May 15, 2024
Eco Tablet ශ්‍රී ලාංකීය වෙළෙඳපොළේ සිව් වසරක සාර්ථක ගමන් මඟ සමරයි
පුවත්

Eco Tablet ශ්‍රී ලාංකීය වෙළෙඳපොළේ සිව් වසරක සාර්ථක ගමන් මඟ සමරයි

Sep 11, 2023

නැනෝ තාක්ෂණය හරහා ඉන්දන ප්‍රමිතිකරණයට සාර්ථක විසඳුමක් සැපයූ Eco Tablet ශ්‍රී ලාංකීය වෙළෙඳපොළ තුළ සිව් වසරක් සම්පූර්ණ කරයි. 2019දී මෙරට වෙළෙඳපොළට හඳුන්වා දුන් Eco Tablet මෙරට වාහන පාරිභෝගිකයන්ගේ විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් සාර්ථක ගමනක් පැමිණ ඇත. නැනෝ තාක්ෂණයෙන් සහ කාබනික ද්‍රව්‍යවල සංකලනයකින් නිපදවන Eco Tablet ලොව අංක එකේ ඉන්දන බූස්ටරය වේ. Eco Tablet පෙට්‍රල් වාහන සඳහා Eco Racing නමින්ද ඩීසල් වාහන සඳහා Eco Diesel නමින්ද සන්නාම දෙකකින් මිල දී ගත හැකිය. Eco Racing පෙට්‍රල්වල ඔක්ටේන් අගය 5ත් 10ත් අතර ප්‍රමාණයකින් වැඩි කරන අතර Eco Diesel ඩිසල්වල සීටේන් අගය 2ත් 5ත් අතර ප්‍රමාණයකින් වැඩි කරයි.

ලොව එකම ඉන්දන ප්‍රමිති ආයතනය වන ASTM තත්ත්ව සහතිකයට අනුකූලව ඉන්දන නිසි ලෙස ප්‍රමිතිගත කිරීමේ හැකියාව Eco Tablet සතුය. Eco Tablet භාවිතයෙන් ASTM තත්ත්වයට අනුකූලව සකසා ගන්නා ඉන්දන එන්ජිමේදී පූර්ණ දහනයට ලක් වීමෙන් උපරිම ඉන්දන කාර්යක්ෂමතාවක් ඇති වේ. එසේම අවම වශයෙන් තෙල් ලීටරයකින් පහෙන් එකක ඉතිරියක් සිදු කරයි. එන්ජිමේ ආයු කාලය දෙගුණයකින් වැඩි කිරීම, ස්පාර්ක් ප්ලග්, දහන කුටීර, ඉන්දන ටැංකිය සහ ඉන්දන ගමන් කරන මාර්ග පිරිසිදු කිරිම මෙන්ම නොදැවුණු ඉන්දන අංශු එන්ජින් ඔයිල් සමඟ මිශ්‍ර වීම වැළැක්වීම Eco Tablet භාවිතයේ වාසි වේ. ලොව අංක එකේ ඉන්දන ආකලනය වන Eco Tablet සඳහා ASTM තත්ත්ව සහතික අටක් සහ ISO 9001, ISO 14001 තත්ත්ව සහතික ලැබී ඇත. Eco Tablet භාවිතයෙන් විෂ වායු පිට වීම 99%කින් අවම වන බව පරීක්ෂා කිරීම්වලින් පසු ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරිය තහවුරු කර ඇත. ආයතනික සමාජ මෙහෙවරක් ලෙසද Eco Tablet  භාවිතා කළ හැකි බව එම ආයතනය ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *