September 26, 2023
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙන් ඉදි වූ අනුරාධපුර ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණුකිරීම් අධිකාරියේ (NAITA)සූප ශාස්ත්‍ර පුහුණු මධ්‍යස්ථානය විවෘත වේ
පුවත්

ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙන් ඉදි වූ අනුරාධපුර ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණුකිරීම් අධිකාරියේ (NAITA)සූප ශාස්ත්‍ර පුහුණු මධ්‍යස්ථානය විවෘත වේ

Sep 20, 2023

අනුරාධපුර ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කාර්මික සූප ශාස්ත්‍ර පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු පෝල් ස්ටීවන්ස් මහතා අතින් විවෘත විය. අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහනේ (S4IG) තාක්ෂණික සහාය ඇතිව, ගුණාත්මක සහ වෘත්තීය බවින් හෙබි සූපවේදීන් බිහි කිරීම සහ සිසුන්ට අවශ්‍ය සුදුසුකම්, පුහුණුව සහ රැකියා අවස්ථා සැපයීම මෙම පුහුණු  මධ්‍යස්ථානය හරහා සිදු වනු ඇත. සංචාරක ක්ෂේත්‍රයේ සේවා සඳහා ඇති ඉල්ලුම සපුරමින් හෝටල් සහ ආපනශාලාවලට ඉහළ ආදායමක් ඉපැයීමට ඇති හැකියාව මේ සමඟ ඉහළ යනු ඇත.

මෙම මුලපිරීම තුළින් නිසැක වශයෙන්ම පරිවර්තනීය වෙනසක් ඇති කළ හැකි බව පැවැසූ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා වැඩි දුරටත් මෙසේ සඳහන් කළේය. “සංචාරක ක්ෂේත්‍රයට නිපුණතාවලින් පරිපූර්ණ ශ්‍රම බලකායක් දායාද කරන්න ඕස්ට්‍රේලියානු රජය දක්වන සහාය විශාල පිටිවහලක්. ශ්‍රී ලංකාවට තිරසාර වර්ධනය සහ ආර්ථික වර්ධනය ළඟා කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරන්න මේ හරහා අත්තිවාරමක් දැමෙනවා.” නිපුණතා සංවර්ධනය සහ ආර්ථික ප්‍රගමනය ඉලක්ක කර ගත් මෙම ඒකාබද්ධ ප්‍රවේශය සංචාරක හා සත්කාරක ක්ෂේත්‍රය ප්‍රතිනිර්මාණය කිරීමටත්, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පුහුණු පාඨමාලා තුළින් තීරණාත්මක කුසලතා රික්තක දුරු කිරීමටත්, වැඩි දියුණු කළ රැකියා අවස්ථා බිහි කිරීම තුළින් අන්තර්කරණීය වර්ධනයක් ළඟා කර ගැනීමටත් ඉවහල් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *