July 26, 2024
‘පරාටේ’ නීතිය ක්‍රියාත්මක කරන්නේ තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීමට ඇති අවසාන විකල්පය ලෙසයි – SLBA
අලූත් යමක් පුවත්

‘පරාටේ’ නීතිය ක්‍රියාත්මක කරන්නේ තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීමට ඇති අවසාන විකල්පය ලෙසයි – SLBA

Jan 1, 2024

බැංකු විසින් ණය ගැනුම්කරුවන්ගෙන් ණය ආපසු ලබා ගැනීමට නීතිමය ක්‍රියාමාර්ග (‘පරාටේ’ නීතිය) ක්‍රියාත්මක කරන්නේ තම තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීම සඳහා බවත්, එසේ නීතිමය පියවර ගන්නේ අවසාන විකල්පය ලෙස බවත් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) ප්‍රකාශ කරයි.

බැංකු විසින් මෙසේ තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීමට ගන්නා පියවරයන්වලට එරෙහිව ණය ගැනුම්කරුවන් පිරිසක් සිදු කරන බලපෑම් වලට ප්‍රතිචාරයක් ලෙස නිකුත් කරන ලද එකී නිවේදනයෙහි එම සංගමය විසින් ප්‍රකාශ කර සිටියේ ‘පරාටේ’ නීතිය ක්‍රියාත්මක කරන්නේ හිතාමතා ණය ආපසු ගෙවීම පැහැර හරින අයගෙන් ණය ආපසු ලබා ගැනීම සඳහා බවයි.

ශ්‍රී ලංකාවේ සියලුම බලපත්‍රලාභී බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) අවධාරණය කළේ බැංකු විසින් ඇතැම් අවස්ථා වලදී මාස 48 ද ඉක්මවූ දිගු කාලයකට ණය ආපසු ගෙවීමේ සහන කාලය දීර්ඝ කර ඇති බවත්, ණයගැතියන් හිතාමතා ම තම ණය පැහැර හරින අවස්ථාවලදී, කල් ඉක්මවූ ණය ආපසු අය කර ගැනීමට හා ලබා දුන් ණය වලින් ඇති වන පාඩු අවම කර ගැනීමට බැංකු වලට තම තැන්පත්කරුවන් වෙනුවෙන් යුතුකමක් පවතින බවයි.

එම සංගමය පෙන්වා දෙන්නේ ණය ලබා දීම සඳහා භාවිතා කරන මුදල් තැන්පත්කරුවන් විසින් බැංකුවේ තබන ලද ඒවා බවත්, බැංකු විසින් ලබා දෙන ණය සඳහා අය කරන පොලියෙන් තැන්පත්කරුවන්ට පොලී ගෙවන බවත් ය. තැන්පත්කරුවන්ගේ විශ්වාසය පිරිහීම වළක්වා ගැනීම සඳහා මෙම භූමිකාව ඉතා ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීමේ වගකීම දරන්නේ බැංකු බවත්, එම විශ්වාසය බිඳ වැටුණහොත් බොහෝ අයහපත් ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවත් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) විසින් ප්‍රකාශ කරන ලදී.

