July 27, 2024
සංචාරකසංවර්ධනය සඳහා වන නිපුණතා ක්‍රමෝපායික ක්‍රියාකාරී සැළැස්ම ඕස්ට්‍රේලියානුරජයේ සහයෝගයෙන් දියත් වේ
පුවත්

සංචාරකසංවර්ධනය සඳහා වන නිපුණතා ක්‍රමෝපායික ක්‍රියාකාරී සැළැස්ම ඕස්ට්‍රේලියානුරජයේ සහයෝගයෙන් දියත් වේ

Sep 20, 2023

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සමඟ  සහයෝගයෙන් සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට සහාය වන දිස්ත්‍රික් නිපුණතා ක්‍රමෝපායික ක්‍රියාකාරී සැළැස්ම ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතාගේ සුරතින් පසුගියදා දියත් වූ අතර ඊට අනුරාධපුර සහ මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ නියෝජිතයෝද එක් වූහ. ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගීතාව මත ක්‍රියාත්මක වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා (S4IG) වැඩසටහනේ තාක්ෂණික සහාය මත ක්‍රියාත්මක වන මෙම සංවර්ධන සැළසුම සංචාරක කර්මාන්තය සහ රජය නියෝජනය කරන පාර්ශ්ව විසින් සකස් කරනු ලැබ ඇත. ඒ සඳහා නායකත්වය දී ඇත්තේ දිස්ත්‍රික් ලේකම්වරුන්ය. මෙම ව්‍යාපෘතිය යටතේ සකසා ඇති සෑම දිස්ත්‍රික් සැළැස්මක්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, සංචාරක කර්මාන්තය ආශ්‍රිත රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ව්‍යවසායන් අතර එකඟ වූ උපායමාර්ගික හවුල්කාරිත්ව සහ ප්‍රමුඛතා ඔස්සේ සංචාරක වර්ධනයට පුළුල් සහ ගැළපෙන ප්‍රවේශයක් සපයයි.

මෙම සැළසුම් සංචාරක කර්මාන්තය ආශ්‍රිත ආර්ථික වර්ධනය හා සම්බන්ධ අභියෝග සහ අන්තර්කරණීය වර්ධනය සඳහා ඇති අවස්ථා හඳුනා ගැනීමේ අරමුණින් අදාළ පාර්ශ්වකරුවන් සමඟ කළ පුළුල් පර්යේෂණවල සහ උපදේශනවල ප්‍රතිපලයකි. මෙම සැළසුම්වලින් පෞද්ගලික අංශය, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ සහ සංචාරක ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීහු, රජය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු  කිරීම් අධිකාරිය (NAITA) සහ වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) වැනි ආයතන සමඟ එක්ව කළාපයේ ආර්ථික වර්ධනය උදෙසා ගෙන ඇති ක්‍රියාමාර්ග හඳුනා ගනිති. එහි ප්‍රතිඵලයක් ලෙස නිපුණතා සම්බන්ධයෙන් පවතින අඩුපාඩු මඟ හරවා ගැනීමට සහ  සංචාරක ක්ෂේත්‍රය නැංවීමට අවශ්‍ය නිපුණතා සුරක්ෂිත කිරීමට හැකියාව ලැබේ. මෙමඟින් රට තුළ ආර්ථික වර්ධනයක් ඇති කරන අතරතුර ශ්‍රී ලංකාව ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරයි.

සෑම නිපුණතා සැළැස්මක්ම නව්‍ය මුලපිරීම් මාලාවක් සහ ක්ෂේත්‍රයට අදාළ නිපුණතා හඳුනා ගැනීමේ වැඩසටහන් අන්තර්ගත වන ලෙස සකසා ඇත. ඊට ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණකරණය පිළිබඳ පුහුණුව, සූප ශාස්ත්‍ර කලාව සහ මුළුතැන්ගෙයි මෙහෙයුම් නිපුණතා, ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ පුහුණුව, හෝටල් මෙහෙයුම් වර්ධනය කිරීමේ නිපුණතා සහ සංචාරක මාර්ගෝපදේශනය ඇතුළත් වේ. සංචාරක හා සත්කාරක ක්ෂේත්‍රයට කඩිනම් ප්‍රමුඛත්වයක් දෙමින් ආදායම් වැඩි කිරීම සහ උසස් තත්ත්වයේ රැකියා උත්පාදනය මෙහි අරමුණයි. මෙහිදී කාන්තාවන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා ප්‍රමුඛ අවධානය යොමු වනු ඇත. ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු තත්ත්ව සහතික කිරීම සඳහා වගකිව යුතු තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) මෙම නව්‍ය සැළසුම් අනෙකුත් දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත කිරීමට කටයුතු කරන අතර TVEC වෙබ් අඩවිය හරහා මෙම සැළසුම් දැන් ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *