November 2, 2026
SLT-MOBITEL ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ව්‍යාපාරික සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා වන කැපවීම යළි තහවුරු කරයි
පුවත්

SLT-MOBITEL ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ව්‍යාපාරික සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා වන කැපවීම යළි තහවුරු කරයි

Nov 2, 2026

SLT-MOBITEL ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ව්‍යාපාරික සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා වන කැපවීම යළි තහවුරු කරමින්, ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ ශ්‍රී ලංකා – ඇමරිකා එක්සත් ජනපද ව්‍යාපාරික කවුන්සිලයේ [Sri Lanka–USA Business Council (SLUSABC)] 10 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වුණු වාර්ෂික මහා සභා රැස්වීමේ Silver Sponsor ලෙස කටයුතු කළේය.

SLT-MOBITEL වෙනුවෙන් මෙම රැස්වීම සඳහා එහි ප්‍රධාන අලෙවි නිලධාරී රෝහණ එල්ලාවල සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෝලීය ව්‍යාපාර) ධනුෂ්ක මැදගම යන මහත්වරු සහභාගී වූහ. දෙපාර්ශ්වය අතර සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරමින් ධනුෂ්ක මැදගම මහතා අඛණ්ඩව දෙවැනි වසරටත් එහි විධායක කමිටුවට තේරී පත් විය. මෙය ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ව්‍යාපාරික සම්බන්ධතා ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය තුළ SLT-MOBITEL ඉටු කරන කාර්යභාරය නැවත වරක් තහවුරු කළ පත්වීමක් ලෙස හැඳින්විය හැකි වේ.

මෙම රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති එරික් මේයර් මහතා සහභාගි වූ අතර, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, රාජ්‍ය ආයතන නියෝජිතයන් සහ සාමාජික සමාගම්වල නියෝජිතයන් ඇතුළු පිරිසක් ඊට එක් වූහ. ලංකා වාණිජ මණ්ඩලයේ 22 වැනි ව්‍යාපාරික කවුන්සිලය ලෙස පිහිටුවන ලද ශ්‍රී ලංකා – ඇමරිකා එක්සත් ජනපද ව්‍යාපාරික කවුන්සිලය, දෙරට අතර ව්‍යාපාරික සම්බන්ධතා වර්ධනය කිරීම සහ හවුල්කාරීත්වයන් දිරිගැන්වීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරයි.

SLT-MOBITEL   මෙම කවුන්සිලයේ සාමාජිකත්වය දැරීම හුදෙක් සමාගම් මට්ටමේ නියෝජනයක් පමණක් නොවේ. එය ඇමරිකානු ව්‍යාපාරික ප්‍රජාව සමඟ සම්බන්ධතා ගොඩනංවා ගැනීම, ජාත්‍යන්තර සම්බන්ධතා ජාලය ශක්තිමත් කිරීම සහ ගෝලීය ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කරගැනීම යනාදිය සඳහා ලැබෙන මහඟු අවස්ථාවකි. ඩිජිටල් සම්බන්ධතාව සහ තාක්ෂණය ජාත්‍යන්තර වෙළෙඳාම හැඩගස්වන ප්‍රධානතම සාධක බවට පත්වෙමින් ඇති පසුබිමක් තුළ, මෙවැනි හවුල්කාරීත්වයන් වෙළෙඳාම, ආයෝජන සහ තාක්ෂණය මත පදනම් වූ ආර්ථික සංවර්ධනයට අතිශයින් වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස SLT-MOBITEL, ජාත්‍යන්තර හවුල්කාරීත්වයන් ශක්තිමත් කිරීමට සහ ඩිජිටල් සම්බන්ධතා පහසුකම් පුළුල් කිරීමට අඛණ්ඩව කැප වී සිටී. එමඟින් වඩාත් සම්බන්ධිත ව්‍යාපාර ක්ෂේත්‍රයක් ගොඩනැංවීමට මෙන්ම, ගෝලීය ඩිජිටල් ආර්ථිකය තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව තවදුරටත් ශක්තිමත් කිරීමටද හැකියාව ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close