“ණයගැතියන් ණය ආපසු ගෙවීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දෙන විට ණය දෙන බැංකු විසින් එම තත්ත්වය සමාලෝචනය කර පොලී සහ/හෝ මූලික මුදල ආපසු ගෙවීමට නොහැකි වීමට හේතු සොයා බලන අතර, ණය ආපසු ගෙවීමට සහ ව්‍යාපාරික හා ආර්ථික කටයුතු කරගෙනයාමට හැකි වන පරිදි ණයගැතියන් යථාතත්ත්වයට පත් කිරීම සඳහා එම තත්වයට පිළියම් යෙදිය යුතු ආකාරය ද තක්සේරු කරයි,” යනුවෙන් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) ප්‍රකාශ කරන ලදී. “එවැනි අවස්ථා වලදී බැංකුව හවුල්කරුවෙකු ලෙස කටයුතු කරමින් ණයගැතියන්ට තම අභියෝගාත්මක මූල්‍ය තත්ත්වයෙන් මිදීමට උපකාර කිරීම සුලභ දෙයක් වන අතර බැංකු විසින් ණය දීර්ඝ කිරීම, ණය ආපසු ගෙවීමේ සහන කාලයන් ලබා දීම, පොලී සහන ලබා දීම පිළිබඳව සලකා බැලීම හා රැකියාවේ හෝ ව්‍යාපාරයේ අනාගත මුදල් ප්‍රවාහයට ගැළපෙන පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සලකා බැලීම ආදිය ද සුලභ දෙයකි. ණය සුරැකුම් විධිවිධාන යටතේ ණයගැතියන්ගේ වත්කම් ඈවර කිරීම සඳහා මෙම ක්‍රමය වඩා සුදුසු විකල්පයක් ලෙස බැංකු විසින් පිළිගනු ලබයි. ඒ මක්නිසාද යත්, ව්‍යාපාරයක් වසා දමා ඉතිරිව ඇති අවශේෂ වටිනාකම ලබා ගැනීමේ බොහොමයක් අවස්ථාවලදී එම වටිනාකම බැංකුවට ලැබිය යුතු මුදල්වල වටිනාකමට වඩා අඩු වන අතර මුදල් වැයකරමින් සිටි ආර්ථික කටයුතු විනාශ වීම ද සිදුවන බැවින් ඊට වඩා එම ව්‍යාපාරය යහපත් මූල්‍ය සෞඛ්‍ය තත්වයකට පණ ගැන්වීම පාරිභෝගිකයාට මෙන්ම බැංකුවටද ප්‍රයෝජනවත් වන බැවිනි. මේ නිසා බැංකු විසින් ණයගැතියන් දුෂ්කරතාවලට මුහුණ දෙන අවස්ථා වලදී සියල්ලන්ටම අවස්ථාව ලැබෙන පරිදි මෙම විකල්පය තෝරා ගනී”.

“ප්‍රමාද වූ ණය වල තත්ත්වය සහ ඒවා නැවත පණ ගැන්වීමේ හැකියාව තක්සේරු කිරීමේදී ඇතැම් ව්‍යාපාර නැවත පණ ගැන්වීමට නොහැකි අවස්ථාව ඉක්මවා ගොස් ඇති බව හෝ ණය පැහැර හැරීම හිතාමතා ම සිදු කරන බව බැංකුවලට පිළිගැනීමට සිදු වනු ඇත. මෙවන් තත්ත්වයන් තුළදී වගකිවයුතු මූල්‍ය අතරමැදියන් ලෙස බැංකු මගින් නීතිමය බලතල යටතේ පවතින පිළියම් ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍ය වන අතර හිතාමතා ම ණය පැහැර හරින ණයගැතියන්ගෙන් තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීමේ එක් පියවරක් වන ‘පරාටේ’ නීතිය ක්‍රියාත්මක කිරීම එම පිළියම් අතරින් එකක් වේ.”

“ණය ගැනීමේදී ඇප ලෙස තබා ඇති වත්කම් වලට ‘පරාටේ’ නීතිය ක්‍රියාත්මක කිරීම බැංකුවලට ඇති අවසාන විකල්පයයි. මෙය ක්‍රියාත්මක වනුයේ ණයගැතියාව බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට ගන්නා සියළුම පිළියම් හෝ තත්ත්වය සමාලෝචනය කිරීමට සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟිනි.”

5 Comments

  • Have you ever considered about including a little bit more than just your articles? I mean, what you say is valuable and all. But think of if you added some great visuals or videos to give your posts more, “pop”! Your content is excellent but with pics and videos, this site could undeniably be one of the very best in its niche. Terrific blog!

  • What i don’t understood is actually how you are not really much more well-liked than you might be right now. You are very intelligent. You realize thus considerably relating to this subject, produced me personally consider it from numerous varied angles. Its like women and men aren’t fascinated unless it is one thing to accomplish with Lady gaga! Your own stuffs great. Always maintain it up!

  • What i do not realize is actually how you’re not actually much more well-liked than you may be now. You’re very intelligent. You realize therefore considerably relating to this subject, produced me personally consider it from a lot of varied angles. Its like women and men aren’t fascinated unless it is one thing to accomplish with Lady gaga! Your own stuffs outstanding. Always maintain it up!

  • Spot on with this write-up, I really assume this website wants rather more consideration. I’ll in all probability be once more to learn much more, thanks for that info.

  • I really appreciate this post. I have been looking all over for this! Thank goodness I found it on Bing. You’ve made my day! Thx again

Leave a Reply

Your email address will not be published. Required fields are marked *