July 27, 2024
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් Sirrextar සමාගම පිදුම් ලබයි
පුවත්

කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් Sirrextar සමාගම පිදුම් ලබයි

Dec 26, 2023

ස්කිම් කෝට්, පොටි, ටයිල් මෝටාර් සහ ටයිල් ඇඩිසිව්, වෝල් ෆිලර්, තීන්ත නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන Sirrextar පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදි ග්‍රැනයිට්, ටයිල්, පොටි සහ ගොඩනැගිලි ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණේදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී Sirrextar කළමනාකාර අධ්‍යක්ෂ කීර්ති සිරිවර්ධන මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2008දී ස්කිම් කෝට් පොටි නිෂ්පාදනයෙන් ඇරැඹි Sirrextar පෞද්ගලික සමාගම ගුණාත්මකභාවයෙන් සහ ප්‍රමිතියෙන් උසස් ටයිල් මෝටාර්, ටයිල් ඇඩිසිව්, වෝටර් ෆෲප්, දැව ආරක්ෂක, අයන් ඔක්සයිඩ්, ග්‍රව්ට්, ටර්පන්ටයිල්, වෝල්ෆිලර්, තීන්ත වැනි නිෂ්පාදන රැසක් හඳුන්වා දෙමින් ක්‍රම ක්‍රමයෙන් වෙළෙඳපොළ ජය ගැනීමට සමත් විය.

උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් නවීන තාක්ෂණය මුසු කර නිපදවන දිගු කල් පවතින Sirrextar නිෂ්පාදන පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ඇත. Sirrextar සමාගමේ කර්මාන්ත ශාලාව මාතර වලස්මුල්ලේ පිහිටා ඇති අතර තවත් කර්මාන්ත ශාලාවක් සහ කාර්යාලයක් පිළියන්දල පිහිටා ඇත. ITI, IDB සහ ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ පද්ධතිය සම්බන්ධ සහතිකයෙන් හා තවත් සහතික රැසකින් සහ ව්‍යවසායකත්ව සම්මාන රැසකින් පිදුම් ලබා ඇති Sirrextar සමාගම ඉදිරියේදී අපද්‍රව්‍ය භාවිතයෙන් කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපාරයට යොමු වීමටද අපේක්ෂා කරයි. “සෑම විටම පාරිභෝගිකයා මූලික කර ගෙන ව්‍යාපාර කරන නිසා අපගේ නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් තියෙනවා. වසර ගණනාවක් පුරා අපි පාරිභෝගික විශ්වාසය රැකීම මෙම ජයග්‍රහණයේ රහසයි. මෙම ජයග්‍රහණයට සහාය දැක්වූ අපගේ වටිනා පාරිභෝගිකයන්ටත්, කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, අලෙවි නියෝජිත මහත්වරුන්ටත් ස්තූතිවන්ත වෙනවා.” කළමනාකාර අධ්‍යක්ෂ කීර්ති සිරිවර්ධන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *