයේ හවුල්කරුවකු වීමට ලැබීම ගැන අපි සැබැවින්ම සතුටු වෙනවා,’ යැයි පැවසීය.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *