July 27, 2024
Socomec India සිය මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කරයි
පුවත්

Socomec India සිය මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කරයි

Feb 11, 2024

අඩු වෝල්ටීයතා (LV) බලශක්ති කළමනාකරණය පිළිබඳ ගෝලීය විශේෂඥයෙකු වන Socomec India, සිය ව්‍යාපාරය පුළුල් කරමින් ශ්‍රී ලාංකේය වෙළඳපොළ වෙත පිවිසීමට බලාපොරොත්තු වන බව පසුගියදා නිවේදනය කරන ලදී. චෙන්නායි සිය මූලස්ථානය කරගත් ප්‍රංශ බලාගාරය, ඒ සඳහා සූදානමින් සිටින බව ඔවූහු ප්‍රකාශ කළහ. “Greater India’ නමින් හැඳින්වෙන උපායමාර්ගික පියවර යටතේ ඒකාබද්ධ ව්‍යාපාරික ආයතනයක් ලෙස සම්බන්ධ වීමට Socomec India ගත් තීරණය සමාගමේ සංවර්ධනයට අවස්ථාවන් සලසා දෙන්නකි.

මෙම ව්‍යාප්තිය පිළිබඳව අදහස් දක්වමින් Socomec India හි කළමනාකාර අධ්‍යක්ෂ මිනු සින්ගාල් මහතා ප්‍රකාශ කළේ, “ආසියානු වෙළඳපොළට නව්‍ය බලශක්ති විසඳුම් අඛණ්ඩව සැපයීමට අපි කැපවෙන අතරම යුරෝපීය ඉංජිනේරු තාක්ෂණය භාවිතා කරමින් ඉන්දියාවේ නිෂ්පාදනය වන අපගේ නිෂ්පාදන ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ වෙළඳපොළට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. තවද මෙම ව්‍යාප්තිය ‘Make in India’ මුලපිරීම ශක්තිමත් කරමින්, Socomec ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරයි. ගෝලීය තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල වෙමින් ක්ෂේත්‍රයේ විශ්වාසනීය නායකයෙකු ලෙස, තිරසාර සහ කාර්යක්ෂම බලශක්ති විසඳුම් තුළින් කල්පවත්නා හවුල්කාරිත්වයන් ගොඩනැගීමට සහ ව්‍යාපාර සවිබල ගැන්වීමට අපි බලාපොරොත්තු වෙමු.”

Socomec සමූහය විසින් දේශීය ඉල්ලුම සපුරාලීම සහ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය වෙත නිෂ්පාදන අපනයනය කිරීමේ අරමුණින් යුරෝ මිලියන 5 ක ආයෝජනයක් ඉන්දියාව තුළ සිදුකරන ලදී. තවද අඛණ්ඩ බල සැපයුම, බලය මාරු කිරීම සහ අධීක්ෂණ විසඳුම් ඉන්දියාව තවදුරටත් ශක්තිමත් කරන අතර  නවීන තාක්‍ෂණය නිසි අයුරින් උපයෝගී කර ගනිමින්, දත්ත මධ්‍යස්ථාන, නිෂ්පාදන සහ ක්‍රියාවලි කර්මාන්ත, සෞඛ්‍ය සේවා, යටිතල පහසුකම්, වාණිජ ගොඩනැගිලි සහ පුනර්ජනනීය බලශක්තිය වැනි සියලු නිෂ්පාදන ගොඩනංවා තිබේ. දේශ හිතෛෂී මෙම නිෂ්පාදන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ වෙළඳපොළ තුළින් දැන් ලබාගත හැකි අතර මෙම ව්‍යාප්තියත් සමඟ ඉදිරි වසර 3 තුළ Socomec India මෙම කලාපවල ආදායම දෙගුණයක් කිරීමට අපේක්ෂා කරයි.

මෙම අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ මෙහෙයුම් කටයුතු භාර සාමාන්‍යාධිකාරීවරයා ලෙස සුහාඩ් අමිට් මහතා පත් කර ඇත. විවිධ ක්ෂේත්‍ර රැසක වසර 25 කට වැඩි කීර්තිමත් වෘත්තීය ජීවිතයක් හිමි අමිට් මහතා, මෙම වෙනස්වෙන වෙළඳපොළ තුළ Socomec හි උපායමාර්ග මෙහෙයවන ප්‍රධාන භූමිකාව බවට පත්වනු ඇත.

Socomec India මෙලෙස සිය ව්‍යාප්තිය සනිටුහන් කළද, බලශක්ති කළමනාකරණයේ විශිෂ්ටත්වය සහ නවෝත්පාදනයන් ලබා දීමට අඛණ්ඩව කැපවී සිටී. තිරසාර විසඳුම් සහ ඉහළ ගුණත්වය ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ ව්‍යාපාරවලට ප්‍රතිලාභ ලබා දෙනවා පමණක් නොව, මෙම කලාපවල සමස්ත සංවර්ධනයට ඉමහත් දායකත්වයක් ලබා දේ. තවද ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කරමින් කලාපීය සහයෝගීතාව සඳහා වූ  දකුණු ආසියානු සංගමය (SAARC) සඳහාද  දායක වේ. ‘Greater India’ දැක්ම, SAARC ජාතීන් තුළ දේශසීමා වෙළඳාම සහ සහයෝගීතාව සඳහා උත්ප්‍රේරකයක් ලෙස Socomec ස්ථානගත කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *