July 27, 2024
ජාතික ඉදි කිරීම් විශිෂ්ටතා සම්මානයෙන් Solinro Builders පිදුම් ලබයි
පුවත්

ජාතික ඉදි කිරීම් විශිෂ්ටතා සම්මානයෙන් Solinro Builders පිදුම් ලබයි

Sep 10, 2023

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Solinro Builders සමාගම ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලේදී දකුණු පළාතේ මිලියන 20 – මිලියන 40 ව්‍යාපෘති කාණ්ඩයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. මාතර Cheapside Villa ඉදි කිරීම වෙනුවෙන් Solinro Builders ආයතනයට මෙම සම්මානය හිමි විය. සම්මාන උළෙල කොළඹ CIDA සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ කීර්තිමත් නමක් දිනා සිටින Solinro Builders සමාගම රජයේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවෙකු ලෙස කාපට් මාර්ග, නිවාස, කාර්යාල හා වෙළෙඳ ගොඩනැගිලි ආදී විවිධ ඉදි කිරීම් රැසක් සාර්ථකව නිම කර ඇත. Solinro Builders සමාගම වර්තමානයේදී මෙරට ප්‍රධාන පෙළේ ඉදි කිරීම් රැසකට සිය දායකත්වය සපයමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අභිමානවත් ඉදිරි ගමනක නිරත වී සිටියි.

2016 සිට ව්‍යාපාර කටයුතු සිදු කරන Solinro Builders සමාගම රුහුණු විශ්ව විද්‍යාලයේ ඉදි කිරීම් රැසකට සිය දායකත්වය සපයා ඇත. දකුණු පළාත් ඉදි කිරීම් සංගමය සංවිධානය කළ දකුණු පළාත් ඉදි කිරීම් සම්මාන උළෙලේදී 2018, 2019, 2021, 2022 යන වසරවලදී අඛණ්ඩව විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීමට Solinro Builders සමත්  විය. ජාතික ඉදි කිරීම් සංගමය සංවිධානය කළ 2022 සම්මාන උළෙලේදී මිලියන 60 – මිලියන 100 කාණ්ඩයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීමටද Solinro Builders සමාගමට හැකි විය. “අප කෙරෙහි නිරන්තර විශ්වාසය තබමින් ඉදි කිරීම් ව්‍යාපෘති සදහා අප සමඟ අත්වැල් බැඳ ගත් සියලු පාරිභෝගික භවතුන්ට මාගේ කෘතඥතාව මේ මොහොතේ පළ කරනවා. උසස් ප්‍රමිතියේ අමුද්‍රව්‍ය භාවිතා කරමින්, ඉහළ ගුණාත්මකභාවයකින් පරිපූර්ණව ඉදි කිරීම් කටයුතුවල නියැලීම නිසා අපගේ ආයතනයට කෙටි කාලයකින් ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට පත් වීමට අවස්ථාව උදා වුණා.” Solinro Builders කළමනාකාර අධ්‍යක්ෂ මංජුල ප්‍රසන්න මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *